1
00:00:02,000 --> 00:00:07,000


2
00:00:08,000 --> 00:00:13,000


3
00:00:27,666 --> 00:00:30,933
රිමෝට් එක කොහෙද?
රිමෝට් එක ඔතන තියෙද?

4
00:00:31,032 --> 00:00:32,992
දැන් සිට මාස 7ක්

5
00:00:35,953 --> 00:00:38,873
"Super Meat Boy"
Xbox සදහා නිකුත් කරන දිනය

6
00:00:47,840 --> 00:00:49,948
මොකක්ද වෙලා තියෙන්නේ?

7
00:00:50,306 --> 00:00:52,395
උඹල මාත් එක්ක විහිලු කරනවද?

8
00:00:53,151 --> 00:00:54,951
සිරාවටම උඹල මාත් එක්ක විහිලු කරනවද?

9
00:00:55,056 --> 00:00:56,932
මට ඕන තරම් තොරතුරු තියෙනවා...

10
00:00:57,224 --> 00:00:59,018
ඒක මෙතන නෑ.

11
00:00:59,351 --> 00:01:01,270
...මම දන්නවා අපේ නිකුත් කරන දිනයෙදි...

12
00:01:02,188 --> 00:01:03,314
ඒක කොහේ ද?

13
00:01:04,023 --> 00:01:05,691
...අපේ විශාලතම අලෙවි දිනය...

14
00:01:05,983 --> 00:01:07,568
ඒ මොන විකාරයක්ද!?!

15
00:01:07,635 --> 00:01:08,669
...ඒක...

16
00:01:08,986 --> 00:01:11,697
...අපිව කොහෙවත් පෙන්නලාවත් නෑ...

17
00:01:12,531 --> 00:01:15,468
මේ වෙද්දි මම දන්නවා,
අපේ නිකුත් කරන දිනයෙදි

18
00:01:15,493 --> 00:01:20,240
අපිට අනිත් හැමෝටම වඩා
නරක දෙයක් වෙන්නයි යන්නේ.

19
00:01:21,582 --> 00:01:26,087
ස්වාධීන වීඩියෝ ක්‍රීඩාව

20
00:01:31,133 --> 00:01:37,334
ඒකෙන් කොටසක් නම්,
වෘත්තීයමය වෙන්න උත්සාහ නොකිරීමයි.

21
00:01:37,389 --> 00:01:39,784
ගොඩක් අය ඉන්ඩි ගේම් හදනවා...

22
00:01:39,809 --> 00:01:41,869
...ලොකු සමාගමක් වගේ වෙන්න හදනවා.

23
00:01:41,894 --> 00:01:44,034
මොකක්ද ඒ සමාගම් කරන්නෙ...

24
00:01:44,063 --> 00:01:46,040
...එයාල හදනව සුපිරිම දේවල්...

25
00:01:46,065 --> 00:01:50,152
...පුලුවන් තරම් විශාල ප්‍රේක්ෂක පිරිසකට
දෙන්න පුලුවන් විදියෙ.

26
00:01:50,778 --> 00:01:53,422
ඒක කරන විදිය තමයි...

27
00:01:53,447 --> 00:01:55,841
...කොතනක හරි ගැටිත්තක් තියෙනව නම්
ඒව පුරවන එක.

28
00:01:55,866 --> 00:01:57,176
එතන තියෙන්නෙ තියුණු කොනක් නම්,

29
00:01:57,201 --> 00:02:00,346
මොනම දේකට මුහුන දුන්නත්,
ඒකෙන් කාටවත් අවුලක් නොවෙන්න ඕන.

30
00:02:00,371 --> 00:02:06,560
අන්න ඒ විදියෙ වාණිජ නිෂ්පාදනයක් හදන එක,
පුද්ගලික නිර්මාණයක් කරන එකේ තනිකරම අනික්පැත්ත!

31
00:02:06,585 --> 00:02:08,938
මම වීඩියෝ ගේම්ස් හදන්න තීරණය කරා...

32
00:02:08,963 --> 00:02:11,315
...ඒ වගේම මම වීඩියෝ ගේම්ස් හදනවා,
මොකද මට පුලුවන් නිසා.

33
00:02:11,340 --> 00:02:13,192
මම ප්‍රෝග්‍රෑමින් වලට මාරම දක්ෂයි.

34
00:02:13,217 --> 00:02:17,029
මට මාවම එලියට පෙන්නන්න පුලුවන් විදියෙ දෙයක්
තාමත් හදන්න පුලුවන්.

35
00:02:17,054 --> 00:02:19,740
හරියට මම ම ලියපු කතාවක් වගේ දෙයක්

36
00:02:19,765 --> 00:02:22,076
මට ඒක වීඩියෝ ගේම් එකක් විදියට හදන්න පුලුවන්.

37
00:02:22,101 --> 00:02:24,687
ඒ වගේම මට ඒකට
සම්පූර්ණ හැකියාව තියෙනවා.

38
00:02:25,437 --> 00:02:27,039
පුද්ගලික දේවල්...

39
00:02:27,064 --> 00:02:29,316
...ඒවට අඩුපාඩු තියෙනවා.
ඒ වගේම අවදානම් තියෙනවා.

40
00:02:29,608 --> 00:02:31,710
මට නම්, ගේම් කියන්නෙ,
සුපිරිම කලාවක්.

41
00:02:31,735 --> 00:02:33,671
ඒක තමයි සුපිරිම මාධ්‍ය

42
00:02:33,696 --> 00:02:37,758
ඒක තමයි හැම කාලෙකම
හැම ප්‍රකාශන මාධ්‍යයකම එකතුව

43
00:02:37,783 --> 00:02:39,009
...හොදට දැනෙන විදියට හදපු

44
00:02:39,034 --> 00:02:40,258
එහෙම නොවෙන්නෙ කොහොමද...

45
00:02:40,283 --> 00:02:41,403
ඒක සුපිරියි!

46
00:02:41,428 --> 00:02:42,555
මට ඒකෙ කොටසක් වෙන්න ඕන.

47
00:02:42,580 --> 00:02:45,583
මට කියන්න ඕනෙ,
වීඩියෝ ගේම්ස් වලට වෙන්නෙ මොකක්ද කියල.

48
00:02:45,875 --> 00:02:48,602
ඔයාට කාගෙහරි අඩුපාඩුවක් පේන්නෙ නැත්නම්...

49
00:02:48,627 --> 00:02:51,814
ඔයා එයාල එක්ක ගොඩක් දුරට
පුද්ගලිකව සම්බන්ධ වෙලා නැතුව ඇති.

50
00:02:51,839 --> 00:02:54,425
ගේම් ඩිසයින් වලදිත් ඒක එහෙමමයි.

51
00:02:54,717 --> 00:02:57,570
මගේ මුළු වෘත්තීය ජීවිතේම මම කලේ,
අලුත් ක්‍රම හොයන්න උත්සාහ කරපු එක...

52
00:02:57,595 --> 00:02:59,446
...මිනිස්සු එක්ක සන්නිවේදනය කරන්න.

53
00:02:59,471 --> 00:03:01,448
මොකද, මම මිනිස්සු එක්ක
සන්නිවේදනය කරන්න හරිම කැමතියි.

54
00:03:01,473 --> 00:03:03,742
හැබැයි මට අවුල් දේවල් කරන්න ඕනකමක් තිබුනෙ නෑ...

55
00:03:03,767 --> 00:03:05,161
...යාලුවො හදාගෙන එයාල එක්ක කතාකරන්න.

56
00:03:05,186 --> 00:03:06,520
මොකද මම ඒවාට කැමති නැතුව ඇති.

57
00:03:06,812 --> 00:03:09,165
ඔයා ගේම් එකක් හැදුවම,
ඒක දාන්නෙ ඔන්ලයින්.

58
00:03:09,190 --> 00:03:11,500
ඒ වගේම මිනිස්සු ඒකට කැමති වෙන්න පුලුවන්,
එහෙම නැති වෙන්නත් පුලුවන්.

59
00:03:11,525 --> 00:03:14,044
කොහොම වුනත් එයාලගෙ අදහස ඔයාට කියනවා.

60
00:03:14,069 --> 00:03:15,529
ඉතින් ඔයාට ඒ විදියෙ සංවාදයක් තියෙනව.

61
00:03:15,821 --> 00:03:17,923
මං හිතන්නෙ ලේඛකයො ලියන්නෙත් මේ නිසයි,

62
00:03:17,948 --> 00:03:19,300
මොකද එයාලට ඒක පුලුවන් නිසා.

63
00:03:19,325 --> 00:03:21,385
ඒක තමයි එයාලට එයාලව පෙන්නන්න පුලුවන්
හොදම විදිය.

64
00:03:21,410 --> 00:03:26,498
ඒ වගේ වීඩියෝ ගේම් තමයි
මට මාව පෙන්නන්න පුලුවන් හොදම විදිය.

65
00:03:26,854 --> 00:03:28,834
මම ඒක හැදුවෙ හරියට...

66
00:03:28,859 --> 00:03:32,328
මගේ ගැඹුරුම අඩුපාඩු
සහ අවදානම් අරගෙන...

67
00:03:32,353 --> 00:03:34,410
...ඒවා ගේම් එක ඇතුලට දැම්මා.

68
00:03:34,435 --> 00:03:37,685
බලමු මොකද වෙන්නේ කියලා.

69
00:03:45,100 --> 00:03:47,912
මේ පරම්පරාවේ ඉන්ඩි ගේම්
හදන අය එන්නෙ,

70
00:03:47,937 --> 00:03:50,122
ඒ වගේම මමත් ඇතුලුව,

71
00:03:50,147 --> 00:03:54,001
අපි තමයි වීඩියෝ ගේම් එක්ක
හැදී වැඩුණු පළවෙනි පරම්පරාව.

72
00:03:54,026 --> 00:03:57,529
හැබැයි නිතර මිලදී ගනිපු
අය නෙවෙයි.

73
00:03:57,988 --> 00:04:00,270
මමත් ඒ පරම්පරාවේ
කොටසක් වුණු නිසා...

74
00:04:00,324 --> 00:04:02,092
මටත් ඒකෙ අයිතියක් දැනෙනවා.

75
00:04:02,117 --> 00:04:03,761
ගේම් මගේ.

76
00:04:03,786 --> 00:04:08,390
1975 න් පසු; 1980 හෝ ඊට ආසන්න කාලයකදී
හැදී වැඩුණු ඕනෑම කෙනෙකුට...

77
00:04:08,415 --> 00:04:13,229
...අපි තමයි පළවෙනි පරම්පරාව,
අපේ දෙමව්පියන් අපිට ගේම් ගහන්න දීලා හැදුණු.

78
00:04:13,254 --> 00:04:16,232
...ඒක සාමන්‍යයි,
ඒ වගේම එදිනෙදා වැඩවල තිබුනු දෙයක්.

79
00:04:16,257 --> 00:04:18,108
මේක මට අසාමාන්‍ය ළමයෙකුගෙ වැඩක් නෙවෙයි.

80
00:04:18,133 --> 00:04:21,403
මේක අමුතු නීරස විනෝදාංශයක් නෙවෙයි.

81
00:04:21,428 --> 00:04:23,264
මේක මගේ ජීවිතේ කොටසක්.

82
00:04:23,555 --> 00:04:24,573
ප්‍රවණතාවක් තියෙනවා...

83
00:04:24,598 --> 00:04:26,951
...පසුගිය දශක කිහිපයේ ආව
ප්‍රධාන ධාරාවේ ගේම් වල...

84
00:04:26,976 --> 00:04:30,246
...හැම දෙයක්ම ලොකුවට,
ඒ වගේම ඇත්ත වගේම පේන්න හදපු.

85
00:04:30,271 --> 00:04:33,250
හැම දෙයක්ම 'වැඩි දියුණු'
කරන්න උත්සහ කරලා.

86
00:04:33,732 --> 00:04:35,501
ලොකු ගේම් වලට තවත් අරමුණු තියෙනවා.

87
00:04:35,526 --> 00:04:36,669
ඔයාටත් ඒකෙන් විනෝදයක් දෙන්න ඕන,

88
00:04:36,694 --> 00:04:39,442
ඒ වගේම තවත් මිනිස්සු මිලියන 10ක්
ගේම් ඒකට ගන්න ඕන.

89
00:04:39,467 --> 00:04:42,527
ඒත් ඉන්ඩි ගේම් වලදි,
බොහෝවිට එක්කෙනයි,

90
00:04:42,552 --> 00:04:45,261
එයා කියනවා:
මට ගේම් එක මේ විදියෙ වෙන්න ඕන.

91
00:04:45,286 --> 00:04:48,789
මට මේ ගේම් එකෙන්,
මෙන්න මේ දේ කියන්න ඕන.

92
00:04:49,123 --> 00:04:52,643
ස්වාධීන ගේම් කියන්නෙ,
කුඩා කණ්ඩායමක්...

93
00:04:52,668 --> 00:04:55,938
...නැත්නම් තනි කෙනෙක්,
තමන්ගෙ දැක්මක් අනුව හදපු දෙයක්.

94
00:04:55,963 --> 00:04:58,799
එයාලට කෝඩ් කරන්න, හදන්න හිතුනු දෙයක්.

95
00:04:59,508 --> 00:05:01,860
මේක කරන්න පුලුවන් වුනු
ප්‍රධානම හේතුව වුනේ...

96
00:05:01,885 --> 00:05:04,571
...ඩිජිටල් බෙදාහැරීමේ
සිදුවුණු දියුණුවයි.

97
00:05:04,596 --> 00:05:10,786
කලින් හැම ගේම් සමාගමකටම වඩා
සිල්ලර වෙළෙන්දන්ට විශාල බලයක් තිබුණා...

98
00:05:10,811 --> 00:05:14,179
මොකද එයාල හරහා තමයි ගේම් බෙදාහරින්න වුනේ.

99
00:05:14,204 --> 00:05:18,027
ඩිජිටල් විදියට ගේම් බෙදාහරින්න
කාටවත් ඕන වුනේ නෑ.

100
00:05:18,052 --> 00:05:20,321
මොකද එයාල බය වුනා WalMart එක තරහ වෙයි කියලා.

<font color="#9b9b9b" size="8"><i>(WalMart - අධි වෙළඳසැල් දාමයක් ක්‍රියාත්මක කරන ඇමරිකානු බහුජාතික සිල්ලර සංස්ථාවක්.)</i></font>

101
00:05:20,346 --> 00:05:23,115
එයාලගෙ ගේම් රාක්ක වලින් අයින් කරයි,
එහෙම වුනොත් මුකුත්ම විකිණෙන්නෙ නෑ කියල.

102
00:05:23,140 --> 00:05:25,912
හැබැයි Valve ඒක වෙනස් කලා, Steam එක එලිදැක්වීමත් එක්ක.
<font color="#d4d4d4" size="8"><i>(Valve - ඇමරිකානු වීඩියෝ ක්‍රීඩා සංවර්ධක, ප්‍රකාශක සහ ඩිජිටල් බෙදාහැරීමේ සමාගමකි.
Steam - Valve විසින් සංවර්ධනය කරන ලද ඩිජිටල් බෙදාහැරීමේ සේවාව සහ වෙළඳසැලකි.)</i></font>

103
00:05:25,937 --> 00:05:29,538
එයාලට සිල්ලර වෙළඳාම ගැන කිසිම කැමැත්තක් තිබුනෙ නෑ.
ඉතින් එයාල ඒක එය කළා.

104
00:05:29,563 --> 00:05:33,108
ඊට පස්සේ හැමෝම කිව්වා:
'හොඳයි, අපි Steam එක්ක තරග කරන්න වෙනවා' කියල

105
00:05:33,133 --> 00:05:36,742
ඊළගට වැඩේ පැතිරිලා ගියා:
XBox Live Arcade...

106
00:05:36,767 --> 00:05:38,172
...Playstation network...

107
00:05:38,197 --> 00:05:41,358
...ඒ වගේම WiiWare ඒක අනුගමනය කළා.

108
00:05:42,429 --> 00:05:46,780
2008 තමයි ඉන්ඩි ගේම්
'හොදට විකිණෙන්න' ගනිපු මුල්ම අවුරුද්ද

109
00:05:46,805 --> 00:05:49,456
මුලින්ම Audiosurf නිකුත්වුනා Steam එකට,

110
00:05:49,516 --> 00:05:51,076
ඊළගට Castle Crashers...

111
00:05:51,101 --> 00:05:53,162
...ඊට පස්සෙ Braid සහ World of Goo.

112
00:05:53,187 --> 00:05:55,998
2009, 2010 දි Osmos 'හොදට විකිණුනා'.

113
00:05:56,023 --> 00:06:00,961
ඊළගට Limbo ඇවිත් වාර්තා කැඩුවා.

114
00:06:00,986 --> 00:06:03,255
ඒ වගේම Minecraft ආවා-

115
00:06:03,280 --> 00:06:06,508
ඇත්තටම ඒක ගොඩක් කලින් ආවෙ,
හැබැයි මේකත් එක්ක ඒක ගොඩක් දියුණු වුනා...

116
00:06:06,533 --> 00:06:08,302
...ඒ වගේම කලින් වාර්තා කැඩුවා.

117
00:06:08,327 --> 00:06:09,678
'හොදට විකුණුනා' කියල
මෙතනදි අදහස් කලේ

118
00:06:09,703 --> 00:06:13,474
...ඩොලර් මිලියන ගණනක
ආදායමක් ඉපයුවා කියන එක.

119
00:06:13,499 --> 00:06:17,061
200ක් ඉන්න කණ්ඩායමක් එක්ක ගත්තම,

120
00:06:17,086 --> 00:06:19,772
...ඩොලර් මිලියනයක් කියන්නෙ ලොකු ගානක් නෙවෙයි.

121
00:06:19,797 --> 00:06:21,982
හැබැයි දෙතුන් දෙනෙක් ඉන්න පොඩි කණ්ඩායමකට...

122
00:06:22,007 --> 00:06:24,134
ඒක ඇත්තටම සැලකිය යුතු මුදලක්.

123
00:06:30,416 --> 00:06:32,322
<i>ආයුබෝවන්,
හැමෝම පිලිගන්නවා 'Elder Speak' වෙතට...</i>

124
00:06:32,347 --> 00:06:34,389
<i>ElderGeek.com එකෙහි
නිල පොඩ්කාස්ට් එකයි මේ...</i>

125
00:06:34,414 --> 00:06:36,397
<i>පුවත් සමග මාත් එක්ක ඉන්නවා 'ගාවින්'...</i>

126
00:06:36,422 --> 00:06:39,316
<i>ඒ වගේම විශේෂ අමුත්තන් විදියට ඉන්නවා,
'Team Meat' එකේ එඩ්මන්ඩ් සහ ටොමී.</i>

127
00:06:39,341 --> 00:06:41,113
<i>මෙයාල තමයි 'Super Meat Boy' හදන්නේ,</i>

128
00:06:41,138 --> 00:06:43,278
<i>ඉතින්, අපිත් එක්ක අද ඉන්නවා Team Meat...</i>

129
00:06:43,473 --> 00:06:44,186
<i>Team Meat</i>

130
00:06:44,238 --> 00:06:46,180
<i>'ඉන්ඩි සීන් එකේ' ඉන්න හැමෝම...</i>

131
00:06:46,205 --> 00:06:48,300
<i>...මේ ගැන උදම් අනනවා...</i>

132
00:06:48,325 --> 00:06:50,239
<i>Meat Boy එනවා!
Meat Boy එනවා!</i>

133
00:06:50,264 --> 00:06:51,537
<i>ඒක හැමතැනම.</i>

134
00:06:51,562 --> 00:06:53,664
<i>මේක තමයි අපේ ලොකුම සම්මුඛ සාකච්ඡාව!</i>

135
00:06:53,689 --> 00:06:55,332
<i>ජේ, ඔයා ගලක් යට
ජීවත් වෙලා තියෙනව නම්...</i>

136
00:06:55,624 --> 00:06:57,209
<i>...ගොඩක්ම අවදානය දිනාගනිපු...</i>

137
00:06:57,501 --> 00:07:00,963
<i>...ඒක සුපිරියි!
මට ඒක දකිනකල් ඉවසිල්ලක් නෑ...</i>

138
00:07:01,327 --> 00:07:04,942
මං හිතන්නෙ අපි දෙන්නම කතාකලා
අපි කැමති විදියේ Super Meat Boy ප්‍රවේශයක් ගැන...

139
00:07:04,967 --> 00:07:08,095
...අපේ අරමුණ වුනේ ගේම් එකක් හදන්න...

140
00:07:08,120 --> 00:07:12,241
...අපේම අවුරුදු 13ක ළමයි
ඒකෙ රසිකයෝ වෙන විදියෙ.

141
00:07:12,266 --> 00:07:16,145
<i>Super Meat Boy මාස 11 ක් තිස්සේ
හැදෙමින් පවතී.</i>

142
00:07:16,170 --> 00:07:18,497
මං දන්නවා, අවු.13 එඩ්මන්...

143
00:07:18,522 --> 00:07:20,816
...Meat Boy ගැන දැන් දැනගත්තොත්,

144
00:07:20,841 --> 00:07:22,024
එයා අපිව Twitter එකෙන් ෆලෝ කරාවි.

145
00:07:22,049 --> 00:07:23,944
එයා අපිට මාර කරදරයක් වෙයි...

146
00:07:23,969 --> 00:07:27,214
'හේයි, මට බිල්ඩ් එකක් ඕන!
මගේ නමත් 'Super Meat Boy Fan Boy'

147
00:07:27,239 --> 00:07:29,981
මං ඒක ලියාපදිංචි කළා.;
මම තාම ගේම් එක ගහලත් නෑ.

148
00:07:30,006 --> 00:07:32,081
මට ඩිමෝ එකක් දෙන්න පුලුවන්ද!?!
අනේ!!!

149
00:07:32,106 --> 00:07:36,807
මම නම් එහෙම වෙයි.
මොකද මේ ගේම් එක මට විශේෂයි.

150
00:07:36,832 --> 00:07:39,877
මං හිතන්නෙ ටොමී වුනත් ඒකම කියයි.

151
00:07:39,902 --> 00:07:43,338
මට ඕන වුනේ මේ වගේ ගේම් එකක් හදන්න...

152
00:07:43,363 --> 00:07:44,989
...ඉස්කෝලෙදි ළමයි පිස්සුවෙන් වගේ කතාකරන...

153
00:07:45,014 --> 00:07:50,429
...ඒ වගේම 'මේ ගේම් එක අරකට වඩා හොදයි'
කියල රණ්ඩු කරන විදියේ ගේම් එකක් හදන්න.

154
00:08:01,094 --> 00:08:02,458
මේක...

155
00:08:02,483 --> 00:08:04,149
මේක තමයි මගේ කාමරය...

156
00:08:04,174 --> 00:08:09,448
මම ළමයෙක් විදියට හැදුනු වැඩුනු.

157
00:08:09,473 --> 00:08:12,243
මේක...

158
00:08:12,268 --> 00:08:15,829
ඔව්... හැමදාටම මගේ කාමරේ වුනේ මේක.

159
00:08:16,121 --> 00:08:18,207
මං ළග 'Nintendo Power'
පෝස්ටර් ගොඩක් තියෙනවා

160
00:08:18,499 --> 00:08:20,501
ගොඩක් ඉස්සර ඒවා.

161
00:08:21,460 --> 00:08:24,046
ඔව්, මේ කාමරේ තමයි මගේ ළමා කාලය වුනේ.

162
00:08:24,338 --> 00:08:26,798
ඒ වගේම ඒකම තමයි
Super Meat Boy කියන්නෙත්.

163
00:08:27,090 --> 00:08:34,306
ඒක හරියට, වැඩිහිටි පිරිමි දෙන්නෙක්
මගෙයි, එඩ්මන්ගෙයි ළමා කාලය ගැන ගේම් එකක් හැදුවා වගේ.

164
00:08:35,682 --> 00:08:40,050
Super Meat Boy කියන්නෙ ඉදිරියේදී
PC වගේම console වලට එන ගේම් එකක්...

165
00:08:40,075 --> 00:08:42,094
ෆ්ලෑෂ් ගේම් එකක් මූලික කරගෙන තමයි හදල තියෙන්නෙ.

166
00:08:42,119 --> 00:08:47,619
මේ ගොඩක් අමාරු ෆ්ලෑෂ් ගේම් එක
මාරම විදියට ජනප්‍රිය වුනා.

167
00:08:47,644 --> 00:08:51,740
එක්තරා විදියකට බැලුවොත්
ඒක ගොඩක් සාම්ප්‍රධායික ගේම් එකක් වගේ.

168
00:08:51,765 --> 00:08:54,676
ඒක හැමෝම දන්න
'Platformer'  වර්ගයේ ගේම් එකක්.

169
00:08:54,701 --> 00:08:56,876
හැබැයි ඒකෙ art style එක විශේෂයි.

170
00:08:56,901 --> 00:08:59,831
ඒ වගේම අමුතු තේමාවක් තමයි තියෙන්නෙ.

171
00:09:00,342 --> 00:09:04,542
Super Meat Boy කියන්නෙ
පරණ තාලෙ Platformer ගේම් එකක්.

172
00:09:04,567 --> 00:09:07,589
ඔයාට සෙල්ලම් කරන්න වෙන්නෙ
හමක් නැති කොල්ලෙක් විදියට.

173
00:09:07,676 --> 00:09:10,108
හරියටම කිව්වොත්,
මස් වලින් විතරයි හැදිල තියෙන්නෙ.

174
00:09:10,133 --> 00:09:13,512
කෙල්ල හැදිල තියෙන්නෙ බැන්ඩේජ් වලින්...
කොල්ලා, එයාගෙ කෙල්ල බේරගන්න හදනවා,

175
00:09:13,537 --> 00:09:17,658
වීදුරුවක් ඇතුලෙ ඉන්න
නපුරු ඩොක්ටර් කෙනෙක්ගෙන්...

176
00:09:17,683 --> 00:09:20,870
ඌ කෝට් එකක් ඇදල, තොප්පියක් දාල,
එක ඇහැකට කාචයක් දාල  ඉන්නෙ.

177
00:09:22,070 --> 00:09:27,401
මුල් කාලෙ,
ඉස්කෝලෙ කාලෙ ගැන කිව්වොත්...

178
00:09:27,693 --> 00:09:31,154
හැමදෙයක්ම වුනේ 'Mega Man', 'Mario'
සහ 'Metroid'

179
00:09:31,291 --> 00:09:33,238
පරණ, ඒ වගේම ගොඩක් අමාරු ගේම්.

180
00:09:33,305 --> 00:09:34,505
මේ ගේම් ගත්තොත්,

181
00:09:34,533 --> 00:09:36,291
මේ බිත්තියේ තියෙන හැම ගේම් එකක්ම...

182
00:09:36,338 --> 00:09:38,036
'F Zero' අමාරුයි.

183
00:09:38,111 --> 00:09:42,499
'Mega Man' ගොඩක් අමාරුයි.
'Spy Hunter' පට්ටම අමාරුයි.

184
00:09:42,784 --> 00:09:46,349
Super Meat Boy හදද්දි,
අපිට ඕන දෙයක් කරන්න පුළුවන්.

185
00:09:46,589 --> 00:09:49,131
අපිට ප්‍රකාශකයෙක්වත්
ආයෝජකයින්වත් හිටියෙ නෑ.

186
00:09:49,229 --> 00:09:50,542
ඉතින් අපි කාටවත් උත්තර දෙන්න ඕන නෑ.

187
00:09:50,622 --> 00:09:54,678
ඒ ගැන ගොඩක් දේවල් ගේම් එකෙත් තිබ්බා.
අපිට ගොඩක් දේවල් වලින් ඈත්වෙන්න පුලුවන් වුනා.

188
00:09:54,788 --> 00:09:57,512
අපිට ඩොක්ටර් ෆෙටස්ගෙ
මැද ඇගිල්ල පෙන්නන්න පුලුවන්.

189
00:09:57,546 --> 00:10:01,602
මොකද එයාට තියෙන්නෙ ඇගිලි 3යි.
එහෙම බැලුවොත් ඒක මැද ඇගිල්ල නෙවෙයි.

190
00:10:01,893 --> 00:10:04,980
අපිට අපි කැමති ඕනම විදියක
විහිලුවක්, අනුකරණයක් කරන්න පුලුවන්.

191
00:10:05,272 --> 00:10:08,835
අපි අනුකරණය කරල තියෙනවා 'Street Fighter'
සහ 'Castlevania'...

192
00:10:09,202 --> 00:10:13,905
'Mega Man' intros
'Bubble Bobble'

193
00:10:14,063 --> 00:10:16,946
'Super Meat Boy' මාස 7 කින්
Xbox සදහා නිකුත් වේ.

194
00:10:16,971 --> 00:10:21,079
මිනිස්සු දැනගන්න කැමතියි:
ගේම් එක සැලකිය යුතු එකක් වෙයිද?

195
00:10:21,371 --> 00:10:24,207
නැත්නම් ඒකෙ තියෙන විශේෂත්වය
චරිතය විතරක්ද?

196
00:10:24,243 --> 00:10:31,673
ගොඩක් අය හිතන්නේ ඒක
Castle Crashers වගේ වෙයි කියලා

197
00:10:31,912 --> 00:10:35,510
2008 දී, 'Castle Crashers' සහ 'Braid' තමයි...

198
00:10:35,802 --> 00:10:39,431
මිනිස්සුන්ට දැනෙන්න සැලැස්සුවෙ:
'අහ්, මට මගේ Xbox එකට ගේම්ස් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.'

199
00:10:39,723 --> 00:10:44,936
මිනිස්සු බලාපොරොත්තු වුනා මේක තමයි
'XBLA' වල තියෙන ලොකුම දේ කියල.

200
00:10:46,227 --> 00:10:49,540
ඒක එලියට එන තාක් කල්,
ඒ වගේම ඒක නිසා මොනවහරි වුනොත්

201
00:10:49,627 --> 00:10:53,612
ඊළග අවුරුදු 2ට ඒකෙන්
$ 20,000ක් වත් හොයන්න පුලුවන් වුනොත්...

202
00:10:53,743 --> 00:10:55,490
ඊළග ගේම් එක හදන්න
මට ඒ ඇති...

203
00:10:55,515 --> 00:10:58,116
මම ජීවත් වෙන විදිය බලපුවාම.

204
00:10:58,408 --> 00:11:01,453
ඒ වගේම මට ඒක කරන්න වෙනවා, මොකද...

205
00:11:01,745 --> 00:11:05,791
මම 'EA' එකේ හරි 'Epic' එකේ හරි
වැඩට යන්නෙ නම් නෑ.

206
00:11:06,875 --> 00:11:09,419
ඒක භයානකයි.
මට නම් ඒක අපායක් වගේ.

207
00:11:09,711 --> 00:11:12,464
ඉතින් ඒක එළියට ආවට පස්සෙ,
මිනිස්සු ඒකට කැමති වුනේ නැතොත්,

208
00:11:12,756 --> 00:11:14,257
මිනිස්සු ඒකට වෛර කලොත්,

209
00:11:14,549 --> 00:11:16,968
ඒ වගේම ඒකෙ මෙටාක්‍රිටික් ලකුණ
20ක් වගේ වුනොත්,

210
00:11:17,260 --> 00:11:20,514
හැමෝම හිතුවොත් ඒක හරි නෑ කියල...

211
00:11:21,765 --> 00:11:23,642
ඒකෙන් ඇත්තටම වෙනසක් වෙන්නෙ නෑ!
මොකද...

212
00:11:23,934 --> 00:11:27,062
ඒක  මිනිස්සුන්ට සල්ලි දීල ගන්න පුලුවන්
ගේම් එකක් වුනත්,

213
00:11:27,354 --> 00:11:30,649
ඒක 'මිනිස්සු වෙනුවෙන්' හදපු
ගේම් එකක් නෙවෙයි.

214
00:11:30,941 --> 00:11:32,401
මං ඒක හැදුවෙ මටම.

215
00:11:32,693 --> 00:11:35,278
එඩ් සහ මම ඒක අපි ගැනම
කියවෙන දෙයක් විදියට හැදුවෙ.

216
00:11:35,570 --> 00:11:40,283
අපිට ඒක පුලුවන්තරම් විනෝදජනක
කරන්නයි ඕන වුනේ.

217
00:11:40,333 --> 00:11:45,163
මොකක් වුනත්, මිනිස්සුන්ට ඕන
'Modern Warfare' හරි, 'Halo Reach' හරි නම්...

218
00:11:45,455 --> 00:11:48,125
...ඒක හොඳයි, මොකද මම හිතන්නේ
ඒ ගේම් ජරාවක්.

219
00:11:48,150 --> 00:11:50,887
මිනිස්සුන්ට ඕන ඒක නම්,
එහෙනම් එයාලට මගේ ගේම් ඕන නෑ.

220
00:11:50,912 --> 00:11:53,820
මොකද මම ජරා ගේම් හදල නැහැ.

221
00:11:58,927 --> 00:12:01,138
ඔයා ඉන්ඩි ගේම් ගැන හොයනව නම්...

222
00:12:01,430 --> 00:12:02,848
දුර ඉදන් වුනත්

223
00:12:03,140 --> 00:12:07,269
'FEZ' කියන ගේම් එක ගැන ඔයා
ටික කාලෙක ඉදන්වත් අහල ඇති.

224
00:12:07,561 --> 00:12:09,646
හදන්න අවුරුදු ගානක් ගියා.

225
00:12:09,938 --> 00:12:12,983
<i>FEZ පසුගිය වසර 3 තුළ සංවර්ධනය වෙමින් පවතී.</i>

226
00:12:13,275 --> 00:12:16,611
FEZ අමතක නොවේවි,
එක්කෝ ඒකෙ නිකුත් කිරීමේදි,

227
00:12:16,903 --> 00:12:19,271
එහෙම නැත්නම් කවදාවත් එලියට එන්නෙ නැති
එකක් විදියට.

228
00:12:19,296 --> 00:12:22,451
<i>ජයග්‍රාහකයා වන්නේ...</i>

229
00:12:24,411 --> 00:12:25,662
<i>FEZ!</i>

230
00:12:25,954 --> 00:12:28,790
ඉතින් FEZ,  IGF එකේදි සම්මානයක් දිනා ගත්තා....

231
00:12:29,082 --> 00:12:33,503
ඒක ඉවර කරල තිබුනෙත් නෑ.
ජයග්‍රහනය පිටිපස්සෙ තිබුනෙ පොඩි ඩෙමෝ එකක්

232
00:12:33,920 --> 00:12:36,923
<i>"පැහැදිලි නිල් අහසේ...</i>

233
00:12:36,948 --> 00:12:38,925
<i>සම්මාන උළෙලක්"</i>

234
00:12:39,057 --> 00:12:44,264
සතියක් ඇතුලත, මම දැක්ක ඒක
හැම ප්‍රධාන වෙබ් අඩවියකම තියෙනවා.

235
00:12:44,556 --> 00:12:47,684
මගේ නම ෆිල්.
මම ස්වාධීනව ගේම් හදන කෙනෙක්.

236
00:12:47,709 --> 00:12:51,313
ඒක ගොඩක්ම මේ පොඩි 2D මිනිහා ගැන.
2D ලෝකයක ජීවත් වෙන කෙනෙක්,

237
00:12:51,338 --> 00:12:53,622
ඊට පස්සේ දවසක එයාට තේරෙනවා
මේ ලෝකය 3D කියලා.

238
00:12:53,840 --> 00:12:59,988
කැනේඩියානු රජයෙන් ලැබුණු ප්‍රදානයක් එක්ක
තනියම මේ ගේම් එක හදන ෆිල්,

239
00:13:00,013 --> 00:13:02,177
හදිසියේම ඉන්ඩි ගේම් තරුවක් විදියට
ජනප්‍රිය වෙනවා.

240
00:13:02,202 --> 00:13:04,267
මේක නම් නියමයි.

241
00:13:06,294 --> 00:13:09,956
ෆිල් කියුබිස්ට් සිතුවමක් ඇඳගෙන, FEZ එක්ක
ඒකෙ ඇවිදින්න උත්සාහ කරනවා.

242
00:13:10,248 --> 00:13:12,375
ඒක තමයි FEZ කියන්නේ

243
00:13:12,667 --> 00:13:15,086
ඔයා කියුබිස්ට් සිතුවමක් වටේ ඇවිදිනවා.

244
00:13:15,378 --> 00:13:18,006
ද්විමාන චරිතයක්, හැබැයි
ත්‍රිමාණව කැරකෙන ලෝකයක්.

245
00:13:18,298 --> 00:13:21,885
ඕනම වෙලාවක,
ඔයා දකින්නේ ඒ ලෝකයේ එක් පැත්තක් විතරයි.

246
00:13:24,304 --> 00:13:28,517
හැමෝම කෑ ගහනවා.
එයාලට ගේම් එක බලන්න ඕන.

247
00:13:28,809 --> 00:13:31,686
"අපිට කවද්ද ගේම් එක ලැබෙන්නේ..."
"අපිට කවද්ද ගේම් එක ගහන්න පුළුවන්..."

248
00:13:31,978 --> 00:13:35,732
ගේම් එක ලැබෙන්නෙ කවදද? කොහේද? කොහොමද?
කියන එක ගැන ගොඩක් අනුමාන තිබුණා.

249
00:13:36,024 --> 00:13:37,984
මේ ගේම් එක කවදා හරි එළියට ඒවිද?

250
00:13:40,362 --> 00:13:44,074
දෙවියන්ගේ නාමෙට ගේම් එක හදල
ඉවර කරන්න!

251
00:13:45,158 --> 00:13:46,576
මම ඒක හදන ගමන්.

252
00:13:46,601 --> 00:13:48,620
මට පුලුවන් උපරිමයෙන්ම.
හැම තිස්සෙම.

253
00:13:48,798 --> 00:13:52,592
"ඇයි ඒකට එච්චර කල් ගන්නේ?"
"මොන @#$ක්ද ෆිල් උඹ කරන්නෙ?"

254
00:13:53,890 --> 00:13:55,919
මම මෙතන මට පුලුවන් උපරිමයෙන්ම කරනවා!

255
00:13:55,944 --> 00:13:59,464
මට ඇහෙන්නෙ නෑ මිනිස්සු බැන බැන ඉන්නවා
Valve එක ගැන -

256
00:13:59,544 --> 00:14:02,133
Valve එකේ Episode 3 එක ගැන
එයාල බනිනවා,

257
00:14:02,171 --> 00:14:03,760
ඒත් FEZ තරම් නෙවේ!!

258
00:14:04,052 --> 00:14:06,471
ඒ වගේම එතන මිනිස්සු
සිය ගානක් වැඩ කරනවා.

259
00:14:06,888 --> 00:14:08,223
ICO හදන්න අවුරුදු 5ක් ගියා...

260
00:14:08,515 --> 00:14:11,268
Red Dead Redemption:
මිනිස්සු දහස් ගානක්. අවුරුදු 5ක්.

261
00:14:11,560 --> 00:14:13,228
GTA4:
මිනිස්සු දහස් ගානක්. අවුරුදු 5ක්.

262
00:14:13,273 --> 00:14:15,564
කවුරුවත් ඒවට බනින්නෙ නෑ-
මිනිස්සු දහස් ගානක්!!

263
00:14:15,699 --> 00:14:17,023
මෙතන අපි දෙන්නෙක් විතරයි.

264
00:14:17,048 --> 00:14:19,192
"ඒකට ගොඩක් කල් යනවා."

265
00:14:19,568 --> 00:14:20,402
@#$!

266
00:14:20,694 --> 00:14:22,445
@#$!

267
00:14:22,779 --> 00:14:24,656
ඒක මට ඇත්තටම තේරෙනවා.

268
00:14:24,698 --> 00:14:27,951
මම හිතන්නේ, ඒක තමයි
ඔයා ඉන්ඩි ගේම් හදන කෙනෙක් වෙන්න ගෙවන මිල.

269
00:14:28,243 --> 00:14:33,665
ඒ වගේම ගේම් එක හදන එකම කෙනා
වීම නිසා,

270
00:14:33,957 --> 00:14:37,711
ඔයාට මේ වගේ පුද්ගලික ප්‍රහාරවලට
විවෘත වෙන්න වෙනවා.

271
00:14:38,003 --> 00:14:40,672
ඒක... මං දන්නෑ...

272
00:14:40,964 --> 00:14:45,135
ඒක, ඉන්ඩි ගේම් හදන කෙනෙක් වෙන්න සිහින දකිද්දි,
මම බලාපොරොත්තු වුන දෙයක් නෙවෙයි.

273
00:14:45,427 --> 00:14:53,310
මේ බූරු ඔන්ලයින් හමුදාවට බැහැ මගේ ජීවිතේ විනාස කරන්න,
ඒත් ඒ දේවල් නිසා...

274
00:14:54,811 --> 00:14:57,480
... මට මේක රස විඳින්න අමාරුයි.

275
00:15:04,613 --> 00:15:07,490
ඒ වගේම ඒක සංකීර්ණ ගේම් එකක්.

276
00:15:07,782 --> 00:15:10,911
ඒක හරියට බොරු බලාපොරොත්තු ගොඩක් වගේ,

277
00:15:11,202 --> 00:15:13,914
මගේ පළවෙනි ඉන්ඩි ගේම් එක විදියට.

278
00:15:14,205 --> 00:15:16,541
ඒක සුපිරි වැරැද්දක්.

279
00:15:16,833 --> 00:15:18,835
ඒක හදනවා කියලා
අපිට තේරුණේ නැහැ.

280
00:15:19,127 --> 00:15:20,962
අපි හිතුවේ ඒකට අවුරුද්දක් යයි කියලා.

281
00:15:21,254 --> 00:15:23,632
ඒක සරල ගේම් එකක් වෙයි කියලයි හිතුවෙ.

282
00:15:23,924 --> 00:15:27,052
ඒ වගේම ඒක සෑහෙන්න වතාවක්
සම්පූර්ණයෙන්ම වෙනස් ගේම් එකක් වුනා.

283
00:15:39,814 --> 00:15:41,399
මගේ නම රෙනෝඩ්.

284
00:15:41,691 --> 00:15:44,252
මම තමයි මුල ඉඳන්ම
FEZ වල ප්‍රෝග්‍රෑමින් කලේ,

285
00:15:44,277 --> 00:15:46,655
අවුරුදු තුනකට කලින් ඉඳන්.

286
00:15:46,947 --> 00:15:50,408
දවසින් දවස, කෝඩ් කරනවා,
අලුත් දේවල් එකතු කරනවා, දෝෂ හදනවා.

287
00:15:50,433 --> 00:15:51,264
ඒක තමයි මම කරන්නේ.

288
00:15:51,289 --> 00:15:54,329
මට මගේ ඇතුළෙන්ම ලොකු
පීඩනයක් තියෙනවා...

289
00:15:54,354 --> 00:15:56,748
මෙච්චර කාලයක් කරගෙන ආපු දේ
අවසානයක් දකින්න.

290
00:15:56,773 --> 00:16:00,085
ඒ වගේම ගොඩක් අය ඒක ඇත්තටම හොදට තියෙයි
කියලා බලාපොරොත්තු වෙනවා.

291
00:16:00,110 --> 00:16:01,895
අපි පෙන්නුවට වඩා
ලොකු දෙයක් බලාපොරොත්තු වෙනවා,

292
00:16:01,920 --> 00:16:04,648
මොකද, දෙයක් පෙන්නපු හැම වෙලාවකම,
අපි කිව්වෙ: 'අහ්, ඒක පොඩි දෙයක්'.

293
00:16:04,673 --> 00:16:06,091
'ඒක පොඩි කෑල්ලක් විතරයි'

294
00:16:06,116 --> 00:16:07,860
'ඔයාලට බලාගන්න පුලුවන් ඒක කොච්චර සුපිරිද කියලා'

295
00:16:08,009 --> 00:16:11,513
මට නම්, පිට ලෝකෙ පීඩනයට වඩා
මගේ ඇතුලතින් ආව පීඩනය වැඩියි.

296
00:16:11,805 --> 00:16:14,724
මට මේක ඇත්තටම ඉවර කරන්න ඕන.

297
00:16:14,749 --> 00:16:18,353
ඒක ඉගෙනීමේ අත්දැකීමක්.

298
00:16:18,645 --> 00:16:23,900
මම කලින් ගේම් හදලා තියෙනවා.
ඒත් කවදාවත් සම්පූර්ණ එකක් හදලා නෑ...

299
00:16:24,192 --> 00:16:27,195
විකුණන්න,,,
ඇත්තම තැනක,,,

300
00:16:27,487 --> 00:16:30,865
Microsoft එක්ක.
මම කවදාවත් එහෙම කරලා නැහැ.

301
00:16:31,157 --> 00:16:33,243
ඒක භයානකයි.

302
00:16:33,535 --> 00:16:35,954
ඒක සිරාවටම භයානකයි.

303
00:16:36,246 --> 00:16:39,833
විශේෂයෙන් ඔයාට අරමුදල් නැතිවුනාම,
එහෙම නැත්නම් ඒ වගේ දෙයක්

304
00:16:39,975 --> 00:16:43,211
එතන ආරක්ෂිත දැලක් නැහැ.

305
00:16:43,236 --> 00:16:45,618
ආපසු හරවන්න පුලුවන් කිසිම දෙයක් නෑ.

306
00:16:45,938 --> 00:16:51,845
හැම දෙයක්ම කඩා වැටෙන්න පුලුවන් කියන තර්ජනය
හැම වෙලාවෙම තියෙනවා.

307
00:16:52,470 --> 00:16:55,557
<i>FEZ දැන් 2011 දී
නිකුත් කිරීමට නියමිතය.</i>

308
00:16:55,849 --> 00:16:58,018
<i>තව මාස 13යි.</i>

309
00:17:16,786 --> 00:17:21,124
ගේම් එක හදන එක ගොඩක් අමාරු වුනා.

310
00:17:21,164 --> 00:17:23,251
හැබැයි වෙන විදියකින් ගත්තොත්,
ඒක එච්චර අමාරු වුනේ නෑ...

311
00:17:23,276 --> 00:17:27,125
... මම එච්චර කල් කරමින් හිටපු
දේවල් එක්ක ගත්තම.

312
00:17:27,150 --> 00:17:31,634
ගේම් වලදී මට කරන්න ඕන දේ ගැන
ගොඩක් ලොකු අදහස් තියෙනවා.

313
00:17:31,659 --> 00:17:35,680
ඒත් ඒ කිසි දෙයක්
මම ඉවර කරල තිබුනෙ නෑ.

314
00:17:36,006 --> 00:17:38,473
<i>ජොනතන් අවුරුදු 22ක් තිස්සේ ගේම් හදනවා.</i>

315
00:17:38,498 --> 00:17:42,520
මම හිතන්නේ කෙනෙක් වයසට යද්දි
ඒක රටාවක් වෙනවා.

316
00:17:42,812 --> 00:17:45,079
ඒක ටිකක් අධෛර්යමත් කරනවා.

317
00:17:45,104 --> 00:17:47,166
ඔයා දේවල් දිහා බලලා කියන්න ගන්නවා:

318
00:17:47,191 --> 00:17:51,863
"සමහරවිට මම කවදාවත්
මම හිතපු දේවල් කරන එකක් නැහැ."

319
00:17:51,888 --> 00:17:55,821
දවසක මම මටම කිව්වා:
මම ඇත්තටම දෙයක් ඉවර කරන්න යනවා.

320
00:17:55,846 --> 00:17:58,369
ඒක තමයි 'Braid' වුනේ.

321
00:17:58,448 --> 00:18:00,830
ඒකට අවුරුදු 3ක් ගියා,
ඒත් මම ඒක ඉවර කලා.

322
00:18:02,741 --> 00:18:06,169
විශාලතම සාර්ථකත්වයක් ලැබුනු ගේම්
වලින් එකක් තමයි Braid.

323
00:18:06,461 --> 00:18:08,630
Braid කියන්නෙ සිත්ගන්නාසුළු ගේම් එකක්

324
00:18:08,655 --> 00:18:11,600
ඒක මේ තරම් සාර්ථක වීම
ගැන මම පුදුම වුණා.

325
00:18:11,627 --> 00:18:14,886
ඉන්ඩි ගේම් හදන අය අතර
ඒක ගොඩක් ජනප්‍රියයි.

326
00:18:14,911 --> 00:18:16,930
ඒ වගේම මේකෙන් ජොනතන්ට
ගොඩක් සල්ලි ගලාගෙන ආවා.

327
00:18:16,955 --> 00:18:20,725
ඒක හරිම අමුතු ගේම් එකක්,
ගොඩක් අයට ඒකේ තේරුම හරියටම විශ්වාස නෑ.

328
00:18:20,937 --> 00:18:27,770
කවුරුවත් මීට කලින් "කාලය" එක්ක මේ වගේ දෙයක් කරපු
Braid වගේ ගේම් එකක් ගහල තිබුනෙ නෑ.

329
00:18:28,043 --> 00:18:34,378
ඇත්තටම Braid ප්‍රසිද්ධ වෙන්න හේතුව
'ආපසු හැරවීමේ' ක්‍රමය.

330
00:18:34,403 --> 00:18:37,575
පැහැදිලිවම, ගේම් එක පැත්තෙන් බලද්දි
ඒක ගොඩක් විනෝදජනක‍යි.

331
00:18:37,867 --> 00:18:41,287
ඒත් ඒකට වෙනස් අර්ථකථනයකුත් තිබුනා.

332
00:18:41,579 --> 00:18:44,749
ඒකෙන් මේ අමුතු,
අපිළිවෙල ආදර කතාවක් කියනවා,

333
00:18:44,774 --> 00:18:46,380
ඒක සාමාන්‍යයෙන් ගේම් එකක ඔයා
දකින විදියෙ දෙයක් නෙවේ.

334
00:18:46,405 --> 00:18:48,586
ඒක මේ පොඩි කඩවසම් කොල්ලා ගැන.

335
00:18:48,672 --> 00:18:50,259
එයා මට හැමවෙලේම පේන්නේ කඩවසම් මිනිහෙක් වගේ.

336
00:18:50,305 --> 00:18:54,342
එයාගෙ මොකක්දෝ නැතිවෙලා, එයා ඒක
එයාගෙ මතක අතර හොයනවා.

337
00:18:54,367 --> 00:18:56,126
ඉස්සරහට යද්දි වෙනස තේරෙනවා.

338
00:18:56,151 --> 00:19:01,057
ප්‍රබන්ධ ලෝකයයි,
ගේම් එක ඇතුලෙ ලෝකයේ යාන්ත්‍රනයි,

339
00:19:01,177 --> 00:19:05,228
ඒ දෙක ගොඩක් හොදට
එකට වැඩකරනවා.

340
00:19:05,812 --> 00:19:11,652
ඉතින් Braid වෙනස් අදහස්
කිහිපයක් එකතු වෙලා එළියට ආවා.

341
00:19:11,677 --> 00:19:15,321
මම යාළුවෝ කීප දෙනෙක් එක්ක තැපැල් ලැයිස්තුවක හිටියා.
ඒ වගේම එක යාළුවෙක්...

342
00:19:15,504 --> 00:19:18,950
'Prince of Persia: Sands of Time'
ගේම් එක ගැන කතාකලා.

343
00:19:19,242 --> 00:19:23,329
ඒ වගේම ඒකෙ තිබුනා
කාලය 'ආපසු හැරවීමේ' ක්‍රමයක්.

344
00:19:23,621 --> 00:19:27,417
හැබැයි ඒක සීමිතයි.
වාර කීපයක් විතරයි කරන්න පුලුවන්.

345
00:19:27,442 --> 00:19:32,338
වාර ගාන ඉවර වුනාට පස්සෙ, ඔයා මැරෙනවා.
ආයෙ 'ආපසු හරවන්න' බෑ.

346
00:19:32,363 --> 00:19:37,051
ඔයාට ආයෙ මුල ඉදන් ගහන්න වෙනවා.
ඒක එපාකරපු වැඩක්.

347
00:19:37,343 --> 00:19:40,889
ඉතින් මගේ යාළුවෙක් ඇහුවා:
ඇයි ඒක VCR එකක් වගේ කරන්නේ නැත්තේ?
<font color="#d4d4d4" size="8"><i>(VCR - වීඩියෝ කැසට් රෙකෝඩර් ) </i></font>

348
00:19:40,914 --> 00:19:42,412
එතකොට ඕනම වෙලාවක ආපහු හරවන්න පුලුවන්නෙ.

349
00:19:42,437 --> 00:19:45,238
ඒත් කලින් කවුරුවත් ඒක කරලා තිබුණෙ නෑ.

350
00:19:45,278 --> 00:19:48,062
ඉතින් මම කිව්වා:
හරි, මට හිතෙනවා කරලා බලන්න.'

351
00:19:48,087 --> 00:19:51,107
'මං මේ අදහස අරන්
මේ ගේම් එක හදන්නම්'

352
00:19:51,132 --> 00:19:53,211
මම සතියක් විතර ගේම් එකේ වැඩ කලා.

353
00:19:53,236 --> 00:19:56,613
ඒ වගේම මට ගේම් එකේ මූලාකෘතියක් හදන්න පුලුවන් වුණා.

354
00:19:56,905 --> 00:20:00,867
ඒක ඇත්තටම පුදුමයි.

355
00:20:00,892 --> 00:20:03,536
ඔයා මූලාකෘතිය දිහා බලලා,
ඉවර කරපු ගේම් එක දිහා බැලුවොත්,

356
00:20:03,561 --> 00:20:07,207
පෙනේවි අන්තිම ගේම් එකේ තියෙන ගොඩක් අදහස්
ඇවිත් තියෙන්නෙ මූලාකෘතියෙන් කියලා.

357
00:20:07,232 --> 00:20:10,126
ඉතින් මම පළවෙනි ලෝක තුන හැදුවා.

358
00:20:10,293 --> 00:20:12,795
මං අදහස් කලේ සම්පූර්ණෙන්ම හැදුවා කියල නෙවෙයි.

359
00:20:12,880 --> 00:20:14,813
හැබැයි ගේම් එකේ යාන්ත්‍රන එතන තිබුණා.

360
00:20:14,838 --> 00:20:18,384
ආපසු හරවන එක සහ
ආපසු හරවන්න බැරි දේවල් හැදුවා,

361
00:20:18,676 --> 00:20:20,845
කාලය සහ අවකාශය
එකට බැඳල තියන්න එක,

362
00:20:21,137 --> 00:20:22,896
ඔයා චලනය වෙද්දි කාලය වෙනස් වෙනවා,

363
00:20:23,002 --> 00:20:25,558
මට ප්‍රහේලිකා ගණනාවක් තිබුණා.

364
00:20:25,669 --> 00:20:31,522
බොහෝ විට ඒවගෙන් බාගයක් විතර,
අවසාන ගේම් එකේ බලාගන්න පුලුවන්.

365
00:20:32,264 --> 00:20:36,653
හදපු ලෝකෙ ඇතුලෙ රසවත් දෙයක් කරන්න පුලුවන් වුනු නිසා
මගේ පැත්තෙන් ඒකට ලොකු මහන්සියක් නෑ.

366
00:20:36,678 --> 00:20:37,886
මම ඉදියෙ 'වාව්' කියාගෙනම

367
00:20:37,911 --> 00:20:40,782
ඒක පටන් ගත්තෙ අත්හදා බැලීමක් විදියට.

368
00:20:40,807 --> 00:20:44,285
ඒත් පස්සෙදි ඒක හොයාගෙන යන්න ඕන දෙයක් වුනා.

369
00:20:44,310 --> 00:20:46,663
හරියට රන් ආකරයක් උඩ ඉඳගෙන ඉන්නවා වගේ.

370
00:20:46,688 --> 00:20:48,054
හැබැයි ඒක හාරන්නවත් ඕන නෑ.

371
00:20:48,079 --> 00:20:52,210
ඔයාට තියෙන්නෙ මඩ ටික එහා මෙහා කරන්න විතරයි,
එතන රත්තරන් කෑල්ලක් තියෙනවා.

372
00:20:52,235 --> 00:20:53,882
ඊලගට ඔයා තව ටිකක් හොයලා බලන්නවා,

373
00:20:53,907 --> 00:21:00,802
අමාරුම කොටස වුනේ මෙන්න මේ
බර රත්තරන් කෑලි එකතු කරගන්න එක.

374
00:21:01,094 --> 00:21:04,264
ඉතින් ඒක
සුපිරි නිර්මාණ අත්දැකීමක්.

375
00:21:04,445 --> 00:21:10,608
<i>Braid කියන්නෙ අදටත් හොදම ප්‍රතිචාර තියෙන
 ගේම් වලින් එකක්.</i>

376
00:21:24,098 --> 00:21:31,114
ගොඩක් වෙලාවට, ටොමී ඉන්නේ උතුරු කැරොලිනාවේ.
දුරස්ථව වැඩ කරනවා.

377
00:21:31,139 --> 00:21:33,572
මම මෙතන මගේ පරිගණකයෙන් වැඩ කරනවා.

378
00:21:33,926 --> 00:21:36,114
මේ ගේම් එක හැදුනු විදිය...

379
00:21:36,139 --> 00:21:38,540
මම හදපු අනෙක් ගේම් වලට වඩා
ගොඩක් වෙනස්..

380
00:21:38,565 --> 00:21:41,095
<i>එඩ්මන්ඩ් පසුගිය අවුරුදු 10 පුරාවට
ෆ්ලෑෂ් ගේම්ස් 25ක් නිර්මාණය කලා.</i>

381
00:21:41,120 --> 00:21:43,867
<i>එයාගෙ පළවෙනි විශාලම ගේම් එක
Super Meat Boy වේවි.</i>

382
00:21:43,892 --> 00:21:48,448
අපි එකිනෙකාගෙ අදහස් එලියට විසි කරනවා.
ගේම් එක ගැන අදහස් විතරක් නෙවේ.

383
00:21:48,473 --> 00:21:52,495
විහිළු වගේ දේවල්.
පාලන‍යක් නැති විහිළු

384
00:21:52,520 --> 00:21:54,296
ඒ වගේම ඒවා, ගේම් එකට පාර කපනවා.

385
00:21:54,321 --> 00:21:56,786
ඒකෙ තියෙනවා:
'කෝඩ් කරන්න. කෝඩ් කරන්න. කෝඩ් කරන්න. ඩර්ර්ර්ර්!'

386
00:21:56,811 --> 00:21:59,069
මගේ ආදම්ගේ ඇපල් එක එච්චර ලොකු නෑ!
නවත්තපං බං!

387
00:21:59,094 --> 00:22:02,322
මම ඒකට පිහියක් දැම්මොත් මොකද වෙන්නේ?

388
00:22:02,347 --> 00:22:04,933
බලන්න, ඒක සම්පූර්ණයෙන්ම
එන්නත් කරලා.

389
00:22:05,199 --> 00:22:08,366
ඉඳිකටුව පේනවද? ඊට පස්සේ මිටියක්
ඉඳිකටුවට ගැඹුරට වදිනවා.

390
00:22:09,499 --> 00:22:12,529
මම හැමතිස්සෙම සීමාවන් කොහෙද කියලා
හොයන්න උත්සාහ කළා.

391
00:22:12,554 --> 00:22:15,443
කරදරේක වැටෙන්න කලින් මට ඒවා
කොච්චර දුරට අයින් කරන්න පුළුවන්ද කියලා බැලුවා.

392
00:22:15,468 --> 00:22:18,604
මම දැන් කරන්නෙත් ඒකයි.

393
00:22:18,629 --> 00:22:19,685
මට හිතෙන විදියට,

394
00:22:19,710 --> 00:22:21,841
මම එහෙම කරන්නේ නැත්නම්, මට කම්මැලියි.

395
00:22:21,866 --> 00:22:24,568
මට කම්මැලි නම්,
මම නිර්මාණශීලී නැහැ.

396
00:22:24,593 --> 00:22:33,494
මම මගේ ජීවිතේ තියෙන දේවල් ගැන ගේම් හදනවා.
මම හිතන, කියන සහ කරන දේවල් ගැන.

397
00:22:33,519 --> 00:22:37,857
මම හිතන්නේ, මම මගේ අදහස්
ප්‍රකාශ කරන්න ගේම් හදනවා.

398
00:22:39,901 --> 00:22:42,487
මට Santa Cruz ගැන කතා කරන්න අමාරුයි.

399
00:22:42,512 --> 00:22:44,906
මොකද මම කවදාවත් වෙන කොහේවත් ජීවත් වෙලා නැහැ.
ඒක 'සාමාන්‍ය' දෙයක්.

400
00:22:44,931 --> 00:22:46,266
මම හැදී වැඩුනේ මෙහේ.

401
00:22:46,291 --> 00:22:48,910
මගේ අම්මා මූදු වෙරළට මාර කැමැත්තෙන් හිටියා.

402
00:22:48,935 --> 00:22:51,700
හැමතිස්සෙම එයාගෙ හීනෙ වුනේ
Santa Cruz වල ජීවත් වෙන එක.

403
00:22:51,725 --> 00:22:55,416
ඉතින්, එතන තමයි ඇය
අපිටත් ඉන්න බල කලේ.

404
00:22:55,441 --> 00:22:58,949
මං දන්නෑ, මං මෙහේ නිකන්ම හැදීවැඩුනා.
ඒක 'ස්කේට් සර්ෆ්' කරන නගරයක් වගේ.

405
00:22:58,974 --> 00:23:01,130
මම කවදාවත් ඒක කලෙත් නෑ.

406
00:23:01,155 --> 00:23:03,174
මම ගෙදර නැවතිලා,
වීඩියෝ ගේම් ගැහුවා, චිත්‍ර ඇන්දා.

407
00:23:05,994 --> 00:23:07,470
රාක්ෂයෝ.

408
00:23:07,762 --> 00:23:09,514
මම රාක්ෂයෝ විතරයි ඇන්දෙ.

409
00:23:09,806 --> 00:23:10,955
මම අමුතු දේවල් ඇන්දා.

410
00:23:10,980 --> 00:23:15,923
...හරියට, එක චිත්‍රයක ළමයෙක් ඉන්නවා,
එයාගෙ ඇඟ ඇතුලෙ රාක්ෂයෙක් ඉන්නවා,

411
00:23:15,948 --> 00:23:17,535
එළියට එන්න විදියක් හොයමින්.

412
00:23:17,560 --> 00:23:21,818
තුන්වන ශ්‍රේණියේදී, මගේ ගුරුවරයා මාව
පරීක්ෂාකරන්න නිර්දේශ කළා.

413
00:23:21,889 --> 00:23:23,444
මනෝවිද්‍යාත්මකව පරීක්ෂාකරන්න.

414
00:23:23,469 --> 00:23:25,549
ඇය හිතුවේ මම
මානසිකව වැටිලා කියලා.

415
00:23:25,574 --> 00:23:28,560
මගේ අම්මා කිව්වා: 'නෑ, එයා කලාකරුවෙක් විතරයි.
එයා චිත්‍ර අඳින්න ආසයි.'

416
00:23:28,585 --> 00:23:32,645
එතකොට ගුරුවරිය කිව්වා: 'ඒක කලාවක් නෙවෙයි.
ඒක උදව්වක් ඉල්ලා කරන කෑගැසීමක්.'

417
00:23:39,111 --> 00:23:41,858
මම ඇත්තටම හැදී වැඩුණේ මගේ ආච්චි ළඟ.

418
00:23:41,963 --> 00:23:44,224
මම, මගේ සුළු පියා එක්ක එච්චර ගැළපුණේ නැහැ.

419
00:23:44,249 --> 00:23:47,301
ඉතින්... ප්‍රශ්නයක් ආවම,
මම ආච්චි එක්ක ඉන්නවා.

420
00:23:47,499 --> 00:23:49,086
නැත්නම් අපි හැමෝම මගේ ආච්චි එක්ක ඉන්නවා.

421
00:23:49,111 --> 00:23:52,573
මගේ ආච්චි මට ගොඩක් උදව් කළා.

422
00:23:52,598 --> 00:23:56,347
මගේ අම්මටයි නංගිටයි කරදර කරන තරමටම.

423
00:23:57,603 --> 00:24:00,245
එයාට, මාව පෙනුනෙ, ඕනම දෙයක් කරන්න පුලුවන්
 රත්තරන් කොල්ලෙක් විදියට.

424
00:24:00,270 --> 00:24:03,005
ඇය මට දැනෙන්න සැලැස්සුවා
මට ඕනෑම දෙයක් කරන්න පුලුවන් කියලා.

425
00:24:03,030 --> 00:24:06,529
ඒක හරියට, ඇය මෙහෙම කියද්දි:
'ඔයා සාර්ථක වෙන්නයි යන්නේ'

426
00:24:06,554 --> 00:24:12,076
ඇය ඒක නිකම්ම කියනවා නෙවෙයි.
ඒක හරියට 'වෙන්න තියෙන ඇත්තක්' වගේ.

427
00:24:12,101 --> 00:24:15,558
හරියට, ඒක තමයි වෙන්න තියෙන්නෙ වගේ.

428
00:24:17,762 --> 00:24:20,042
Aether මගේ ලේලිය ගැන දෙයක්.

429
00:24:20,067 --> 00:24:22,129
ඇය මට මාවම මතක් කළා.

430
00:24:22,154 --> 00:24:24,555
මොකද එයා අනිත් ළමයි එක්ක සෙල්ලම් කරන්න
කැමති වුනේ නෑ.

431
00:24:24,580 --> 00:24:28,384
එයා තනියම දේවල් කරන්න කැමතියි.
තනියම දේවල් ගවේෂණය කළා.

432
00:24:28,409 --> 00:24:32,305
එයාට දේවල් ලස්සනට මවාගන්න පුලුවන්.
ඒ වගේම ඇය ඇත්තටම රාක්ෂයන්ට කැමති වුණා.

433
00:24:32,352 --> 00:24:34,682
ඉතින්, එයා මාව ආපහු ගෙනාවා
මගේ පොඩි කාලෙට. මම හිතුවා...

434
00:24:34,707 --> 00:24:37,773
ඒ ගැන ගේම් එකක් හැදුවොත් හොදයි කියලා.

435
00:24:37,798 --> 00:24:43,476
මම අවුරුදු 5, 6, 7 වෙද්දි මගේ මනස ඇතිලෙ තිබුණු දේවල්
මිනිස්සුන්ට පෙන්නන්න ඒකට පුලුවන් වෙයි ?

436
00:24:43,501 --> 00:24:46,873
ඉතින් ඒක තමයි 'Aether' වුණේ.

437
00:24:47,046 --> 00:24:50,781
ඉතින් මේ ළමයා
රාක්ෂයෙකුගේ පිටේ නගිනවා.

438
00:24:50,806 --> 00:24:52,950
ඒ වගේම රාක්ෂයා අභ්‍යවකාශයේ සැරිසරනවා.

439
00:24:53,052 --> 00:24:55,159
එයා මේ හැම ග්‍රහලෝකයක්ම ගවේෂණය කරනවා.

440
00:24:55,184 --> 00:24:58,456
එයාට පෘථිවියෙ අය එක්ක යාලු වෙන්න බෑ.
ඉතින් එයා යාලුවො හොයාගෙන යනවා.

441
00:24:58,524 --> 00:25:01,432
ඒත් මේ  අනිත් හැම ග්‍රහලෝක වල වාසය කරන්නේ...

442
00:25:01,666 --> 00:25:06,047
අමුතු හෝ දුක්බර හෝ නොසන්සුන් ජීවීන්.

443
00:25:06,128 --> 00:25:09,842
රාක්ෂයා ඔවුන්ගේ ගැටළු විසදන්න උත්සාහ කරනවා.
ඒක සාර්ථක වෙනවා...

444
00:25:09,867 --> 00:25:11,568
ඒත් එයාලා සතුටු වෙන්නෙ නෑ.

445
00:25:11,674 --> 00:25:13,466
එයා දිගටම ග්‍රහලෝක වටේ යනවා.

446
00:25:13,491 --> 00:25:18,253
ඒත් ප්‍රශ්න විසදන හැම වෙලාවකම,
පෘථිවිය පුංචි වෙනවා.

447
00:25:18,278 --> 00:25:22,104
එයා ආපහු එද්දි, ඒක ගොඩක් පොඩියි,
එයා ඒක අල්ලද්දිම...

448
00:25:22,129 --> 00:25:23,147
...ඒක කැඩෙනවා.

449
00:25:23,172 --> 00:25:24,540
ඊටපස්සෙ එයා අවකාශයෙ අතරමං වෙනවා.

450
00:25:24,565 --> 00:25:27,568
ඒකෙ අදහස වුණේ...

451
00:25:27,840 --> 00:25:32,240
නිර්මාණශීලී ළමයෙක් වෙන එක ගොඩක් හොදයි.

452
00:25:32,532 --> 00:25:37,036
ඒත් හුදකලා වීම සහ දේවල් කෙරෙහි දැඩි ඇල්මක් ඇතිවීම
අනතුරුදායකයි.

453
00:25:37,328 --> 00:25:39,413
ඒ වගේම දේවල් වලට බය වීම.

454
00:25:39,705 --> 00:25:43,292
ඒ හැම ග්‍රහලෝකයක්ම, මගේ පොඩිකාලෙ බයක් නිරූපණය කළා.

455
00:25:43,317 --> 00:25:47,255
මම පොඩි කාලේ, නින්දට යන්න කලින්,
මේ දේවල් ගැන ඕනෑවට වඩා හිතුවා.

456
00:25:47,280 --> 00:25:49,423
මොකද මම හිතුවා මට ඒවා හදන්න පුළුවන් කියලා.

457
00:25:49,448 --> 00:25:51,943
ඒත් අන්තිමේදි,
මම ඒවා තවත් නරක අතට හැරෙව්වා විතරයි.

458
00:25:51,968 --> 00:25:55,555
ඒවා හදන්න බෑ.
ඒත් මම මේ දේවල් ගැන ඕනෑවට වඩා හිතුවා.

459
00:25:55,580 --> 00:25:58,223
මට බඩේ අමාරුවක් හැදිලා
ඉස්කෝලේ ඇරිලා ගෙදර යන්න වෙනවා.

460
00:25:58,248 --> 00:26:02,436
ගොඩක්ම හිතින් මවාගනිපු දේවල්,
මම තාමත් ඒවා ගැන සතුටුයි.

461
00:26:02,728 --> 00:26:08,192
මට නම්, ඒක මම පොඩි කාලේ
දැනුණු විදිහ ගැන හොඳටම කියනවා.

462
00:26:08,281 --> 00:26:11,707
මම ඒ ගේම් එක ගහද්දි, මට ඒක
දැනුන විදිහ හරියටම මතක් වෙනවා.

463
00:26:11,988 --> 00:26:15,328
තාමත් ඒ ගැන ගොඩක් සතුටුයි.

464
00:26:15,490 --> 00:26:19,905
Aether වලට ටික කාලෙකට පස්සෙ,
මගේ ආච්චි මැරුණා.

465
00:26:19,930 --> 00:26:22,014
ඒ වගේම ඇය ළඟ මගේ
චිත්‍ර පෙට්ටියක් තිබුණා.

466
00:26:22,039 --> 00:26:24,155
මම පොඩිකාලෙ ඇදපුවා.

467
00:26:24,180 --> 00:26:27,003
එහෙම තමයි මට මේ පින්තූරය හම්බුනේ.

468
00:26:27,028 --> 00:26:30,631
මම අභ්‍යවකාශයේදී මාව ඇඳපු එකක්.
පාවෙනවා.

469
00:26:30,829 --> 00:26:31,830
ඒකෙ මෙහෙම තියෙනවා,

470
00:26:31,855 --> 00:26:35,945
මේ අභ්‍යවකාශයේ පාවෙන එඩ්මන්ඩ්.
ඒ වගේම අභ්‍යවකාශය මගේ යාලුවෙක්...

471
00:26:35,970 --> 00:26:37,138
ඒ වගේ දෙයක්.

472
00:26:37,305 --> 00:26:41,517
'අභ්‍යවකාශය මගේ යාලුවා. ඒ වගේම මගේ යාලුවාත් මමයි.'
අනේමන්දා, ඒ වගේ දෙයක්.

473
00:26:42,101 --> 00:26:45,830
ඒ පෙට්ටිය හොයාගන්න එකෙන් ඔප්පු වුණා.
ඒ වගේ දේවල් දැක්කාම මට හිතුනෙ,

474
00:26:45,855 --> 00:26:46,881
වාව්,

475
00:26:48,173 --> 00:26:51,226
මේකත් හරියට ගේම් එක වගේ.

476
00:27:11,459 --> 00:27:15,979
මම පටන්ගත්තෙ කවදද කියලා
මට හරියටම කියන්න පුලුවන්.

477
00:27:16,004 --> 00:27:17,186
මට එතකොට හතරයි.

478
00:27:17,239 --> 00:27:19,577
1988 නත්තල් දවසක්,

479
00:27:19,602 --> 00:27:23,217
නත්තලට මට ලැබුණා Nintendo එකක්:

480
00:27:23,242 --> 00:27:25,561
'Mario', 'Zelda' සහ 'Tetris' කියන ගේම් එක්ක.

481
00:27:25,586 --> 00:27:28,939
ඒක සුපිරියි.
වීඩියෝ ගේම් වල හොදම 3ක්.

482
00:27:28,964 --> 00:27:34,487
අදටත්, ඔයාට මීට වඩා හොඳ
ගේම් තුනක් එකට ගන්න බෑ.

483
00:27:34,656 --> 00:27:36,989
ඒ වෙලාවෙ මට ඒක පැහැදිලි වුණා.

484
00:27:37,014 --> 00:27:38,956
ඒක තමයි මට මගේ ජීවිතේදි
කරන්න ඕන වුණේ.

485
00:27:38,981 --> 00:27:41,736
මම අවුරුදු හතරේ ඉඳන් ඒක දන්නවා.

486
00:27:41,761 --> 00:27:45,415
ඒ ගැන කිසිම සැකයක් තිබුණේ නැහැ.
මට ගේම් හදන්න ඕන වුණා.

487
00:27:45,440 --> 00:27:47,792
ඒකෙන් අදහස් කළේ මොකක්ද කියල
කිසිවෙලාවක පැහැදිලි වුනේ නෑ.

488
00:27:47,817 --> 00:27:49,982
ඔයාට හතරයි,
ඒ වගේම ගේම් හදන්න ඕන...

489
00:27:50,007 --> 00:27:53,598
ඒක පෙනුනෙ හරියට:
'ඔයාට අදහසක් එනවා'

490
00:27:53,623 --> 00:27:56,842
'ඊට පස්සෙ ඔයාට ගේම් එකක් තියෙනවා. නියමයි.'

491
00:27:59,584 --> 00:28:01,517
මෙන්න එයා.

492
00:28:02,977 --> 00:28:04,504
මොනතරම් ලස්සනද?.

493
00:28:05,685 --> 00:28:09,689
ඉතින් මේක තමයි මමයි මගේ තාත්තයි
1993 දී හදපු ගේම් එක.

494
00:28:10,189 --> 00:28:14,402
'Kid Pix' එකෙන් ඇදපු චිත්‍ර එක්ක

495
00:28:15,069 --> 00:28:20,741
ඔහු ඒක අරගෙන, 'සැගවුනු දේ සොයන්න'
ගේම් එකක් හැදුවා.

496
00:28:21,033 --> 00:28:23,244
ඉතින් මම ඉස්කෝලෙ ගිහින් ගෙදර එනවා

497
00:28:23,536 --> 00:28:25,663
ඒ වගේම තව මට්ටම් ඒකට එකතු කරනවා,

498
00:28:25,955 --> 00:28:29,375
මම කලින් දවස්වල හැදුව දේවල් බලලා.

499
00:28:29,750 --> 00:28:34,380
මුලදී, ඒවා ඇත්තටම
සරල 'Where's Waldo' වගේ දේවල්.

500
00:28:35,297 --> 00:28:37,842
'V' අකුර කොහෙද?

501
00:28:38,300 --> 00:28:39,969
අහ්, මේ තියෙන්නෙ.

502
00:28:41,710 --> 00:28:44,098
ඒක හරිම වියුක්තයි.

503
00:28:44,230 --> 00:28:47,560
මොකද ඒ ඔක්කොම මගේ චිත්‍ර.
ඒවගෙ කිසිම තේරුමක් තිබුණේ නැහැ.

504
00:28:48,376 --> 00:28:50,037
ඔහ්! 'Cyber Vision'

505
00:28:50,062 --> 00:28:51,470
මේක තමයි හොදම එක.

506
00:28:51,495 --> 00:28:53,315
මේ පුංචි වැඩසටහන...

507
00:28:53,526 --> 00:28:54,806
"වැඩසටහන"

508
00:28:54,892 --> 00:28:58,237
ඒක හැදුවේ මම.
ඒක තමයි මෝඩම දේ...

509
00:28:58,262 --> 00:29:02,950
ඒවා මම හදපු රටා විතරයි.
ඒ වගේම ප්‍රතිවිරුද්ධ පාට එන විදියට හැදුවා.

510
00:29:02,975 --> 00:29:05,959
මාරම මාරම වේගෙන් ගැහෙනවා.

511
00:29:06,120 --> 00:29:10,332
ඔයාට තියෙන්නෙ රටාව තෝරාගෙන
ෆ්ලෑෂ් ගණන තෝරා ගන්න.

512
00:29:10,401 --> 00:29:14,366
ඊට පස්සේ ඔයා ඒකට
ඔයාගේ මූණ දාන්න ඕනේ...

513
00:29:14,391 --> 00:29:15,886
ඒ දිහා බලාගෙන ඉන්න.

514
00:29:15,911 --> 00:29:17,406
මේ වගේ...

515
00:29:19,967 --> 00:29:22,553
දිග වෙලාවක්.

516
00:29:23,763 --> 00:29:26,265
දෙයියන්පල්ලා, ඔයා දේවල් දකින්න පටන් ගනීවි.

517
00:29:27,308 --> 00:29:30,227
දෙයියනේ.

518
00:29:30,603 --> 00:29:33,689
මට මොකද වුණේ?!?

519
00:29:34,523 --> 00:29:36,400
මේක තාමත් සුපිරියි!

520
00:29:58,211 --> 00:30:04,094
මේකෙදි මම නිර්මාණය කරන්න යන දේ
ඇත්තටම වෙනස්ම අත්දැකීමක්.

521
00:30:04,119 --> 00:30:06,013
මට හිතන්න වෙනවා,

522
00:30:06,305 --> 00:30:09,266
සෙල්ලම් කරන කෙනා තිරයට එනවා.
ඊළගට මොකක්ද වෙන්නෙ?

523
00:30:09,683 --> 00:30:13,521
චිත්‍රපටියකදි ම වගේ නෙවෙයි,
හැබැයි ටිකක් ඒ වගේ.

524
00:30:13,546 --> 00:30:18,134
සෙල්ලම් කරන කෙනාට පේන්න ඕන විදිය
ඔයාට ඔයාගෙ මනස ඇතුළට දාගන්න වෙනවා...

525
00:30:18,159 --> 00:30:20,274
මොකක්ද වෙන්න යන්නේ කියන එක ගැන
කල්පනා කරන්න වෙනවා.

526
00:30:20,299 --> 00:30:24,862
මම ඒකට දාන්න යන අදහස් ගැන
ලොකු උද්යෝගයක් තියෙනවා.

527
00:30:25,116 --> 00:30:29,569
ඒක නිර්මාණකරු සහ සෙල්ලම් කරන කෙනා
අතර සන්නිවේදනයක් වගේ.

528
00:30:30,102 --> 00:30:35,173
මේ වගේ ලෙවල් එකක් නිර්මාණය කිරීම,
හරියට සංවාදයක් වගේ...

529
00:30:35,334 --> 00:30:37,813
නැත්නම් අඩුම තරමේ තනියම කරන කතාවක් වගේ.

530
00:30:37,838 --> 00:30:40,094
ඒක හරියට:
'ඒයි! මේක බලන්න...'

531
00:30:40,119 --> 00:30:43,376
'ඔයාට තේරුණාද අපිට ඉණිමඟේ
ප්‍රශ්නයක් තියෙනව කියලා?'

532
00:30:43,401 --> 00:30:48,097
'ඒක අමුතුයි නේද, ඒත් නියමයි,
ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්...'

533
00:30:48,212 --> 00:30:50,872
'...මේ ඉනිමඟ ටිකක් වමට වෙන්න තිබ්බ නිසා'

534
00:30:50,897 --> 00:30:54,467
'ඒක මෙතන තිබුණා නම්,
එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.'

535
00:30:54,640 --> 00:30:59,285
ඒක තමයි, සිත්ගන්නා කොටස වගේම
වැදගත්ම කොටස.

536
00:30:59,998 --> 00:31:05,172
ඒක අමාරු ප්‍රහේලිකාවක් වෙන්න ඕන නෑ.
...ඒත් විසඳන්න ටිකක් කල්පනා කරන්න ඕන.

537
00:31:05,197 --> 00:31:11,938
ඒක ටිකක් හොදයි.
ඒත් ඕනෑම ප්‍රහේලිකා ගේම් එකකින් ඒක ගන්න පුලුවන්.

538
00:31:12,351 --> 00:31:17,843
ඒත් ගොඩක් හොද ගේම් එකකින්
ඔයාට 'විස්තර' ගන්න පුලුවන්.

539
00:31:18,303 --> 00:31:21,957
විශේෂිත තත්වයන් ගැන සිත්ගන්නාසුලු අවබෝධයක්.

540
00:31:22,243 --> 00:31:27,319
ඒ වගේම මම හිතන්නේ ගේම් එකක ඒක තේරුම් ගත්තම,
දේවල් කරන විදිහ අල්ලගන්නවා.

541
00:31:27,344 --> 00:31:28,577
ඒ වගේම ඒකත් එක්ක දුවනවා.

542
00:31:28,602 --> 00:31:33,267
ඒකට ඇත්තටම විශේෂ දේවල් ටිකක් කරන්න පුලුවන්.

543
00:31:46,405 --> 00:31:48,532
මම හරිම දෘෂ්‍යමානයි.

544
00:31:51,577 --> 00:31:55,205
පුද්ගලයෙක් විදියට, මම ලස්සන දේවල් වලට කැමතියි.
මම සෞන්දර්යයට කැමතියි.

545
00:31:55,230 --> 00:31:58,584
FEZ වල ලොකු කොටසක් සෞන්දර්යාත්මකයි.

546
00:31:59,463 --> 00:32:06,461
ඒ වගේ ප්‍රසන්න,
නිල් අහස, කොළ පාට තණකොළ, නැවුම් වාතය -

547
00:32:06,486 --> 00:32:10,471
පැහැදිලිවම, ගේම් එකේ නැවුම් වාතයක් නෑ.

548
00:32:10,496 --> 00:32:14,558
ගේම් එක ඇතුලෙ ඇදපු දේවල් වැඩකරන්නෙ ඒ විදියට.

549
00:32:14,583 --> 00:32:20,956
මම මේ පොඩි තීරු හදන්නෙ
ගේම් එකේ ඔයාට පේන පැති හතරට.

550
00:32:20,981 --> 00:32:23,627
ඒ වගේම සෑම ඝනකයකම ඉහළ සහ පහළ.

551
00:32:23,652 --> 00:32:29,256
ඒ වගේම රෙනෝඩ්, ඒවා කපලා සේව් කරන්න
ෆොටෝෂොප් ස්ක්‍රිප්ට් එකක් හැදුවා...

552
00:32:29,281 --> 00:32:31,383
මට ඒවා දාන්න පුලුවන් ගේම් එකට.

553
00:32:31,408 --> 00:32:34,379
ඉතින් ගේම් එකේදි මේ වයනය,
ඝනකයක් වටේ ඔතල තියෙන්නෙ.

554
00:32:34,404 --> 00:32:36,907
ඒකෙ හැම පැත්තකින්ම ඇදපු එක පෙන්නනවා.

555
00:32:36,932 --> 00:32:40,674
ඔයාට ඇදපු තීරුවේ පැති පේනව ඇති,

556
00:32:40,699 --> 00:32:46,516
ඊට පස්සේ මට ඝනකය අරගෙන
විස්තරාත්මකව කැටයම් කරන්න පුළුවන්.

557
00:32:46,541 --> 00:32:51,136
ගේම් එකේදි මේ දේවල් යන්තම් පේනවා.
ඇත්තටම ඔයාට ඒක පේන්නෙ භ්‍රමණය කරද්දි විතරයි.

558
00:32:52,652 --> 00:32:57,476
මම ගොඩක් 'Tetris' රටා පාවිච්චි කළා.

559
00:32:57,768 --> 00:33:02,022
ඒක ටිකක් වේදනාවක්.
මොකද මට එතනට ගිහින් පාට ගාන්න වෙනවා.

560
00:33:02,606 --> 00:33:06,735
ඒ වගේම ටයිල් අතින් ආයෙත් හදන්න වෙනවා.

561
00:33:06,760 --> 00:33:09,917
ඉතින්, මෙතන:
මම මේ ලොකු ඉරට කැමති නැහැ.

562
00:33:09,942 --> 00:33:11,495
ඒක ටිකක් අවුල්.

563
00:33:11,520 --> 00:33:14,552
මම ඒක 'T' හැඩයකට හදනවා.

564
00:33:14,577 --> 00:33:16,029
මම මේක ගොඩක් වෙලා කළා.

565
00:33:16,054 --> 00:33:19,957
මම මේ සංකීර්ණ ව්‍යුහයන් ගොඩනඟනවා.

566
00:33:20,249 --> 00:33:24,211
අන්තිමේදී, දවල්‍ට මම හැම දෙයක්ම
පරීක්ෂා කරනවා.

567
00:33:24,236 --> 00:33:27,131
මම හිතන්නේ මම ඒක දිහා
ගොඩක් වෙලා බලාගෙන හිටියා.

568
00:33:27,156 --> 00:33:30,467
මොකද මම කුඩාම විස්තර ගැන පවා
ඕනෑවට වඩා හිතනවා.

569
00:33:30,645 --> 00:33:35,245
<i>ෆිල් ගේම් එක 3න් පාරක්
ආයෙත් හැදුවා.</i>

570
00:33:35,472 --> 00:33:37,558
එක දෙයක් තමයි,

571
00:33:38,017 --> 00:33:42,688
FEZ වලට කලින් මම කවදාවත් පික්සල් චිත්‍ර කරලා නැහැ.
ඒ නිසා මට ඒක ඉගෙන ගන්න සිද්ධ වුණා.

572
00:33:42,889 --> 00:33:46,358
ඔයා ඒක අවුරුදු තුනක් කරනවා.
ඊට පස්සේ අන්තිමට...

573
00:33:46,383 --> 00:33:47,644
ඔයා ඉස්සරට වඩා දැන් හොඳයි.

574
00:33:47,669 --> 00:33:50,133
ඉතින් අවුරුදු තුනකට කලින්
හදපු හැම චිත්‍රයක්ම...

575
00:33:50,158 --> 00:33:53,755
දැන් හදන දේවල් තරම් හොඳ නෑ.

576
00:33:53,780 --> 00:33:58,746
එතන වෙනසක් තිබුණා.
ඉතින් මට පරණ දේවල් ගොඩක් ආයෙ වෙනස් කරන්න වුණා.

577
00:33:59,079 --> 00:34:01,040
මම හැම දෙයක්ම තුන් වතාවක් කරනවා.

578
00:34:01,065 --> 00:34:04,780
ඉතින් ගේම් එක හදන්න
මට අවුරුදු තුනහමාරක් යනවා.

579
00:34:12,957 --> 00:34:15,951
<i>FEZ දින 1137ක් නිෂ්පාදනය කර ඇත.</i>

580
00:34:21,091 --> 00:34:25,324
<i>Super Meat Boy දින 513ක් නිෂ්පාදනය කර ඇත.</i>

581
00:34:28,083 --> 00:34:29,568
ගේම් එකේ මට්ටම් (ලෙවල්) නිර්මාණය.

582
00:34:30,300 --> 00:34:34,031
ඉතින්,
ලෙවල් හදන එකේ මූලික සූත්‍රය..

583
00:34:34,323 --> 00:34:37,618
ගේම් එක පටන් ගනිද්දි, ගහන කෙනාට
උගන්නනවා කොහොමද ගහන්නෙ කියලා.

584
00:34:37,910 --> 00:34:40,950
ගේම් එකේ හැම යාන්ත්‍රණයක්ම එයාල
තේරුම් ගනීද බලනවා.

585
00:34:41,100 --> 00:34:45,167
ඉතින් හැම ලෙවල් එකකම මුලදි
එයාට කියාදෙන්න ඕන...

586
00:34:45,192 --> 00:34:50,047
...ඉස්සරහට එන ලෙවල් වලදි
එයාල මොනවද කරන්න ඕන කියලා.

587
00:34:50,339 --> 00:34:54,073
උදාහරණයක් විදියට, තුන් වෙනි ලෙවල් එකේදි,
එතන හිඩැසක් තියෙනවා.

588
00:34:54,676 --> 00:34:58,806
ඒ හිඩස හරහා යන්න පුලුවන් එකම විදිය,
දුවන ගමන් උඩ පනින බොත්තම ඔබන එක.

589
00:34:58,932 --> 00:35:03,268
වෙන විදියකින් එතනින් යන්න බෑ.
ඔයාට එච්චර දුර පනින්න බෑ.

590
00:35:03,293 --> 00:35:06,313
ඉතින් ඒ නිසා මුලින් කියාදෙන්න වෙනවා...

591
00:35:06,338 --> 00:35:07,915
ලොකු හිඩැස් උඩින් යන්න නම්,

592
00:35:07,940 --> 00:35:10,748
දුවන ගමන් උඩ පනින්න ඕන කියලා.

593
00:35:10,982 --> 00:35:13,935
ඒක සරලයි.
හරියට 'ලොකු දෙයක් නෑ' වගේ.

594
00:35:14,048 --> 00:35:17,875
සාමාන්‍යයෙන් ගේම් වල කියන්නේ:
'දුර පනින්න නම් දුවන බොත්තම ඔබාගෙන ඉන්න' කියල.

595
00:35:17,900 --> 00:35:20,859
ගොඩක් අය ඒක මගඅරිනවා.
ඊට පස්සෙ අමතක වෙනවා.

596
00:35:20,892 --> 00:35:24,072
දැන් කවුරුහරි ඒ ලෙවල් එක
ගැහුවෙ නැත්නම්,

597
00:35:24,097 --> 00:35:25,159
ලෙවල් කීපයකට පස්සේ...

598
00:35:25,184 --> 00:35:29,713
දුවන්න සහ පනින්න ඕන තැනක්
මම එයාලට ආයෙත් දෙනවා.

599
00:35:29,753 --> 00:35:32,520
එයාලා ඒක දන්නවා කියල සහතික කරගන්න ඕන.
මොකද ඒක වැදගත්.

600
00:35:32,545 --> 00:35:34,780
මේ හැම යාන්ත්‍රණයක්ම වැදගත්.

601
00:35:35,767 --> 00:35:38,554
මුලින් තියෙන හැම ලෙවල් එකක්ම
ඊළගට එන ලෙවල් වලට වැදගත්.

602
00:35:38,846 --> 00:35:41,974
හරියට, මේකෙ තියෙනවා එක ලෙවල් එකක්,
ඒකෙදි එක දිගට බිත්තියක පනින්න ඕනෙ.

603
00:35:41,999 --> 00:35:44,017
මොකද පනින්න වෙන තැනක් නෑ.

604
00:35:44,042 --> 00:35:45,312
එහෙමයි මම උගන්වන්නේ:

605
00:35:45,337 --> 00:35:47,157
'ඔයාට ඒක කරන්න පුලුවන්' කියලා.

606
00:35:47,182 --> 00:35:50,391
මේ ලෝකෙ හැම කෙනෙක්ටම ප්‍රශ්නයක් පේනවා.
ඒ වගේම ඒක විසදන්න ඕන වෙනවා.

607
00:35:50,416 --> 00:35:52,491
ඔයා දකින්නෙ නිකම්ම බිත්තියක් විතරයි නම්,

608
00:35:52,516 --> 00:35:54,611
ඔයාට තේරෙන්නෙ නෑ ඒක දිගේ උඩට
පැන පැන යන්න පුලුවන් කියලා.

609
00:35:54,636 --> 00:35:58,004
ඔයා ඒක කරල බලන්න යනවා.
ඒක කළාම, ඔයා තනියම ඉගෙන ගන්නවා.

610
00:35:58,029 --> 00:36:00,604
ඔයා බුද්ධිමත් කියලා දැනෙනවා විතරක් නෙවේ.

611
00:36:00,629 --> 00:36:04,927
ඒත් දැන් ඔයා දන්නවා ගේම් එකේ ඉතිරියට
කොහොමද ඒක කරන්නෙ කියලා.

612
00:36:05,133 --> 00:36:09,500
ඉතින්, ඔයා මුල් 'හැඳින්වීමේ' ලෙවල්
හැම එකකින්ම යනවා.

613
00:36:09,525 --> 00:36:12,346
Meat Boy එකේ හැම දෙයක්ම දැනගත්තට පස්සේ...

614
00:36:12,371 --> 00:36:15,540
...ඊට පස්සේ ඔයා අලුත්
යාන්ත්‍රණ හඳුන්වා දෙනවා.

615
00:36:15,893 --> 00:36:18,161
Meat Boy, Mario වගේ නෙවෙයි.

616
00:36:18,186 --> 00:36:21,226
ගොඩක් Mario ගේම වල යාන්ත්‍රණ
හදුන්වා දෙන්නෙ 'ඇදුම්' විදියට...

617
00:36:21,279 --> 00:36:23,352
ඒකෙන් Mario ගෙ ගතිගුණ වෙනස් වෙනවා.

618
00:36:23,459 --> 00:36:27,299
ඒක මට නොකර ඉන්න ඕන වුණු දෙයක්.
මට හදන්න ඕන වුනේ පිරිසිදු දෙයක්.

619
00:36:27,324 --> 00:36:30,912
මීට් බෝයි කවදාවත් හොඳ වෙන්නේ නැහැ.
නැත්නම් 'පවර් අප්' එකක් ලැබෙන්නේ නැහැ.

620
00:36:30,937 --> 00:36:33,766
ලෙවල් තමයි වෙනස් වෙන්නේ.
‍යාන්ත්‍රණ වෙනස් වෙනවා.

621
00:36:33,791 --> 00:36:36,299
ඊට පස්සෙ හදුන්වාදෙනවා, කැරකෙන කියත්

622
00:36:36,324 --> 00:36:38,947
ඒවා තැනින් තැන කැරකෙන සාමාන්‍ය කියත්.

623
00:36:38,972 --> 00:36:41,192
ඔයා ඒවා මගහරින්න ඕන.

624
00:36:41,217 --> 00:36:43,592
ඊට පස්සේ, ඒ කියත්ම -

625
00:36:43,617 --> 00:36:46,552
ඔයා දන්නවා එයාලා ඔයාව මරනවා කියලා.

626
00:36:46,577 --> 00:36:49,484
ඒ කියත්ම ඉස්සරහට, පස්සට
යන්න පටන් ගන්නවා.

627
00:36:49,509 --> 00:36:50,890
ඉතින් ඔයාට චලනය වෙන කියත් හම්බුවෙනවා.

628
00:36:50,915 --> 00:36:55,939
ඊට පස්සෙ ඒ කියත්, වටේ කැරකෙන්න ගන්නවා.

629
00:36:55,964 --> 00:36:57,543
හරියට සුළං මෝල් වගේ.

630
00:36:57,568 --> 00:36:59,123
ඒ වගේම ඒවා, රවුමක යනවා.

631
00:36:59,148 --> 00:37:02,463
ඒක ඔයා ගොඩක් කලින් සෑහෙන්න
වාර ගානක් පැන්න කියතමයි.

632
00:37:02,488 --> 00:37:04,491
ඒත් වෙනස් විදියකින්.

633
00:37:04,516 --> 00:37:09,019
ඒක වෙනස් හා වඩාත් විනෝදජනක කරන්න...

634
00:37:09,211 --> 00:37:11,688
නිර්මාණකරුවෙකු විදියට, ඔයා හැම
යාන්ත්‍රණයක්ම ගවේෂණය කරන්න ඕන...

635
00:37:11,713 --> 00:37:15,351
... ඒක අඩුම 3, 4 වතාවක්වත් වෙනස් ක්‍රම වලට
පාවිච්චි කරන්න පුලුවන්ද බලන්න ඕන.

636
00:37:15,442 --> 00:37:17,527
ඒක පාවිච්චි වෙන්නෙ එක පාරයි නම්...

637
00:37:17,552 --> 00:37:19,051
...එහෙනම් ඒක තේරුමක් නැති වැඩක්.

638
00:37:19,076 --> 00:37:22,032
මොකද ඔයාට 'ඒක ජූස් කරන්න'
පුලුවන් වෙන්න ඕන.

639
00:37:22,324 --> 00:37:25,035
ඒක පාවිච්චි කරන්න
අලුත් ක්‍රම හොයාගන්න ඕන.

640
00:37:39,591 --> 00:37:42,886
කාලයත් එක්ක ගේම් එක මගේ ජීවිතේ
පිළිබිඹුවක් වෙලා.

641
00:37:42,957 --> 00:37:45,151
ඒක නම් මුලින් හිතන් ඉදපු දෙයක් නෙවෙයි.

642
00:37:45,317 --> 00:37:48,061
මට සමහර දේවල් පේන්න ගත්තා...

643
00:37:48,121 --> 00:37:51,687
ඒවා හරියට මම ගේම් එකේ වැඩකරද්දි
ලැබුණු අත්දැකීම් වගේ.

644
00:37:51,979 --> 00:37:54,041
මේ ගේම් එකේ තියෙන්නෙ 'ගේම්' ගැන.

645
00:37:54,066 --> 00:37:57,050
ඒ වගේම ලෝකය ඇත්තටම
පරිගණක ලෝකයක්.

646
00:37:57,075 --> 00:38:00,837
ඒක පරිගණකයක් ඇතුලේ තියෙන ලෝකයක්.
පරිගණක තර්කනයක් ගොඩක් තියෙනවා.

647
00:38:00,862 --> 00:38:04,741
ඉඳහිට,
විශ්වය අස්ථායී වෙනවා...

648
00:38:04,804 --> 00:38:08,829
ඒක කඩලා ආයෙත් හදන්න ඕන.

649
00:38:08,854 --> 00:38:10,097
ඒක තමයි ගේම් එකේ අරමුණ.

650
00:38:10,143 --> 00:38:14,995
FEZ වලදි, ඔයා මේ කෑලි එකතු කරලා,
විශ්වය ආයෙත් හදනවා.

651
00:38:15,020 --> 00:38:17,462
ආයෙත් ඒක ස්ථාවර කරන්න හදනවා.

652
00:38:17,688 --> 00:38:22,215
මේ දවස්වල මුළු ලෝකයම මගේ වටේ
කඩන් වැටෙනවා වගේ මට දැනෙනවා.

653
00:38:22,260 --> 00:38:24,240
<i>FEZ වලට පසුගිය වසර තුළ,
සෑම Xbox සන්ධිස්ථානයක්ම මගහැරුණා.</i>

654
00:38:24,309 --> 00:38:30,395
පහුගිය අවුරුදු දෙකක සාරාංශයක් කිව්වොත්...

655
00:38:30,488 --> 00:38:33,921
අපි අපේ පළවෙනි කාර්යාලයට ගියා.
අපිට අරමුදල් තිබුණා.

656
00:38:33,946 --> 00:38:36,940
ඒක නියමයි.
හැම දෙයක්ම හොදට වුණා.

657
00:38:36,971 --> 00:38:40,704
ඊට පස්සේ මගේ තාත්තට ලියුකේමියාව
තියෙනවා කියලා දැනගත්තා.

658
00:38:40,729 --> 00:38:44,740
සති කිහිපයක් ඇතුළත එයා මැරෙන්න 50-50% ක අවස්ථාවක්
තියෙනවා කියලයි අපිට කිව්වෙ.

659
00:38:45,032 --> 00:38:49,036
එයා අලුත් ප්‍රතිකාරයකට පරීක්ෂණයක්
විදියට අරන් තිබුණෙ.

660
00:38:49,092 --> 00:38:50,829
'හොඳයි, ඔයා කොහොමත් මැරෙන්නයි යන්නේ'

661
00:38:50,854 --> 00:38:53,457
'මේ ප්‍රතිකාරය කලොත්
සමහරවිට ඔයාට ජීවත් වෙන්න පුලුවන්'

662
00:38:53,525 --> 00:38:54,571
ඉතින් එයා ජීවත් වුණා.

663
00:38:54,596 --> 00:38:58,712
ඊට ටික කාලෙකට පස්සෙ, මගේ දෙමව්පියන් දික්කසාද වුණා.
ඒක හොද දෙයක් වුණේ නෑ.

664
00:38:58,785 --> 00:39:02,341
මට මගේ තාත්තව අලුත් මහල් නිවාසයකට
ගෙනියන්න සිද්ධ වුණා.

665
00:39:02,405 --> 00:39:04,244
ඊට ටික කාලෙකට පස්සෙ,
මගේ පෙම්වතිය මාව දාලා ගියා.

666
00:39:04,269 --> 00:39:05,886
අවුරුද්දකට විතර කලින්.

667
00:39:05,911 --> 00:39:13,831
ඊට ටික කාලෙකට පස්සෙ, මගේ සමාගමේ අනෙක් භාගයේ
අයිතිකාරයා එක්ක  ලොකු ආතතියක් ඇති වෙන්න ගත්තා.

668
00:39:13,856 --> 00:39:15,797
අවසානයේ, එයත් ගියා.

669
00:39:15,822 --> 00:39:17,271
ඒක ලොකු පහරක් වුණා.

670
00:39:17,337 --> 00:39:22,027
හදිසියේම මට සමාගමේ හැම පැත්තක්ම
බලාගන්න වුණා.

671
00:39:22,052 --> 00:39:25,271
ඒත් එක්කම  වගේ,
අපේ අරමුදල් නැති වුණා.

672
00:39:25,296 --> 00:39:28,671
දැන් අපි මෙතන ඉන්නවා.
අපි ළඟ සල්ලි නැහැ.

673
00:39:28,696 --> 00:39:32,913
මම වැඩිපුර වැඩ කරනවා,
ලොකු ආතතියක් තියෙනවා.

674
00:39:33,125 --> 00:39:34,164
මම සම්බන්ධ වෙලා ඉන්නේ.

675
00:39:34,271 --> 00:39:37,876
මම. මගේ නම, මගේ වෘත්තිය.

676
00:39:38,168 --> 00:39:40,003
මේක හරිගියේ නැතොත්,

677
00:39:40,295 --> 00:39:41,838
මම ඉවරයි.

678
00:39:41,863 --> 00:39:44,716
මම හිතන්නෙ නෑ, මං ආයෙත් ගේම් හදයි කියලා.

679
00:39:45,021 --> 00:39:49,317
ඒක නිකම්ම ගේම් එකක් නෙවේ.
මම ඒකට ගොඩක් සමීපයි.

680
00:39:49,387 --> 00:39:53,534
ඒ මම.
මගේ ආත්මාර්ථකාමිත්වය, මං ගැන මගේ අවබෝධය.

681
00:39:53,559 --> 00:39:54,609
ඒක දැන් අවදානමක.

682
00:39:54,670 --> 00:39:57,490
FEZ කියන්නෙ මගේ අනන්‍යතාවය.

683
00:39:57,521 --> 00:40:00,377
මම FEZ හදන කෙනා.

684
00:40:00,402 --> 00:40:01,775
එච්චරයි.

685
00:40:01,815 --> 00:40:04,111
ඒක හරි ගියේ නැත්නම්...

686
00:40:06,029 --> 00:40:10,033
නිවේදකයා: ඔයාට ගේම් එක ඉවර කරන්න බැරිවුනොත්
මොකද කරන්නෙ?

687
00:40:10,867 --> 00:40:13,120
මම මැරෙනවා.

688
00:40:13,168 --> 00:40:15,002
මම මැරෙනවා.

689
00:40:15,042 --> 00:40:18,625
ඒක තමයි මට ඒක අවසන් කරන්න තියෙන දිරිගැන්වීම.

690
00:40:18,650 --> 00:40:21,075
මොකද මට මාව මරාගන්න ඕන නෑ.

691
00:40:21,688 --> 00:40:27,488
<i>ෆිල් මාස 5 කින් FEZ ගේම් ප්‍රදර්ශනයක පෙන්නන්න ඉන්නෙ.</i>

692
00:40:27,513 --> 00:40:33,446
<i>ගේම් එකේ පළවෙනි ප්‍රසිද්ධ එළිදැක්වීම ඒක වේවි.</i>

693
00:40:52,446 --> 00:40:57,780
<i>ටොමී ගේම් එක ඉවර කරන්න මහන්සි වෙනවා.
එයාට සති 2යි ඉතිරි වෙලා තියෙන්නෙ.</i>

694
00:40:58,132 --> 00:41:02,727
මේ වෙද්දි, ගේම් එක හදන
සාමාන්‍ය දවසක් ගත්තොත්...

695
00:41:02,752 --> 00:41:06,756
සාමාන්‍ය‍යෙන්, මම අවදි වෙන්නෙ
සවස 4:00 හෝ 4:30 ට.

696
00:41:06,781 --> 00:41:08,211
මොකද මම ඇදට යන්නෙ...

697
00:41:08,236 --> 00:41:12,737
උදේ 9 හෝ 10 ට.

698
00:41:12,762 --> 00:41:14,890
මම ඊමේල් බලනවා.

699
00:41:14,915 --> 00:41:18,291
සාමාන්‍යයෙන් 'දේශීයකරණය' වගේ දෙයක් තියෙද,

700
00:41:18,418 --> 00:41:22,332
එහෙම නැත්නම් කෙවින් ගෙන්, අපේ Microsoft නිෂ්පාදකයා.

701
00:41:22,357 --> 00:41:26,651
එහෙමත් නැත්නම් Microsoft එකේ කීපදෙනෙක්;
එක එක දේවල් ඉල්ලනවා.

702
00:41:27,164 --> 00:41:32,616
මගේ උදේ ආහාරය මම හදනවා.
ඒකට මයික්‍රෝවේව් සැන්ඩ්විච් එකක් තියෙනවා.

703
00:41:32,641 --> 00:41:34,034
ඒක ගොඩක් හොඳයි.

704
00:41:34,618 --> 00:41:37,245
මම ඒකට ඉන්සියුලින් ගන්නවා.

705
00:41:37,299 --> 00:41:40,290
ඊට පස්සේ, මම වැඩ කරනවා

706
00:41:40,398 --> 00:41:43,335
...ලැයිස්තුවේ තියෙන ඕනෑම දෙයක්.

707
00:41:43,627 --> 00:41:46,004
මට ලැයිස්තු කීපයක්ම තියෙනවා.

708
00:41:47,005 --> 00:41:50,800
...එක පාරක් මම ලිස්ට් එකක් අයින් කරා,
ඒක උඩ කෑම වැටිලා

709
00:41:51,176 --> 00:41:54,054
පුදුමෙ කියන්නෙ මේවනම් මාරම පිරිසිදුයි.

710
00:41:54,888 --> 00:41:58,058
මේක ලොකු එකක්.
'කෝඩ් කරල ඉවරයි'

711
00:41:58,350 --> 00:42:01,792
ඔයාට පේනව ඇති ග්‍රීස් පැල්ලම්,
ඒවා හරහා පේනවා.

712
00:42:01,817 --> 00:42:03,355
ඒ වෙලාවෙ තමයි මම ඒක ඉවර වුණේ.

713
00:42:04,104 --> 00:42:08,245
එඩ් සහ මම, දෙන්නෙක් විදියට
ගොඩක් දේවල්  හසුරුවනවා.

714
00:42:08,339 --> 00:42:10,445
ඒත් අපි අන්තිමේදි එතනමයි...

715
00:42:10,946 --> 00:42:13,495
ඉතින් අපි ඒක නිකන් කරනවා වගේ.

716
00:42:13,520 --> 00:42:15,147
අපි දෙන්නටම මාර මහන්සියි.

717
00:42:15,172 --> 00:42:16,162
ඒත් ඒ එක්කම...

718
00:42:16,187 --> 00:42:18,745
අපිට මහන්සියි. හැබැයි වැඩ කරන එකෙන් නෙවෙයි.

719
00:42:18,770 --> 00:42:23,625
මොකද වැඩ ගැන හිතලම
අපිට නිදාගන්න බැරි වුණු නිසා.

720
00:42:28,171 --> 00:42:30,674
මම ඉන්නේ මගුලේ ගාල් කඳවුරක වගේ.

721
00:42:30,699 --> 00:42:33,843
හරියට, මට එළියට යන්න අවසර නෑ,
ඒ වගේම මම හිරවෙලා.

722
00:42:33,868 --> 00:42:37,322
ඒක ඉවර වෙනකම් මට වැඩ කරන්න වෙනවා.

723
00:42:37,654 --> 00:42:38,723
ඒක ඉවර කලේ නැතොත්,

724
00:42:38,748 --> 00:42:40,414
මට කෙලවෙලා.

725
00:42:40,439 --> 00:42:41,518
පීඩනයක් නැහැ.

726
00:42:41,543 --> 00:42:43,562
වැඩේ කරගන්න බැරි නම්...

727
00:42:43,667 --> 00:42:47,774
...එහෙනම් පහුගිය අවුරුදු දෙකෙන්
කිසිම වටිනාකමක් නැහැ.

728
00:42:49,651 --> 00:42:51,528
පීඩනයක් නැහැ.

729
00:42:52,153 --> 00:42:54,068
අපිට Microsoft එකෙන් කෝල් එකක් ආවා...

730
00:42:54,093 --> 00:42:56,060
අපි 'The Game Feast' එකක් කරන්න යන්නේ,

731
00:42:56,085 --> 00:43:00,386
Xbox වලට ප්‍රචාරණයක් විදියට.

732
00:43:00,626 --> 00:43:02,138
එයාල කිව්වා: ඒක ඇතුලට යන්න ඕන නම්...

733
00:43:02,176 --> 00:43:04,404
...ඔයා මාසයක් ඇතුළත ගේම් එක ඉවර කරන්න ඕනේ.

734
00:43:04,429 --> 00:43:05,391
අපිට කියවුණේ 'වොහ්'

735
00:43:05,416 --> 00:43:08,771
මොකද අපි කොහෙත්ම සූදානම් වෙලා හිටියේ නැහැ.

736
00:43:08,904 --> 00:43:10,397
එයාල ඇහුවා:
'ඔයාල හිතන්නෙ ඒක කරන්න පුලුවන් කියලද?'

737
00:43:10,422 --> 00:43:13,341
ටොමීයි මමයි කිව්වා:
'හොඳයි, අපි උත්සාහ කරන්නම්.'

738
00:43:13,366 --> 00:43:16,011
'අපිට ඒක මගහැරියොත්, මගහැරියම තමයි'

739
00:43:16,303 --> 00:43:19,389
එයාල කිව්වා: 'ඔයාල ඒක මගහැරියොත්,
අපිට පෙබරවාරි වෙනකල් ඒක එළියට දාන්න බෑ'

740
00:43:20,025 --> 00:43:21,755
ටොමීට සල්ලි නෑ.

741
00:43:21,780 --> 00:43:24,269
මගෙත් සල්ලි ඉවරවෙනවා.
ඒක හරියට:

742
00:43:24,294 --> 00:43:25,937
අපිට මේක දැන් කරන්න වෙනවා.

743
00:43:25,962 --> 00:43:27,188
අපිට මේක කරන්නම වෙනවා.

744
00:43:27,606 --> 00:43:29,482
අඩුම පස් වතාවක් වත්...

745
00:43:29,507 --> 00:43:33,392
...මම සම්පූර්ණෙන්ම වැටෙන්න ඇති.

746
00:43:33,417 --> 00:43:35,970
මට ඒක තවදුරටත් කරන්න ඕන නෑ.

747
00:43:36,010 --> 00:43:38,443
මට කිසිම විදිහකින් බේරෙන්න බැරි වුණා.

748
00:43:38,883 --> 00:43:41,980
ඉතින් මම බාත් ටබ් එකට යනවා...

749
00:43:42,440 --> 00:43:44,431
ඊට පස්සෙ උණු වතුර ෂවර් එක ඔන් කරනවා.

750
00:43:44,456 --> 00:43:48,793
මම ඒකෙ වතුර සීතල වෙනකල්ම වැතිරිලා හිටියා.

751
00:43:49,788 --> 00:43:51,048
මට තිබුණේ එච්චරයි.

752
00:43:51,087 --> 00:43:54,614
මාව හදාගන්න මට තිබුණෙ එච්චරයි.

753
00:43:54,639 --> 00:43:55,884
ඒ වගේම කිසිම දෙයක් ගැන කරදර නොවෙන්න.

754
00:43:55,912 --> 00:44:02,015
මේක හදන අතරෙ ටොමී නැත්නම් මම
මැරෙයිද කියලත් මට බයක් තිබුණා.

755
00:44:02,307 --> 00:44:04,351
ඒ වගේම ටොමී ඒ ගැනත් කතා කළා...

756
00:44:04,643 --> 00:44:08,104
එයා කිව්වෙ ගේම් එක ඉවර වෙලා
එයා මැරුණත් කමක් නෑ කියල.

757
00:44:08,396 --> 00:44:10,315
මොකද අඩුම ගේම් එකවත් හදල ඉවරයි.

758
00:44:10,607 --> 00:44:12,150
ඒක මාරම අවුල්.

759
00:44:12,442 --> 00:44:14,027
මෙහෙම ඉන්නකොට පිස්සු හැදෙනවා.

760
00:44:14,319 --> 00:44:16,488
ඒකයි මම පැහැදිලිවම මේ උඩු රැවුල වැවුවේ.

761
00:44:16,905 --> 00:44:19,491
'හුදෙකලා කව්බෝයි'

762
00:44:20,408 --> 00:44:23,953
මට කොච්චර පිස්සුද කියලා හැමෝම දැනගන්න ඕනේ...

763
00:44:24,913 --> 00:44:27,415
පිටතිනුත්.

764
00:44:37,727 --> 00:44:42,430
එඩ්මන්ඩ් සහ මම නිතරම කතා කරනවා.
හැම දෙයක් ගැනම. අපි හොඳම යාළුවෝ.

765
00:44:42,722 --> 00:44:45,141
ඒත් අපි ගේම් එක ගැන කතා කළොත්,

766
00:44:45,433 --> 00:44:47,811
එයා කියෙව්වෙ සාර්ථකත්වය ගැන කියමන් වගයක්.

767
00:44:48,103 --> 00:44:49,062
ඒක හරියට මේ වගේ එකක්...

768
00:44:49,087 --> 00:44:54,484
"සාර්ථකත්වයේ දුෂ්කරම කොටස වන්නේ
ඔබ ගැන සතුටු වන පුද්ගලයින් සොයා ගැනීමයි."

769
00:44:55,318 --> 00:44:59,364
මම දන්නවා, නිසැකවම,
මම නිසා සතුටු වෙන තුන් දෙනෙක් ඉන්නවා.

770
00:44:59,989 --> 00:45:04,077
හැමදාම මගේ දෙමව්පියන් මට කරන්න
ඕන කරපු හැමදේටම සහයෝගය දුන්නා.

771
00:45:04,369 --> 00:45:08,081
එයාල කරන්න පුලුවන් හැම දෙයක්ම කළා,

772
00:45:08,109 --> 00:45:10,625
මාව හොදින් තියන්න.

773
00:45:10,650 --> 00:45:16,350
එයාලට ආර්ථිකය සහ ඒ වගේ දේවල් එක්ක
දුෂ්කර කාලවල් තියෙනවා.

774
00:45:16,375 --> 00:45:20,315
අපේ අන්තිම ජනාධිපති
හැමදේම අවුල් කළාට පස්සේ.

775
00:45:20,802 --> 00:45:23,012
මේ ගෙදර ණය ගෙවන්න එයාලට
අවුරුදු හතරක් තිබුණා.

776
00:45:23,346 --> 00:45:24,431
මේ ගෙදර,

777
00:45:24,456 --> 00:45:29,602
මගේ අම්මයි, තාත්තයි හැදුවෙ.

778
00:45:29,650 --> 00:45:32,731
මම ඉපදෙන්නත් කලින් ඒක ඉවර කළා.

779
00:45:33,022 --> 00:45:36,484
ඒකට අවුරුදු හතරක් ගිය නිසා
ආයෙත් ෆිනෑන්ස් කරන්න වුණා.

780
00:45:36,776 --> 00:45:39,279
මම බලාපොරොත්තු වෙනවා ගොඩක් අය
ගේම් එක ගනීවි කියලා...

781
00:45:39,571 --> 00:45:42,657
මට වහලයේ මුදුනේ දුන්නක්
ගහන්න පුළුවන්. ඒ වගේම කියන්න පුලුවන්:

782
00:45:42,682 --> 00:45:44,009
"මෙන්න ඔයාලට ඕන කරල තිබුණු දේ"

783
00:45:44,034 --> 00:45:48,913
"මගේ මුළු ජීවිත කාලය පුරාම අපූරු දෙමාපියන්
වුණු නිසා ඔයාලට ලැබෙන්නේ මේකයි."

784
00:45:53,418 --> 00:45:56,296
"මීට් බෝයි" කියන්නේ මස් වලින් හැදුන කොල්ලෙක්.

785
00:45:56,321 --> 00:45:59,591
එයාව හදද්දි අදහස වුණේ...

786
00:45:59,616 --> 00:46:02,594
...ස්ටේක් හෝ වෙනත් දේකින් හැදිලා කියන එක නෙවේ.

787
00:46:02,886 --> 00:46:05,472
ඒ 'එයාට සමක් නැහැ' කියන එක.

788
00:46:05,497 --> 00:46:08,391
එයා සමක් නැති කොල්ලෙක්.
ඒකයි එයාට "මීට් බෝයි" කියල කියන්නේ.

789
00:46:08,416 --> 00:46:11,311
ඉතින් එයා දේවල් වලට නිරාවරණය වෙනවා.

790
00:46:11,494 --> 00:46:12,947
සමහරවිට එයා නිතරම වේදනාවෙන් ඉන්නවා ඇති.

791
00:46:12,972 --> 00:46:14,440
එයා දරාගෙන ඉන්නවා.

792
00:46:14,465 --> 00:46:16,534
ඒත් එයා හැම දෙයක් ගැනම
ගොඩක් පරිස්සම් වෙන්න ඕන.

793
00:46:16,559 --> 00:46:18,213
මොකද ඕනෑම දෙයකට එයාව මරන්න පුළුවන්.

794
00:46:18,238 --> 00:46:20,486
ලුණු වගේ පොඩිම දේකට වුණත්,

795
00:46:20,511 --> 00:46:22,446
එයාව සම්පූර්ණෙන්ම විනාශ කරන්න පුලුවන්.

796
00:46:23,552 --> 00:46:30,246
මට ඕන වුණේ එයාගේ පෙම්වතිය,
ආදරවන්තියක් වෙනවට වඩා වැඩි දෙයක් කරන්න.

797
00:46:31,247 --> 00:46:35,084
ඒ වගේම "එයාට ඇයව ඕනේ"
කියන අදහස මතු කරන්න මට ඕන වුණා.

798
00:46:35,148 --> 00:46:37,882
ඇය ඔහුව සම්පූර්ණ කරනවා කියන එක.

799
00:46:37,936 --> 00:46:41,424
හැගීම් වලින් විතරක් නෙවෙයි, පිටතිනුත්.

800
00:46:41,556 --> 00:46:43,609
ඒ නිසා තමයි ඇය 'බැන්ඩේජ් ගර්ල්' වෙන්නේ.

801
00:46:43,634 --> 00:46:47,555
එයා "මීට් බෝයි" ට ආවරණයක් වගේ.

802
00:46:47,580 --> 00:46:48,548
ඒකෙන් ඔහුව ආරක්ෂා වෙනවා.

803
00:46:48,573 --> 00:46:50,008
ඒකයි ඔහුට ඇයව ඕන.

804
00:46:50,033 --> 00:46:52,040
ඔහුට ඇයව ආයෙ ඕන.

805
00:46:52,454 --> 00:46:56,272
ඒ එයාට ආදරේ නිසා විතරක්ම නෙවෙයි,

806
00:46:56,564 --> 00:46:58,608
මොකද ඇය තමයි ඔහුව සම්පූර්ණ කරන්නෙ.

807
00:46:59,484 --> 00:47:01,986
"Seumas McNally" මහා ත්‍යාගය

808
00:47:02,080 --> 00:47:04,322
'විවෘත කාණ්ඩය' සදහා හිමිකරගන්නේ

809
00:47:04,614 --> 00:47:07,367
'Gish' සෑදීම වෙනුවෙන් Chronic Logic වෙතටයි!

810
00:47:10,900 --> 00:47:13,081
හැමෝටම ස්තූතියි.

811
00:47:13,140 --> 00:47:16,292
මම කැමතියි මේක අවස්ථාවක් කරගන්න...

812
00:47:16,584 --> 00:47:19,712
...මගේ පෙම්වතිය ඩැනියෙල්ට යෝජනාවක් කරන්න.

813
00:47:30,959 --> 00:47:35,436
හරි, හරි, මම ඒක කරන්නම ඕනේ.
ඉතින් යාලුවනේ, මම ඇත්තටම ඒක කියන්නම ඕනේ.

814
00:47:35,812 --> 00:47:37,239
ඩැනියෙල්,

815
00:47:37,264 --> 00:47:41,067
ඔබ මාව බඳිනව ද?

816
00:47:46,612 --> 00:47:49,265
එයා අපූරු සැමියෙක් කියලා
මිනිස්සු දන්නේ නැතුව ඇති.

817
00:47:49,367 --> 00:47:50,702
එයා මාරයි.

818
00:47:50,727 --> 00:47:54,060
මේ හැමදේම කරන අතරෙත්
එයා තාමත් ගොඩක් හොද සහකරුවෙක්.

819
00:47:54,085 --> 00:47:57,417
ගේම් එක හදන්න ගොඩක් කල් ගියා.
වැඩ ගොඩක්.

820
00:47:57,709 --> 00:48:02,129
අපේ සම්බන්ධතාවය තියාගන්න අමාරු වුණා.

821
00:48:02,154 --> 00:48:05,550
පැය 24ම එකට ඉන්න එකේ ඉදන්,

822
00:48:05,575 --> 00:48:07,051
එකට කෑම ගන්න එක වෙනකල්.

823
00:48:07,236 --> 00:48:10,638
ගෙදරින් යන එක,
කිසිසේත් එහෙම නොකර ඉන්න එක.

824
00:48:11,097 --> 00:48:14,642
මට මේ වගේ ගොඩක් දේවල් ඇහුණා:
'මට පේන්නේ ඔයාගේ පිටිපස්ස විතරයි'

825
00:48:14,667 --> 00:48:18,021
ඒක හරියට:
'අපි එකම කාමරේ ඉන්නවා කියලා මම දන්නවා...'

826
00:48:18,046 --> 00:48:19,939
'... ඒත් මට ඔයාගෙ පස්ස විතරයි පේන්නෙ'

827
00:48:19,993 --> 00:48:23,067
අපි කවදාවත් වාඩිවෙලා
එකිනෙකා දිහා බලන් ඉන්නෙ නෑ.

828
00:48:23,092 --> 00:48:27,030
ගොඩක් වෙලාවට මට එයාගෙන් අහන්න වුණා:
'ඔයා මෙතන සතුටින්ද?'

829
00:48:27,055 --> 00:48:28,498
'මේක වටිනවද?'

830
00:48:28,523 --> 00:48:33,661
මොකද මම දුක්වුණා මේක ඔයාට
හරිම කම්මැලියි කියලා.

831
00:48:33,796 --> 00:48:37,022
ඒ වගේම මේක ඔයා කනගාටු වෙන
දෙයක් වෙන්නත් පුළුවන්.

832
00:48:37,047 --> 00:48:39,070
ආදරයකට පැටලීම නිසා වුණු.

833
00:48:39,413 --> 00:48:41,377
මේ මම කැමති කෙල්ල.

834
00:48:41,402 --> 00:48:44,464
නෑ නෑ - මේ පූසෙක්.

835
00:48:44,489 --> 00:48:47,976
මේ වෙබ් අඩවිය. මම හිතන්නේ මම මේ
බෝකරන කෙනා එක්ක යන්නයි යන්නේ.

836
00:48:48,001 --> 00:48:51,476
මට පොඩි කාලේ ඉඳන්ම
මේකෙන් කෙනෙක් ඕන වුණා.

837
00:48:51,503 --> 00:48:54,283
මම ඒක ඉල්ලුවා. ගේම් එක ඉවර වුණාම,

838
00:48:54,308 --> 00:48:59,046
මට පූසෙක් ගන්න පුළුවන් නම්,
අපි ගෙදරකට යමු.

839
00:48:59,071 --> 00:48:59,854
ඉතින් එයා 'ඔව්' කිව්වා.

840
00:49:00,146 --> 00:49:04,108
මේ මගේ සිහින පූසා.
හරියට බබෙක් ඉන්නවා වගේ.

841
00:49:04,400 --> 00:49:05,860
නැත්තම් ඊටත් වඩා හොදයි.

842
00:49:07,004 --> 00:49:09,280
අපිට මේ ගෙදර තවත් පූසෙක් තියාගන්න බෑ.

843
00:49:09,572 --> 00:49:12,244
ඔහ්, ටිකක් රස්නෙ වෙයි. ඕහ් දෙවියනේ!

844
00:49:12,269 --> 00:49:13,284
ඒක තමයි කාරණය...

845
00:49:13,331 --> 00:49:15,409
ගන්න පුලුවන්, ගන්න පුලුවන්!

846
00:49:15,434 --> 00:49:16,902
ශීත කාලය එනවා.

847
00:49:16,927 --> 00:49:19,076
මෙයා 'ජෙනිෆර් සහ රොබට්' ට අයිති එකක්.

848
00:49:19,101 --> 00:49:22,126
එයාලා අපිට වඩා ගොඩක් සතුටින් ඉන්නවා ඇති.

849
00:49:22,151 --> 00:49:22,769
මේ වෙලාව වෙද්දි,

850
00:49:22,794 --> 00:49:25,457
මොකද එයාලට මේ පූසා ඉන්නවා.

851
00:49:28,466 --> 00:49:31,094
මම මගේ ජීවිතේ කැප කළා.

852
00:49:31,552 --> 00:49:32,503
ඒක ටිකක් අමුතුයි.

853
00:49:32,528 --> 00:49:33,596
මම...

854
00:49:34,730 --> 00:49:36,849
මම එළියට යන්නේ නැහැ.

855
00:49:37,914 --> 00:49:39,811
මම ඇත්තටම සමාජශීලී නැහැ.

856
00:49:39,947 --> 00:49:43,147
මට වියදම් කරන්න බෑ.
මොකද මට සල්ලි නෑ.

857
00:49:43,172 --> 00:49:45,817
ඉතින් මට එළියට යන්න බෑ...

858
00:49:45,915 --> 00:49:49,568
මම පෙම් සබඳතාවයකට ගියොත්...

859
00:49:49,612 --> 00:49:51,382
මට එයාව අරන් යන්න කාර් එකක් නෑ.

860
00:49:51,407 --> 00:49:55,030
මට කෑම වලට, අනිත් දේවල් වලට
වියදම් කරන්න ක්‍රමයක් නැහැ.

861
00:49:55,451 --> 00:49:58,746
මම කියන්නේ, මට මගේම කෑමට
වියදම් කරන්න පුලුවන්, ඒත්...

862
00:49:58,817 --> 00:50:03,710
කැප කරන දේවල්...

863
00:50:04,085 --> 00:50:06,713
මම කැප කරපු දේවල්...

864
00:50:07,380 --> 00:50:09,590
සමාජීයයි.

865
00:50:10,243 --> 00:50:15,263
හොඳ දෙයක් ලබාගන්න නම්
සමහර දේවල් අතහරින්න වෙනවා.

866
00:50:16,513 --> 00:50:18,327
මම දැන් මානසික අවපීඩනයක ඉන්නේ.

867
00:50:18,352 --> 00:50:22,283
මොකද මම ලොකු දෙයක් අයිනේ ඉන්නේ.

868
00:50:22,308 --> 00:50:25,690
ඒක වෙනස්ම විදිහේ මානසික අවපීඩනයක්.
ඒක 'හිර වෙලා' තියෙන මානසික අවපීඩනයක් නෙවෙයි.

869
00:50:25,823 --> 00:50:29,068
ඒක  'මාර පුදුම',  'හිතාගන්න බැරි'
මානසික අවපීඩනයක්.

870
00:50:29,093 --> 00:50:31,738
ඒක ටිකක් අමුතුයි.
ඒත්, ඒක ඉවරවෙලා යයි.

871
00:50:31,763 --> 00:50:34,407
මොකද ඒක එළියට ආවම,
ඒක එළියේ. එච්චරයි.

872
00:50:35,500 --> 00:50:40,093
<i>Super Meat Boy තව දවස් 3කින් නිකුත් කරනවා.</i>

873
00:50:48,289 --> 00:50:51,215
මූලික ප්‍රතිචාරය මොකක් වෙයිද කියල
මට ඇත්තටම කුතුහලයක් තියෙනවා.

874
00:50:51,507 --> 00:50:54,093
මොකද, මේ වෙනකම් ගේම් එක
බලපු එකම අය...

875
00:50:54,385 --> 00:50:56,804
මට ගොඩක් සමීප අය.

876
00:50:56,829 --> 00:50:58,409
<i>FEZ අවුරුදු 4ක් තිස්සේ හැදෙනවා.</i>

877
00:50:58,462 --> 00:51:01,807
එයාලගෙ ප්‍රතිචාර හොඳයි.
ඒත් මට ඒ ප්‍රතිචාර විශ්වාස කරන්න බැහැ.

878
00:51:01,832 --> 00:51:04,827
FEZ අවුල් කියලා මගේ යාළුවෝ
මට කියන එකක් නැහැ.

879
00:51:04,852 --> 00:51:07,773
මගේ වැඩිහිටි ජීවිතයෙන් වැඩි කාලයක්
මම ඒකට ගතකළා කියල එයාල දන්නවා.

880
00:51:07,798 --> 00:51:11,294
මොකද, මම ඒ ගැන මොනවද හිතන්නේ
කියලවත් මම දන්නේ නැහැ.

881
00:51:11,319 --> 00:51:13,037
ඒක හොඳද නැද්ද කියලා
මට ඇත්තටම හිතාගන්න බෑ.

882
00:51:13,062 --> 00:51:17,117
සමහර වෙලාවට මම මටම කියාගන්නවා,
ඒක හොඳයි කියලා, මම හොඳ වැඩක් කළා කියලා.

883
00:51:17,530 --> 00:51:20,411
එතකොටම මට මතක් වෙනවා,

884
00:51:20,436 --> 00:51:22,455
'ඒත් ඔයාට ඔයාවම විශ්වාස කරන්න බෑ!'

885
00:51:22,480 --> 00:51:26,709
මම අවුරුදු 4ක් තිස්සේ කරලා තියෙන්නේ ඒක දිහා බලන එක විතරයි.
මේ වගේ, මේ කිට්ටුවෙන්.

886
00:51:26,734 --> 00:51:27,932
මට වෙන මුකුත් පේන්නෙ නෑ.

887
00:51:27,957 --> 00:51:30,421
තවදුරටත් ඒකෙ වැරදි පෙනෙන්නේවත් නෑ.

888
00:51:30,579 --> 00:51:33,758
මම ඒ වගේ ම්ලේච්ඡ අවංකකමක් බලාපොරොත්තු වෙනවා.

889
00:51:33,783 --> 00:51:36,573
සාමාන්‍ය ගේම් ගහන කෙනෙක්ගෙන්
අපට ලැබෙන්නේ ඒක.

890
00:51:36,598 --> 00:51:39,815
අපි ඉන්නෙ PAX: Penny Arcade Expo එකට

891
00:51:39,840 --> 00:51:42,590
ඒක ගේම් හදන අයට නෙවේ, ගේම් ගහන අයට.

892
00:51:42,615 --> 00:51:45,603
එයාල මිනිස්සු 65,000ක් වගේ බලාපොරොත්තු වෙනවා.

893
00:51:45,828 --> 00:51:52,718
2008 න් පස්සෙ පළමු වතාවට අපි
FEZ ප්‍රදර්ශනය කරන්න යන්නේ.

894
00:51:52,743 --> 00:51:56,531
ඒ ගේම් එකේ එළිදැක්වීමයි. කලින්
අපි ඒක අවුරුදු 4කින් පෙන්නලා නැහැ.

895
00:51:56,736 --> 00:51:58,866
ඉතින් මම ටිකක් කලබල වෙලා ඉන්නේ.

896
00:51:59,682 --> 00:52:03,362
ඒත් මේක හරියට විශාල පහරක් වගේ.
හරියට තහවුරු කිරීමක් වගේ:

897
00:52:03,387 --> 00:52:06,115
FEZ කියන්නෙ ඇත්තක්. ඒක තියෙනවා.

898
00:52:06,140 --> 00:52:10,215
ඒක එළියට ඒවි. ඔයාට දවසක
ඒක අරන් ගහන්න පුළුවන් වෙයි.

899
00:52:10,288 --> 00:52:13,506
උනන්දුව ආයෙත් හැදේවි කියලා
බලාපොරොත්තු වෙනවා.

900
00:52:13,531 --> 00:52:18,886
මොකද මට හිතෙනවා අවුරුදු ගාණක් ගිය නිසා
මිනිස්සුන්ගෙ උනන්දුව අඩුවෙලා කියලා.

901
00:52:18,911 --> 00:52:22,098
අපි තාමත් ඉන්නවා කියල, එයාලට
මතක් කරදෙන්න ඕන වෙයි.

902
00:52:22,124 --> 00:52:24,350
පළවෙනි පාරට, මට දැනෙනවා:

903
00:52:24,450 --> 00:52:27,520
මේ තමයි FEZ.
මට හදන්න ඕන වුණු ගේම් එක.

904
00:52:27,630 --> 00:52:30,273
මෙතන මම ළගා කරගනිපු
මානසිකත්වයක් තියෙනවා.

905
00:52:30,324 --> 00:52:32,257
ඒක තාම ඉවර නෑ.

906
00:52:32,430 --> 00:52:34,919
ඒත් මට ඒක ඇත්තම ගේම් එකක්
වගේ දැනෙන්න පටන් අරන්.

907
00:52:34,944 --> 00:52:37,029
ඒකට මුලක්, මැදක්, අගක් තියෙනවා.

908
00:52:37,054 --> 00:52:42,201
ගේම් එක හොද වේවිද කියලා බලන්න වෙනවා.

909
00:52:42,481 --> 00:52:46,789
ඒත් අද මම ඒ ගැන ගොඩක් සතුටු වෙනවා.

910
00:52:47,665 --> 00:52:50,334
මාද්‍යවේදියා:
ඔබට වෙන්න පුලුවන් නරකම අවස්ථාව කුමක්ද?

911
00:52:50,626 --> 00:52:52,545
මේ කිසිම දෙයක් සිදු නොවෙන එක.

912
00:52:53,129 --> 00:52:57,216
PAX එකේදි අපිට ගේම් එක පෙන්නන්න ලැබෙන එකක් නෑ,,,

913
00:52:57,481 --> 00:53:00,845
ගොඩක් සංකීර්ණ නීතිමය හේතූන් නිසා.

914
00:53:01,596 --> 00:53:05,391
මම මේ සමාගම පටන් ගනිද්දි හිටපු
මගේ ව්‍යාපාරික සහකරු...

915
00:53:05,460 --> 00:53:07,879
සමාගමෙන් අයින් වුණා.
මාස හයකට විතර කලින්.

916
00:53:07,904 --> 00:53:11,521
ඒ වගේම අපි එදා ඉඳන්ම
'දරුණු දික්කසාදයකට' මුහුණ දීලා තියෙනවා.

917
00:53:11,546 --> 00:53:14,367
කිසිම දෙයක් හරියට ඉවර වෙලා නෑ.

918
00:53:14,392 --> 00:53:20,656
අපිට කිසිම දෙයක් කරන්න බෑ.
අපිට ඒක පෙන්නන්න බෑ. අපිට PAX එකේ ඉන්නත් බෑ.

919
00:53:20,914 --> 00:53:22,575
අවසාන අත්සනක් විතරයි ඕන...

920
00:53:22,600 --> 00:53:26,579
ගනුදෙනුව අවසන් කරන්න ඒක විතරයි ඕන.

921
00:53:26,798 --> 00:53:28,789
ඉතින්, මේ වෙද්දි...

922
00:53:28,885 --> 00:53:31,665
අපි මෙතනට ගොඩක් දුර ආවා.
අපි බැනර් මුද්‍රණය කළා.

923
00:53:31,690 --> 00:53:34,566
අපි කුටියක් හැදුවා. මම PAX එක වෙනුවෙන්ම
ගේම් එකේ කොටසක් හැදුවා.

924
00:53:34,591 --> 00:53:38,966
තාමත් අවස්තාවක් තියෙනවා, එදාට මම
හෝටල් කාමරෙන් එළියට එන්නේ නැතුව ඉන්න.

925
00:53:38,991 --> 00:53:40,968
ඒ වගේම මේ කිසිම දෙයක් නොකර ඉන්න.

926
00:53:43,304 --> 00:53:45,473
ඒක හරිම පීඩාකාරීයි.

927
00:53:45,568 --> 00:53:47,275
බලාගෙන ඉන්නවා වගේ.

928
00:53:47,300 --> 00:53:50,144
හැම දෙයක්ම ගොඩක් වෙලා යනවා වගේ දැනෙනවා.

929
00:53:50,436 --> 00:53:52,230
මට වමනේ දාන්න එනවා වගේ.

930
00:53:52,647 --> 00:53:54,523
ඒක ඉස්සරහට යන්න තියෙන බයක්.

931
00:53:54,702 --> 00:53:56,702
මට නිදාගන්න අමාරුයි.

932
00:53:56,727 --> 00:53:59,028
මට වෙන කිසිම දෙයක් හිතාගන්න බෑ.

933
00:53:59,053 --> 00:54:02,323
ඒක නිතරම මගේ ඔළුවේ දුවනවා.

934
00:54:03,249 --> 00:54:07,203
ඒක හරිම ලොකු දෙයක්.
ගොඩක් අය එතන ඉදීවි.

935
00:54:11,285 --> 00:54:14,286
මම දැන් ඉන්නේ ඔළුවෙ නෙවෙයි...

936
00:54:14,311 --> 00:54:17,504
...මට මාවම හොයාගන්න ඕන තැන.
ඒ වගේම ප්‍රසිද්ධ චරිතයක් වෙන එක.

937
00:54:17,529 --> 00:54:18,673
සහ මිනිසුන්ට කතා කරන එක.

938
00:54:19,073 --> 00:54:22,176
මම මගේම පුංචි ලෝකෙ ඉන්නේ.

939
00:54:22,201 --> 00:54:24,262
FEZ එකේ වැඩ කරනවා.
ඒක ඉවර කරන්න හදනවා.

940
00:54:24,287 --> 00:54:25,680
මම වෙන කිසිම දෙයක් කරන්නේ නැහැ.

941
00:54:25,705 --> 00:54:27,848
මගේ ජීවිතයේ අනෙක් හැම කොටසක්ම
දුක් විඳිනවා.

942
00:54:27,873 --> 00:54:30,476
මොකද මම මේ @#* ගේම් එක
ඉවර කරන්න හදනවා විතරයි.

943
00:54:32,505 --> 00:54:34,950
මොකද දැන්, ඒක දෙපැත්තටම යන්න පුළුවන්.

944
00:54:34,975 --> 00:54:38,359
ඒක බියකරු සිහිනයක් වෙන්න පුළුවන්.
මම දන්නේ නැහැ.

945
00:54:39,204 --> 00:54:42,693
<i>PAX දිනය තෙක් දින දෙකක්</i>

946
00:54:47,954 --> 00:54:51,540
<i>2008 අගෝස්තු වලදි Braid නිකුත් කළා.</i>

947
00:54:54,913 --> 00:54:57,861
<i>එම වීඩියෝ ක්‍රීඩාව ක්ෂණික වාණිජමය සහ
විවේචනාත්මක සාර්ථකත්වයක් ලැබීය.</i>

948
00:55:04,611 --> 00:55:10,261
නිකුත් කරන දිනයේදී, ඔයාට අන්තර්ජාලයේ
මිනිස්සුන්ගේ ප්‍රතිචාර පේන්න ගන්නවා.

949
00:55:10,286 --> 00:55:12,435
මට නම් ඒක හරිම ඇබ්බැහි වීමක්.

950
00:55:12,727 --> 00:55:18,399
මොකද මම මේ දේ ගැන තනියම
අවුරුදු ගණනාවක් වැඩ කළා.

951
00:55:18,424 --> 00:55:19,793
ලොකු කොටසක.

952
00:55:19,846 --> 00:55:22,753
ඊට පස්සේ එකපාරටම ඒක එළියට එනවා.
ඒ වගේම ගොඩක් අය...

953
00:55:22,778 --> 00:55:25,587
දස දහස් ගණනක් දෙනෙක් වගේ
පළමු දින කිහිපයේදි ඒක ගැහුවා.

954
00:55:25,612 --> 00:55:29,160
ඒක අන්තර්ජාලය පුරා තියෙනවා.

955
00:55:29,185 --> 00:55:32,666
ඒ වගේම, මට නම්,
ඒක හරිම සෘණාත්මක අත්දැකීමක්.

956
00:55:38,020 --> 00:55:41,507
Braid එළියට එනකොට,
මිනිස්සු ඒ ගැන අන්තර්ජාලයේ කතා කරනවා.

957
00:55:41,532 --> 00:55:45,676
මේක වුණේ බරපතල වීඩියෝ ක්‍රීඩා
බ්ලොග් විවරණයක් නිසා.

958
00:55:45,968 --> 00:55:50,973
ගොඩක් අය ගේම් එක ගැන
ඇත්තටම හොඳ දේවල් ලියනවා.

959
00:55:51,265 --> 00:55:54,684
ඔයා එයාගේ නම කියන හැම වෙලාවෙම.
එයා ඔයාගේ කමෙන්ට් වල පෙනී ඉන්නවා.

960
00:55:54,709 --> 00:55:55,804
එසැනින්ම වගේ.

961
00:55:55,829 --> 00:56:00,858
මං හිතන්නෙ එයාට 'Google Alerts'
වලට වඩා හොද එකක් ඇති.

962
00:56:01,150 --> 00:56:05,529
ඉතින්, එයා ඇවිත් දේවල් වලට උත්තර දෙනවා.
නැත්නම් මිනිස්සු කියපු දේවල් නිවැරදි කරනවා.

963
00:56:05,554 --> 00:56:09,852
ඒ වගේම ඒකට ටිකක් ප්‍රසිද්ධ වුණා.
පෙනි ආකේඩ් එකේ පවා ඒ ගැන කතා කළා.

964
00:56:09,879 --> 00:56:13,179
මට මේක තියෙනවා කියලා තේරුණා...
අන්තර්ජාලයේ මං ගැන තියෙන දැනීම,

965
00:56:13,204 --> 00:56:16,844
...ඒක මම කියලා මම හිතන කෙනාගෙන්,
ඉතා ඉක්මනින් ඈතට යනවා වගේ

966
00:56:16,869 --> 00:56:20,518
ඒක ටිකක් කරදරකාරීයි.

967
00:56:20,543 --> 00:56:24,233
ඒ වගේම මට ඒ ගැන කරන්න පුළුවන් දෙයක් තිබුණේ නැහැ.

968
00:56:24,767 --> 00:56:27,547
ඉතින් ඒක ඇත්තටම හරිම සෘණාත්මක අත්දැකීමක්.

969
00:56:27,572 --> 00:56:35,101
Braid එළියට ආවට පස්සේ මාස 3-4ක් විතර
මම ඇත්තටම ගොඩක් කළකිරිලා හිටියේ.

970
00:56:37,526 --> 00:56:40,856
ඒ වගේ ඇත්තටම සංකීර්ණ දෙයක් එක්ක
දිග කාලයක් තිස්සේ වැඩ කරද්දි,

971
00:56:40,963 --> 00:56:43,776
බලාපොරොත්තුවක් තියෙනවා,

972
00:56:44,410 --> 00:56:48,749
මිනිස්සු ඔයා කරපු දේ
තේරුම් ගනියි කියලා.

973
00:56:48,774 --> 00:56:52,410
ඒ වගේම ප්‍රේක්ෂකයින් එක්ක
සන්නිවේදන මාර්ගයක් හැදෙයි කියලා.

974
00:56:52,743 --> 00:56:56,914
ඇත්තටම, ගොඩක්ම අධෛර්යමත් කරන
දේවල් ටිකක් බැලුවොත්...

975
00:56:57,665 --> 00:57:00,209
ඒවා ගේම් එක ගැන
හොද කියලා තිබුණු සමාලෝචන.

976
00:57:00,234 --> 00:57:02,837
මිනිස්සු කියයි
'වාව්, මේ ගේම් එක නියමයි!' කියලා.

977
00:57:02,862 --> 00:57:04,004
'10 න් 9යි!'

978
00:57:04,029 --> 00:57:04,950
'10 න් 10යි!'

979
00:57:04,975 --> 00:57:07,002
ඒ වගේම එයාලා ගේම් එක ගැන
හොඳ දේ කියාවි...

980
00:57:07,027 --> 00:57:12,138
ගොඩක් වෙලාවට ඒක ගේම් එක ගැන
පුංචි මතුපිට අවබෝධයක් විතරයි.

981
00:57:12,471 --> 00:57:15,751
මම ගොඩක් විශේෂයි කියල හිතපු දේ
එයාලා දැකලාවත් නෑ.

982
00:57:15,804 --> 00:57:17,768
ඒක ගොඩක් අයට තේරුනේ නෑ.

983
00:57:17,884 --> 00:57:20,229
ඒක එක්තරා විදියකට හිතට අමාරුයි.

984
00:57:20,254 --> 00:57:24,608
මම හිතුවා මට මේකෙන් මිනිස්සු එක්ක
සම්බන්ධතාවයක් හදාගන්න පුලුවන් වෙයි කියලා.

985
00:57:24,900 --> 00:57:26,527
ගේම් එක හරහා.

986
00:57:26,819 --> 00:57:29,769
එයාලා හිතනවා ඒක සුපිරියි කියලා,
ඒත් අර සම්බන්ධතාවය හැදුනේ නෑ.

987
00:57:29,835 --> 00:57:32,992
මොකද, එයාලා තාම ජීවත් වෙන්නේ
වෙනස් ලෝකයක වගේ.

988
00:57:33,284 --> 00:57:38,035
ඉතින් එයාලා හිතන්නේ ඒක හොඳයි කියලා.
සමහර හේතු නිසා මමත් එහෙම හිතනවා, ඒත්...

989
00:57:38,182 --> 00:57:39,999
අනිත් දේවල් නිසා නෙවේ...

990
00:57:40,291 --> 00:57:41,417
...

991
00:57:47,673 --> 00:57:51,343
එයාලා වැදගත්ම දේ දකින්නෙ නෑ.

992
00:58:08,131 --> 00:58:12,490
අද සදුදා.
ඒ 'Embargo' දිනයයි.

993
00:58:12,595 --> 00:58:14,029
'Embargo' කියන්නේ මොකක්ද කියලා ඔයා දන්නවද?

994
00:58:14,054 --> 00:58:17,369
මම දැනගෙන හිටියෙ නැහැ.
ඒ වගේම මම නොදැනුවත්කම නිසා අමාරුවේ වැටුණා.

995
00:58:17,995 --> 00:58:22,833
Embargo කියන්නෙ: මාධ්‍ය වලට ගේම් එක ගැන
සමාලෝචනය කරන්න දාගන්න දිනයක්.

996
00:58:24,691 --> 00:58:31,300
ඉතින්, මධ්‍යම රාත්‍රිය ගෙවිලා යනවා.
මම 'ට්විටර් සඳහන් කිරීම්' ආයෙ ආයෙ බලනවා.

997
00:58:31,325 --> 00:58:34,136
Super Meat Boy ගැන කතා කරන්නේ කවුද
කියලා හොයාගන්න පුලුවන්.

998
00:58:34,161 --> 00:58:37,264
ඒ වගේම සමාලෝචන එළියට එන්න පටන් ගන්නවා.

999
00:58:37,438 --> 00:58:40,114
ඉතින්, මම උපුටා දැක්වීම් අරගෙන
ඒවා පළ කරන්න ගන්නවා.

1000
00:58:40,139 --> 00:58:43,896
ඉතින් අපිට ලැබුණා:
'5න් 4ක් විශිෂ්ට අත්දැකීමක්'

1001
00:58:43,928 --> 00:58:46,357
'Super Meat Boy
ඔබව පිස්සු වට්ටමින් විනෝද වෙනවා...'

1002
00:58:46,384 --> 00:58:47,598
'...නමුත් ඔබ අවසානයේ
ආදරයෙන් පිස්සු වැටෙනවා.'

1003
00:58:47,623 --> 00:58:49,264
'... 10 න් 9යි'

1004
00:58:49,289 --> 00:58:51,731
'කුරිරුයි හාස්‍යජනකයි'
'5න් 5යි'

1005
00:58:51,862 --> 00:58:53,989
'මට කවදාවත් මෙතරම් අභියෝගයක් සහ
විනෝදයක් දැනිලා නැහැ...'

1006
00:58:54,014 --> 00:58:56,242
මගේ ### එක්ක සෙල්ලම් කරපු
අවුරුදු ගාන පුරාවටම'

1007
00:58:56,356 --> 00:58:58,862
මම දන්නේ නැහැ ඒ කවුද කියලා.
හැබැයි මම ඒක පළ කළා.

1008
00:58:59,562 --> 00:59:02,706
මේ සියලු සමාලෝචන දිගටම එනවා.
ඒ වගේම මුළු කාලය පුරාම, මම හිතන්නේ...

1009
00:59:02,731 --> 00:59:07,294
...මම ඇත්තටම නරක එකක් එනකම් බලාගෙන ඉන්නවා.
කවුරුහරි ඒකට වෛර කරන්න ඕනේ.

1010
00:59:07,645 --> 00:59:09,200
'Super Meat Boy ට
 විශ්වාසයෙන් නැගී සිටිය හැකිය...

1011
00:59:09,225 --> 00:59:11,257
... මාරියෝ ඇතුළු සුපිරි ප්ලැට්ෆෝම් ගේම් අසල.

1012
00:59:11,282 --> 00:59:15,110
'මෙය XBLA හි හොඳම ක්‍රීඩාවයි'
'මෙම ක්‍රීඩාව අපූරුයි: 10 න් 10යි'

1013
00:59:15,135 --> 00:59:17,680
'වීඩියෝ ක්‍රීඩා පිළිබඳ සෑම විශිෂ්ට දෙයක් සඳහාම
මෙය ආදර ලිපියකි.'

1014
00:59:17,705 --> 00:59:19,890
'මේක නම් ශ්‍රේෂ්ඨත්වයට වඩා
අඩු දෙයක් නෙවෙයි.'

1015
00:59:19,915 --> 00:59:21,600
'දැන්ම මිලදී ගන්න!'
'5න් 5ක්!'

1016
00:59:21,976 --> 00:59:24,203
ඒවා දිගටම එන්න ගත්තා.

1017
00:59:25,031 --> 00:59:27,982
මම මේක බලාපොරොත්තු වුණේ නෑ.

1018
00:59:28,131 --> 00:59:31,277
අවංකවම මම මේ සමාලෝචන
බලාපොරොත්තු වුණේ නැහැ.

1019
00:59:31,371 --> 00:59:32,653
'මේ ගේම් එක දැන්ම ගන්න!'
'10න් 10ක්'

1020
00:59:32,678 --> 00:59:35,731
'5න් 4.5ක්'
'10න් 9ක්', '10න් 9.5ක්'

1021
00:59:35,931 --> 00:59:38,277
'Fallout' එළිදක්වන වෙලාවටම එළිදක්වන එකත්...

1022
00:59:38,302 --> 00:59:41,957
ඊට වඩා හොඳ සමාලෝචන ලැබෙන එකත් අමුතුයි.

1023
00:59:45,391 --> 00:59:48,752
ඒක අමුතුයි. විශේෂයෙන්ම ඒක
මම ගන්න යන ගේම් එකක් නිසා.

1024
00:59:49,570 --> 00:59:51,839
ඒක මාරම අපූරුයි.

1025
00:59:58,512 --> 01:00:03,559
ඒක කොච්චර කලකිරීමක්ද කියලා
ඔයාට තේරෙනවද කියලා මම දන්නේ නැහැ.

1026
01:00:03,584 --> 01:00:08,455
මම හිතන්නේ නැහැ ඔයාට ඒකෙ තියෙන
අමුතු දේ තේරෙනවා කියලා.

1027
01:00:08,480 --> 01:00:09,815
මට කමක් නෑ...

1028
01:00:09,946 --> 01:00:13,365
සමාලෝචනවලින් කියන දේවල්
මම ඇත්තටම ගණන් ගන්නේ නෑ.

1029
01:00:13,390 --> 01:00:16,196
එයාලා එතන ඉන්න එක අමුතුයි.

1030
01:00:16,221 --> 01:00:17,390
හොද වුණත්, නරක වුණත්

1031
01:00:17,415 --> 01:00:23,120
අපිට නවයයි දහයයි ලැබුනට කමක් නෑ...

1032
01:00:23,145 --> 01:00:23,746
ඒකට කමක් නෑ.

1033
01:00:25,279 --> 01:00:29,710
ඔව්, ඒත්, මට මගේ ජීවිත කාලය
පුරාම දේවල් ගැන අමුතුයි.

1034
01:00:31,247 --> 01:00:34,673
මිනිස්සු මෙහෙම කියන එක ටිකක් අමුතුයි:

1035
01:00:34,698 --> 01:00:39,053
මේ, ඔයා පොහොසත් වෙන්නයි යන්නේ.
ඔයාට මට කාර් එකක් අරන් දෙන්න පුළුවන්...'

1036
01:00:39,078 --> 01:00:41,221
ඔයා දන්නවනේ, විහිළුවට වගේ දෙයක්.

1037
01:00:41,513 --> 01:00:43,098
ඒත් එයාලා විහිළු කරන්නේ නැහැ.

1038
01:00:43,123 --> 01:00:45,934
මම කියන්නේ, මම එයාලට කාර් එකක්
ගන්නවා කියලා එයාලා විහිළු කරනවා.

1039
01:00:45,959 --> 01:00:47,580
මොකද මම කාටවත් කාර් එකක් ගන්නේ නැහැ.

1040
01:00:47,605 --> 01:00:49,424
මගේ දෙමව්පියන් හැර, එයාලට එකක් ඕන නම්.

1041
01:00:50,336 --> 01:00:53,692
ඒත්, ඒක ඇහෙද්දි,

1042
01:00:53,984 --> 01:00:55,152
...

1043
01:00:55,177 --> 01:01:00,074
මම අවුරුදු ගානක් හීන දැකපු හැමදෙයක්ම...

1044
01:01:00,099 --> 01:01:02,357
දවස් දෙකකින් ඇත්ත වෙන්න යනවා
කියල ඇහෙද්දි,

1045
01:01:02,382 --> 01:01:05,704
ඒ වගේම දැනටමත් හැබෑවෙන්න පටන් අරන්.
මාරම අහම්බයක්.

1046
01:01:06,080 --> 01:01:08,512
ඒ ගැන අඬන එක ගැන හිතද්දිත්
මට ඇඬෙනවා.

1047
01:01:08,537 --> 01:01:09,801
ඒක අමුතුයි.

1048
01:01:10,046 --> 01:01:11,002
ඒත්,

1049
01:01:13,295 --> 01:01:17,966
අපි ගේම් එක සහතික කිරීමට
ඉදිරිපත් කරද්දි මම ඇඬුවා.

1050
01:01:17,991 --> 01:01:21,804
මම ඇඬුවේ... මොකද ඒක...

1051
01:01:23,512 --> 01:01:27,159
ඒක හරියට ඔයාගේ දරුවා
 පාසලට යවනවා වගේ.

1052
01:01:27,184 --> 01:01:30,104
අපිට බලාගෙන ඉන්න විතරයි තියෙන්නේ.

1053
01:01:30,129 --> 01:01:32,336
අපි ඒකට ගොඩක් මහන්සි වුණා.

1054
01:01:34,070 --> 01:01:38,278
අපි මාස දෙකක් වගේ එක දිගට හිටියා

1055
01:01:38,303 --> 01:01:41,699
අප්‍රමාණ වැඩ ප්‍රමාණයක් කරනවා.

1056
01:01:41,724 --> 01:01:46,370
ඊට පස්සේ අපි ඒක සහතික කරන්න යවනවා.
ඒක මෙහෙමයි:

1057
01:01:46,395 --> 01:01:48,407
'හරි, අපි සති දෙකකින් ඔබට දන්වන්නම්'

1058
01:01:48,432 --> 01:01:50,708
ඒක හරියට: 'ආආආආ!'

1059
01:01:50,733 --> 01:01:52,384
ඒක සමත් වෙයිද?
ඒක සමත් වෙන්නේ නැද්ද?

1060
01:01:52,409 --> 01:01:53,711
මට දෝෂ හදන්න වේවිද?

1061
01:01:53,736 --> 01:01:55,838
ඊට පස්සේ මම ගේම් එක ගහද්දි,
මට දෝෂ පේනවා.

1062
01:01:55,863 --> 01:01:59,336
ඊට පස්සේ මම බය වෙලා මයික්‍රොසොෆ්ට් එකට
ඊමේල් කරනවා:

1063
01:01:59,361 --> 01:02:05,824
'දෙවියනේ! ගේම් එකේ
PEGI ශ්‍රේණිගත කිරීම් පෙන්වන්නේ නැහැ ...'

1064
01:02:05,849 --> 01:02:08,945
'... ඒක යුරෝපීය කලාපවලට යවනවා නම්,'

1065
01:02:09,059 --> 01:02:11,061
'ඒක ප්‍රශ්නයක් වෙයිද?'

1066
01:02:11,086 --> 01:02:13,316
ඒ වගේම ඔවුන් කියන්නේ:
'අනේ නෑ, ඒක අව්ලක් නෑ කියලා.

1067
01:02:13,341 --> 01:02:16,567
ඒක හරියට: 'ඔහ්? හරි එහෙනම්.' වගේ.

1068
01:02:18,552 --> 01:02:23,308
මට ඒ අදහස හොල්ලන්න බෑ...

1069
01:02:23,449 --> 01:02:26,535
...ඒවා හොඳ විචාර වුණත්.

1070
01:02:26,827 --> 01:02:28,537
අපි තවමත් අසමත් වන බව.

1071
01:02:28,829 --> 01:02:30,497
ඒක අමුතුයිද?

1072
01:02:31,441 --> 01:02:32,875
එහෙම දැනෙන එක අමුතුයිද?

1073
01:02:32,900 --> 01:02:36,170
මොකද ඒක මට සාමාන්‍ය දෙයක් වගේ දැනෙනවා.
ඒ වගේම ටොමීටත් ඒක සාමාන්‍ය දෙයක් වගේ දැනෙනවා කියලා මම දන්නවා.

1074
01:02:36,195 --> 01:02:38,589
නමුත්, මගේ මනසේ කොටසක් තවමත් කියනවා:

1075
01:02:38,614 --> 01:02:41,592
'Xbox Live හි ඉහළම ශ්‍රේණිගත කළ
ගේම් එක අප සතුව තිබුණත්...'

1076
01:02:41,617 --> 01:02:45,262
'...අපි තවමත් අසාර්ථක වෙන්නයි යන්නේ.'

1077
01:02:48,098 --> 01:02:50,320
ටොමී, ඔයාටත් එහෙම දැනෙනවද?

1078
01:02:50,345 --> 01:02:54,339
අපි අසමත් වෙයි කියලා කනස්සල්ලෙන් ඉන්න
කොටසක් තාමත් මගේ හිතේ ඉන්නවා.

1079
01:02:54,364 --> 01:02:56,857
ඔව්, ඒක හරි.

1080
01:02:57,149 --> 01:03:00,319
එහෙම එකක් තියෙනවා. ඒක ඇත්තක්.

1081
01:03:00,819 --> 01:03:03,672
මට ඒක අසාර්ථක වෙනවා දකින්න පුළුවන් එකම විදිහ...

1082
01:03:03,697 --> 01:03:06,241
...ගේම් එක ඩවුන්ලෝඩ් කරන
මුල්ම 1000 දෙනාට...

1083
01:03:06,266 --> 01:03:09,621
...ගේම් එක සේව් කරද්දි දෝෂයක් එනවා...

1084
01:03:09,661 --> 01:03:12,289
ඊළගට එයාලා අන්තර්ජාලයට ගිහින්,
ගේම් එකේ දෝෂ කියනවා.

1085
01:03:13,123 --> 01:03:16,335
ඔව්... ඒවා ඔයාට වෙනස් කරදර.

1086
01:03:16,627 --> 01:03:19,630
මම දන්නවා, ඔව්, මිනිස්සුන්ට එයාලගේ
සේව් ෆයිල් නැති වෙන්න පුළුවන්.

1087
01:03:19,655 --> 01:03:23,425
ඒත් එයාලට ඒකෙන් විනෝද වෙන්න පුලුවන්.
ඊට පස්සෙ අපිට පුලුවන් ඒක හදන්න.

1088
01:03:24,165 --> 01:03:28,385
ඉතින් මේ මාධ්‍ය සම්බන්ධතා

1089
01:03:28,752 --> 01:03:33,252
මිනිස්සු 5078 කට.

1090
01:03:33,477 --> 01:03:39,066
ඉතින් මම මාධ්‍ය නිවේදනය යවනවා.
වෙබ් අඩවිය, බ්ලොග් එක අප්ඩේට් කරනවා.

1091
01:03:39,174 --> 01:03:43,157
ෆේස්බුක් එක අප්ඩේට් කරනවා,
ඉතින් ඒකට තමයි රාත්‍රියක් කියන්නෙ.

1092
01:03:43,182 --> 01:03:45,739
ටොමී ඔයා මොකක්ද කරන්නෙ?

1093
01:03:46,198 --> 01:03:48,408
ආ... මොකද වුණේ?

1094
01:03:48,433 --> 01:03:49,792
මට නින්ද ගියා.

1095
01:03:49,817 --> 01:03:50,925
සිරාවට?

1096
01:03:51,425 --> 01:03:54,748
ඔව්...  ආ...
මොකක්ද ඔයා කිව්වේ?

1097
01:03:56,244 --> 01:03:58,461
නෑ නෑ, මුකුත් නෑ.

1098
01:03:58,561 --> 01:04:03,627
<i>Super Meat Boy හෙට නිකුත් කෙරේ.</i>

1099
01:04:24,141 --> 01:04:27,322
අද උදේ මට රෙනෝඩ්ගෙන් ඊමේල් එකක් ආවා...

1100
01:04:27,807 --> 01:04:30,617
...මගේ හිටපු සහකරු PAX එකට යනව කියලා...

1101
01:04:30,994 --> 01:04:34,794
...එයා වැඩ කරන වෙන
මොකක් හරි ගේම් එකකට.

1102
01:04:36,132 --> 01:04:38,250
ඌ තාම අත්සන් කරලා නෑ.

1103
01:04:38,405 --> 01:04:40,986
ඌ දවසෙන් වැඩි හරියක් පාරේ ඉන්නේ...

1104
01:04:41,099 --> 01:04:44,065
...ඊට පස්සේ ප්‍රදර්ශනයට එනවා.

1105
01:04:47,338 --> 01:04:51,221
ඒ වගේම, මට බයක් දැනෙනවා.

1106
01:04:51,246 --> 01:04:55,642
මට එකපාරටම අඬන්න, වමනෙ දාන්න,
සිහිය නැති වෙන්න එනවා වගේ.

1107
01:04:56,143 --> 01:04:57,978
මගේ හුස්ම ගැනීම අමුතුයි.

1108
01:04:58,138 --> 01:04:59,398
මට මගේ සිහිය නැති වෙන්නයි යන්නේ.

1109
01:04:59,423 --> 01:05:02,900
ඒ වගේම, මම ඌව මරන්නයි යන්නේ,
මම ඒ මිනිහව මරන්නයි යන්නේ.

1110
01:05:03,051 --> 01:05:05,485
ඒකෙන් හැමෝම අමාරුවේ වැටෙයි.

1111
01:05:05,510 --> 01:05:09,944
අපිව PAX එකෙන් එළියට දාවි,
ඒ වගේ භයානක ව්‍යසනයක්.

1112
01:05:10,891 --> 01:05:14,620
මම මේක කොහොම දරාගන්නද කියලා
මට හිතාගන්නවත් බෑ.

1113
01:05:15,986 --> 01:05:18,026
ඌ අත්සන් නොකළොත්,
අපට ඒ ප්‍රදර්ශනයට යන්න බැහැ.

1114
01:05:18,766 --> 01:05:23,754
ඌට පුළුවන්.ඌ උගේම වැඩක් කරයි,
මගේ වැඩේ නවතින්න යන්නේ.

1115
01:05:26,131 --> 01:05:29,176
මේක අද වෙන්නෙ. ප්‍රදර්ශනය හෙට උදේ.

1116
01:05:29,201 --> 01:05:32,220
අපිට හැමදේම ලෑස්ති ​​කරන්න
එක දවසයි තියෙන්නෙ.

1117
01:05:33,198 --> 01:05:34,738
ඒත් ඌ තාම අත්සන් කරලා නෑ.

1118
01:05:34,905 --> 01:05:39,144
ඒ වගේම, ඌ එනවා. ඌ එතනට ඇවිත්
ගේම් එක බලන්න යනවා.

1119
01:05:39,291 --> 01:05:45,609
ඒ වගේම, මම ඌව අමු අමුවේ මරන්නයි යන්නේ.
ඒ මිනිහට කෙලවන්න! සිරාවටම!

1120
01:05:48,695 --> 01:05:51,984
අපිට ප්‍රදර්ශනයට ලෑස්ති වෙන්න වෙනවා,
හරියට දන්නෙත් නැතුව...

1121
01:05:52,024 --> 01:05:56,244
...අපි ප්‍රදර්ශන කුටියක් හදනවා, හරියට දන්නෙත් නැතුව.

1122
01:05:56,324 --> 01:05:58,455
අපිට ඒක ගලවන්න වෙනවා.

1123
01:05:58,631 --> 01:06:01,583
අපිට FEZ kiosk එක ගලවන්න වෙනවා.

1124
01:06:01,959 --> 01:06:05,212
ඒ වගේම, ඒක පැත්තකට දාන්න.
හදන්න. ඊට පස්සෙ කඩන්න.

1125
01:06:07,506 --> 01:06:11,343
ඇයි? ඇයි ඌ මෙහෙම කරන්නේ?
මේකේ තේරුම මොකක්ද?

1126
01:06:14,330 --> 01:06:15,756
ඒකෙන් කිසිම තේරුමක් නැහැ.

1127
01:06:15,781 --> 01:06:19,977
ඌ මකබෑවෙන්න ඕන.
මට ගේම් එක ඉවර කරන්න.

1128
01:06:20,394 --> 01:06:24,358
කිසිම ආකාරයකින් මැදිහත් නොවෙන්න ඕන,
මොකද ඌට ගොඩක් දේවල් ලැබෙන්න යන්නෙ.

1129
01:06:24,383 --> 01:06:27,693
ඌ මට මගේ වැඩේ කරන්න දුන්නොත්.

1130
01:06:27,802 --> 01:06:30,654
ඌ කිසිම දෙයක් නොකර
කෝටිපතියෙක් වෙන්න යන්නේ.

1131
01:06:30,679 --> 01:06:32,447
ඌ මොකුත් කරලා නෑ.

1132
01:06:32,472 --> 01:06:35,450
මම නිසා ඌ කෝටිපතියෙක් වෙයි.

1133
01:06:37,723 --> 01:06:42,249
ඒ වගේම, කොහොමහරි ඌ ඒක කඩාකප්පල් කරන්න හදනවා.
ඌ හදන්නෙ ඒක විනාශ කරන්න.

1134
01:06:42,470 --> 01:06:44,251
නැත්නම් මාත් එක්ක සෙල්ලම් කරනවද?

1135
01:06:44,543 --> 01:06:48,005
ඌ මෝඩද, කෲරද, නැත්නම් දෙකමද?

1136
01:06:53,593 --> 01:06:55,512
මේක ඕනවට වැඩියි.

1137
01:06:56,622 --> 01:06:58,765
ඕනවට වැඩි අවදානමක්.

1138
01:07:04,435 --> 01:07:06,562
මට හිතෙන්නේ මේක භයානක විදිහට
ඉවර වෙන්න යනවා වගේ.

1139
01:07:06,587 --> 01:07:08,689
සම්බන්ධ වුණු හැමෝටම.

1140
01:07:42,330 --> 01:07:44,978
රිමෝට් එක කොහෙද?
රිමෝට් එක ඔතන තියෙද?

1141
01:08:01,161 --> 01:08:02,954
මොකක්ද වෙලා තියෙන්නේ?

1142
01:08:03,211 --> 01:08:05,332
උඹල මාත් එක්ක විහිලු කරනවද?

1143
01:08:06,041 --> 01:08:07,959
සිරාවටම උඹල මාත් එක්ක විහිලු කරනවද?

1144
01:08:08,879 --> 01:08:10,045
ඒක කොහේ ද?

1145
01:08:10,712 --> 01:08:12,380
ඒක මෙතන නෑ.

1146
01:08:20,097 --> 01:08:22,015
මොන @#$ක් ද!?!

1147
01:08:26,937 --> 01:08:29,356
මේක නම් පට්ට කුණුහරපයක්.

1148
01:08:40,367 --> 01:08:43,578
අපිව වැඩක් නෑ.
උන්ට අපෙන් වැඩක් නෑ.

1149
01:08:45,103 --> 01:08:46,414
අපිව කෙලවනවා.

1150
01:08:49,518 --> 01:08:52,438
උන්ට වැඩක් නෑ.
උන්ට එච්චර ගානක් නෑ.

1151
01:08:54,135 --> 01:08:56,675
අපිට...

1152
01:09:01,930 --> 01:09:03,849
...අපිව මාකට් එකේ දාලා නෑ...

1153
01:09:04,141 --> 01:09:06,685
...විකිණීමේ සම්පූර්ණ කාරණය ඒක...

1154
01:09:06,977 --> 01:09:08,311
මේ මෝඩ ප්‍රවර්ධනය කරන එක.

1155
01:09:08,603 --> 01:09:11,439
මේ ගේම් එක වෙලාවට එළියට ගන්න
මම මාවම මරා ගත්තා.

1156
01:09:18,071 --> 01:09:20,824
එයාලා ඔයාට පොරොන්දු වුණේ මොකක්ද?

1157
01:09:21,867 --> 01:09:24,494
අපිට Xbox එකේ ඉස්සරහ තැනක් දෙනවා කිව්වා...

1158
01:09:24,679 --> 01:09:27,581
...අනෙක් හැම ජරා ගේම් එකකටම වගේ.

1159
01:09:28,748 --> 01:09:30,959
ඒක කොච්චර වැදගත්ද?

1160
01:09:31,334 --> 01:09:33,253
ඒක මාරම වැදගත්.

1161
01:09:34,112 --> 01:09:37,215
ඒක හරියට කඩේකට ගිහින්...

1162
01:09:37,240 --> 01:09:39,885
ගේම් එක කඩේ ඇතුලේ තියෙනවද
කියල අහනව වගේ...

1163
01:09:39,910 --> 01:09:42,429
...මොකද කඩේ අය ඒක ඉස්සරහ පෙන්නල නැති නිසා.

1164
01:09:43,653 --> 01:09:46,308
ඔයා දන්නවනේ, මිනිස්සු කොච්චර අඩුවෙන්
එහෙම කරනවද කියලා.

1165
01:09:55,233 --> 01:09:57,152
මම විකුණුම් දිහා බලන්නේ නැහැ.

1166
01:09:57,983 --> 01:09:59,404
නෑ, මම විකුණුම් දිහා බලන්නේ නැහැ.

1167
01:09:59,429 --> 01:10:01,573
විකුණුම් දිහා බලන එකෙන් වැඩක් නෑ...

1168
01:10:01,990 --> 01:10:06,833
...මොකද මට ඒක කොහොමද වෙන්නේ කියලා
තක්සේරු කරන්න කිසිම ක්‍රමයක් නැහැ...

1169
01:10:06,953 --> 01:10:08,371
...මුල්ම පැය කිහිපය ඇතුළත.

1170
01:10:08,466 --> 01:10:12,866
මම ඒක බාගෙන ලීඩර්බෝඩ්
බලන එකේ කිසිම තේරුමක් නැහැ.

1171
01:10:13,499 --> 01:10:17,874
ඒකෙන් මට පිස්සු හැදෙයි, OCD හැදෙයි.
ඒක නිතරම අලුත් වෙනවා.

1172
01:10:17,958 --> 01:10:22,358
මම මයික්‍රොසොෆ්ට් එකෙන් කතා කරනකම් ඉන්නවා.

1173
01:10:23,637 --> 01:10:25,263
එහෙමයි ඔයා කරන්නෙ එහෙනම් :)

1174
01:10:28,266 --> 01:10:30,101
පළවෙනි දවස මාරම වැදගත්...

1175
01:10:30,126 --> 01:10:33,813
...මොකද ඒක හරියට. ඒක සෙට් වෙනවා.
ඒක හරියට වේග කාර් එකක් වගේ.

1176
01:10:33,838 --> 01:10:38,068
පළවෙනි දවසෙම පිටපත්
විසි තිස් දාහක් විකුණුවොත්...

1177
01:10:38,093 --> 01:10:40,779
...හොඳයි, එහෙනම් පඩිපෙළක් පහළට
යනවා බලාපොරොත්තු වෙන්න පුලුවන්.

1178
01:10:40,804 --> 01:10:42,781
දැන් අපි පටන් ගන්න යන්නෙත්
ගොඩක් අඩුවෙන්...

1179
01:10:42,806 --> 01:10:48,386
...ඒක එකම ප්‍රස්ථාරයක් වෙන්නයි යන්නේ,
ඒත් ගොඩක් පොඩියට.

1180
01:10:48,411 --> 01:10:51,081
...ඒ වගේම අපිට ඒ ගැන කරන්න දෙයක් නැහැ.

1181
01:10:51,406 --> 01:10:53,606
මොකද දවසෙන් බාගයක් ඉවරයි...

1182
01:10:54,292 --> 01:10:56,544
අපිට තිබුණු දෙයින් බාගයක් ලැබෙනවා.

1183
01:10:57,339 --> 01:11:03,068
අපිට ට්විටර් එකට ගිහින්, ගේම් එක හොයාගන්නේ
කොහොමද කියලා මිනිස්සුන්ට කියන්න සිද්ධ වුනොත්...

1184
01:11:03,093 --> 01:11:06,012
... ඒක භයානකයි.

1185
01:11:06,304 --> 01:11:11,409
මොකද ඒක 'අපි මෙතන ඉන්නවා, ඇවිත් ගන්න'
වගේ දෙයක් නෙවෙයි නිසා...

1186
01:11:11,434 --> 01:11:18,500
නෑ, අපිට කියන්න වෙනවා පියවර 5ක විතර
කරන්න ඕන දේවල් ටිකක්...

1187
01:11:18,525 --> 01:11:23,029
...ඇත්තටම ගේම් එක ගන්න.
ඒක හරි මෝඩ වැඩක්.

1188
01:11:23,205 --> 01:11:27,300
Microsoft එකට බනිනවා හැරෙන්න
අපිට වෙන කරන්න දෙයක් නෑ...

1189
01:11:27,325 --> 01:11:30,161
ඊට පස්සේ, ආයේ කවදාවත් ඒගොල්ලොත් එක්ක
වැඩ කරන්නෙ නෑ.

1190
01:11:30,453 --> 01:11:33,623
ඒක හරිම මෝඩයි. මට ආයෙත්
ගේම් හදන්න ඕන නෑ.

1191
01:11:35,000 --> 01:11:37,168
මම කාර් වල වැඩ කරන්නම්.

1192
01:11:39,137 --> 01:11:41,798
මට කාර් වල වැඩ කරන්න ඕන නෑ.
මට කිසිම දෙයක් කරන්න ඕන නෑ.

1193
01:11:42,887 --> 01:11:45,176
මට මෝඩයෙක් වෙන්න පුළුවන්ද?

1194
01:11:45,493 --> 01:11:52,470
<i>නිකුත් කළ දින සිට පැය හතරක් ගතවී ඇතත්,
ක්‍රීඩාවේ දැන්වීම xbox හි නොමැත.</i>

1195
01:12:02,661 --> 01:12:05,280
ඒ සිකුරාදා. PAX එකේ පළවෙනි දවස.

1196
01:12:05,714 --> 01:12:08,870
දැන් වෙලාව උදේ 7.20 යි,

1197
01:12:09,794 --> 01:12:11,369
ප්‍රදර්ශනය 9ට පටන්ගන්නවා.

1198
01:12:12,183 --> 01:12:14,622
තාමත් අත්සන නෑ.

1199
01:12:18,209 --> 01:12:19,419
ඒක භයානකයි.

1200
01:12:19,690 --> 01:12:21,671
සිරාවටම මම ඒකට කැමති නෑ.

1201
01:12:22,412 --> 01:12:23,821
හැමෝම කියන්නේ මට ඒක කරන්න කියලා.

1202
01:12:23,923 --> 01:12:25,175
ඒ වගේම හැමදේම ලෑස්තියි.

1203
01:12:25,200 --> 01:12:29,571
අනික, මම නිකන් බෑ කියලා මගේ
හෝටල් කාමරේ නවතිනවා වගේ නෙවෙයි.

1204
01:12:29,596 --> 01:12:32,807
මම ටැග් කරලා හැමෝම එක්ක
ප්‍රදර්ශනේ තියෙන තැනට යනවා...

1205
01:12:33,308 --> 01:12:35,310
මගේ වැඩේ කරනවා.

1206
01:12:35,644 --> 01:12:39,510
<i>PAX හි පෙන්වීමෙන්,
ෆිල් නඩුවක අවදානමකට ලක්වේ.</i>

1207
01:12:40,443 --> 01:12:43,775
ඔව්, මම හිතන්නේ මම ගොඩක් කලබලයි.

1208
01:12:44,019 --> 01:12:45,779
ඒක පළවෙනි වතාව
ගේම් එක ආයෙ පෙන්නන...

1209
01:12:46,232 --> 01:12:48,615
...මුලින්ම අපි පෙන්නපු දවසට පස්සේ.

1210
01:12:49,043 --> 01:12:55,121
නිකුත් කරන්න කලින් තියෙන සාර්ථකත්වයෙන්
ලෝකය ඔයා වෙනුවෙන් බලන් ඉන්නවා කියල සහතික වෙන්නෙ නෑ.

1211
01:12:55,298 --> 01:12:57,499
මට FEZ ගැන තියෙන අවුල තමයි...

1212
01:12:57,554 --> 01:13:00,165
ඒක එළියට එන කාලෙ වෙද්දි...

1213
01:13:00,509 --> 01:13:02,712
...අපි වෙන දෙයකට මාරු වෙලා ඉදීද කියන එක.

1214
01:13:03,148 --> 01:13:09,303
මම බලාපොරොත්තු වෙනවා ඒක හරියට
ෆීනික්ස් නැගිටිනවා වගේ වෙයි කියලා.

1215
01:13:09,492 --> 01:13:11,096
ඔහ් ඔව්, FEZ ආපහු ආවා.

1216
01:13:11,388 --> 01:13:13,948
මිනිස්සු අපි ඇත්තක් කරන්නෙ  කියලා
හිතන්න ගනීවි...

1217
01:13:14,259 --> 01:13:17,352
...අපි විහිලුවක් නෙවෙයි කියලා තේරුම් ගනීවී.

1218
01:13:19,930 --> 01:13:22,107
ඒක දැනෙන්න සලස්වන්න...

1219
01:13:22,997 --> 01:13:25,276
හැම දේම ඇත්ත.

1220
01:13:35,230 --> 01:13:39,040
තව විනාඩි 5කින් විතර දොරවල් ඇරෙයි.
එළියෙ මිලියනයක් විතර මිනිස්සු ඉන්නවා.

1221
01:13:39,119 --> 01:13:41,918
මම පැයකට විතර කලින්
ට්‍රේලර් එක දැම්මා.

1222
01:13:42,008 --> 01:13:44,754
දැනටමත් වැඩේ පටන් අරන්.

1223
01:13:44,830 --> 01:13:47,424
මේක ඇත්තක්, මේක දැන් වෙනවා.

1224
01:13:48,299 --> 01:13:50,552
ඒක එළියේ තියෙන්නේ.

1225
01:13:58,243 --> 01:14:01,479
ඒක ඇග හිරිවැටෙන අත්දැකීමක්...

1226
01:14:01,687 --> 01:14:05,221
...වෙන කෙනෙක් මගේ ඉවර නොකරපු
ගේම් එක ගහන එක.

1227
01:14:06,131 --> 01:14:08,466
මොකද ඒක ඉවර නෑ.

1228
01:14:08,532 --> 01:14:10,780
කවුරුහරි කොහේහරි හිරවුණොත්...

1229
01:14:11,114 --> 01:14:13,754
...නැත්නම්, මොකක් හරි එයාලට නොතේරෙන,
අකමැති කොටසක් තිබුණොත්,

1230
01:14:13,865 --> 01:14:16,744
"ඒක ඉවර නෑ, මම පස්සෙ හදන්නම්"

1231
01:14:20,865 --> 01:14:23,418
ඔව්, ඒක දැනෙනවා..

1232
01:14:23,655 --> 01:14:25,545
...ගොඩක්ම පුද්‍ගලිකව.

1233
01:14:25,570 --> 01:14:27,881
ඒක මාරම සමීපයි.

1234
01:14:28,722 --> 01:14:32,135
ඔව්, අපි බලමු මොකද වෙන්නෙ කියලා.

1235
01:14:46,300 --> 01:14:49,486
මං හිතන්නෙ ඒක දෝෂයක්.

1236
01:14:49,744 --> 01:14:51,779
ඔයා දැන් හිරවෙලා ඉන්නෙ.

1237
01:14:58,823 --> 01:15:01,264
මම දන්නේ නෑ ඒ මොකක්ද කියලා....

1238
01:15:01,289 --> 01:15:04,959
මං හිතන්නෙ එයා එක දිගට කතාකරනවා,
ඊට පස්සෙ මොකක්ද වෙනවා.

1239
01:15:05,376 --> 01:15:08,630
අවුලක් නැත්නම් ඔයා ආයෙ පටන්ගන්න.

1240
01:15:11,216 --> 01:15:12,817
පළවෙනි කෙනා...

1241
01:15:13,446 --> 01:15:16,638
...ගේම් එක පටන්ගත්තු ගමන්ම දෝෂයක්.

1242
01:15:18,765 --> 01:15:22,579
ආහ්, දෙයියනේ, ඒක සම්පූර්ණයෙන්ම කැඩිලා.

1243
01:15:23,645 --> 01:15:24,979
ඒක හොඳ නැහැ.

1244
01:15:25,004 --> 01:15:28,024
ආහ්, මට මේක ආයෙත් පටන් ගන්න ඕන.

1245
01:15:28,733 --> 01:15:30,693
යතුරු කොහෙද?

1246
01:15:33,530 --> 01:15:39,160
පටන් ගන්න තැනම දෝෂයක් තියෙනවා.
ගේම් එක ගහන්න බෑ.

1247
01:15:53,716 --> 01:15:58,112
ගේම් එක එකදිගට බිදවැටුණා.
සම්පූර්ණයෙන්ම අස්ථායීයි.

1248
01:15:58,137 --> 01:16:01,391
පටන් ගන්න තැනම ගේම් එක නවතින දෝෂ තියෙනවා.

1249
01:16:03,268 --> 01:16:04,519
රෙද්ද!

1250
01:16:04,811 --> 01:16:06,980
අලුත් ගේම් එකක් පටන්ගන්න තියෙන
බටන් එකවත් වැඩ නෑ.

1251
01:16:07,313 --> 01:16:10,650
මට පරිගණකය ආයෙ ආයෙත් පනගන්වන්න වුනා.

1252
01:16:11,109 --> 01:16:14,320
ඒක ව්‍යසනයක්. ඒක සම්පූර්ණ ව්‍යසනයක්.

1253
01:16:18,866 --> 01:16:20,618
මොකද වුණේ? ඔයා කොහෙද හිටියේ?

1254
01:16:20,910 --> 01:16:22,829
මුකුත් නෑ. අලුත් ගේම් එකක් පටන් ගත්තා විතරයි.

1255
01:16:23,121 --> 01:16:24,914
ඒක අහසේ නැවතුනා.

1256
01:16:27,542 --> 01:16:29,794
පොඩ්ඩක් ඉන්න.

1257
01:16:30,962 --> 01:16:33,965
ඒක කඩා වැටෙන හැම වෙලාවකම දැනුනෙ
පෞද්ගලික අසාර්ථකත්වයක් විදියට.

1258
01:16:34,257 --> 01:16:36,634
ගැඹුරු පෞද්ගලික අසාර්ථකත්වයක් වගේ.

1259
01:16:37,427 --> 01:16:39,762
මට ඇත්තටම ගේම් එක නවත්තලා
ආයෙ පටන් ගන්න ඕන.

1260
01:16:40,096 --> 01:16:43,349
මම සමාව ගන්න ඕන වුණා,
'සමාවෙන්න, මම ඔයාගෙ වෙලාව නාස්ති කළා...'

1261
01:16:43,641 --> 01:16:46,477
...ඕන නම් ඔයාට ආයෙ පටන්ගන්න පුලුවන්'.

1262
01:16:48,730 --> 01:16:50,982
අපි ඊයේ රෑ ඕනෑවට වඩා වෙනස්කම් කළා.

1263
01:16:51,007 --> 01:16:54,944
දැන් තියෙන්නෙ අස්ථායී ගේම් එකක්.

1264
01:17:03,622 --> 01:17:06,277
<i>නිකුත් කරන දිනය.</i>

1265
01:17:06,302 --> 01:17:09,311
<i>පැය 8කට පසු.</i>

1266
01:17:42,700 --> 01:17:48,414
කෙනෙක් මට විකුණුම් සංඛ්‍යාලේඛන එව්වා,
ඒ වගේම අපි පිටපත් 9500ක් විකුණලා තියෙනවා.

1267
01:17:48,706 --> 01:17:52,627
ඉතින් තව 500 + 10 ක් විකුණුනොත්
අපි සාර්ථකයි...

1268
01:17:52,919 --> 01:17:58,091
...පළවෙනි දවස විදියට,
දැන් වෙලාව දවල් 2යි.

1269
01:18:03,888 --> 01:18:07,934
අපට 15,000 ඉදන් 20,000 දක්වා
විකුණන්න පුලුවන් අවස්ථාවක් තියෙනවා...

1270
01:18:08,226 --> 01:18:11,104
...අද, ඒක ගොඩක්, ගොඩාක් ලොකු
සාර්ථකත්වයක් වේවි...

1271
01:18:11,437 --> 01:18:14,023
...වාර්තා කඩන එකක් නොවුනත්,
ඇත්තටම නියමයි.

1272
01:18:16,567 --> 01:18:19,570
පසුගිය පැය 10 තුළ, Super Meat Boy
එකෙන් හොයලා තියෙනවා...

1273
01:18:19,862 --> 01:18:22,990
...මම පහුගිය අවුරුදු 6ටම හොයපු සල්ලි
එකතු කරල ගත්තත්, ඊට වැඩි ගානක්.

1274
01:18:28,538 --> 01:18:30,665
ඒක ටිකක් රසවත්.

1275
01:18:38,798 --> 01:18:40,717
මම දන්නේ නැහැ, ඒක ඇත්තටම අද්භූතයි...

1276
01:18:44,470 --> 01:18:48,307
ටොමීත් මෙතන හිටියනම් කියලා හිතෙනවා.

1277
01:19:04,268 --> 01:19:07,701
දේවල් හොදින් වෙනවා.

1278
01:19:07,726 --> 01:19:12,165
ගේම් එක නවතින දෝෂ සෑගෙන්න තියෙනවා...

1279
01:19:12,190 --> 01:19:17,003
...ඉතින් මට පරිගණකය ආයෙ ආයෙ
ඔන් කරන්න වුණා.

1280
01:19:17,838 --> 01:19:22,341
ඒත් මිනිස්සු ගේම් එකෙන් සතුටු වෙනවා.
ගොඩක් අය විනාඩි 20ක් විතර සෙල්ලම් කළා.

1281
01:19:23,558 --> 01:19:27,972
දැනට තිබුණු හොදම ප්ලේ ටෙස්ට් එක මේක.

1282
01:19:29,625 --> 01:19:35,396
මට ඕන වුණේ ලස්සන තැනක්,
ඉන්න හිතෙන තැනක් හදන්න.

1283
01:19:36,272 --> 01:19:41,819
ඒ වගේම විවෘතභාවය සහ
ත්‍රාසජනක හැඟීමක් දෙන්න...

1284
01:19:41,885 --> 01:19:46,032
... ඒත් ගොඩක් සරලව,
ළමයෙක්‍ට වුණත් ගැලපෙන විදියෙ.

1285
01:20:07,754 --> 01:20:13,601
මට ඇත්තටම ඕන මිනිස්සු ඒ ලෝකයට ඇතුල් වෙලා
සතුටින් කාලය ගත කරනවා දකින්න.

1286
01:20:13,678 --> 01:20:18,981
ඒක තමයි ගේම් එක,
කාලය ගත කරන්න හොඳ තැනක්.

1287
01:20:20,066 --> 01:20:24,045
මම පොඩි කාලේ සෙල්ලම් කරපු ඒ අත්දැකීම
ආයෙ ඇති කරන්න උත්සාහ කරනවා....

1288
01:20:24,070 --> 01:20:27,284
...ඉන්ටර්නෙට් එක එන්න කලින් තිබුණු
නාගරික ජනප්‍රවාද අහන්න...

1289
01:20:27,309 --> 01:20:30,660
..."හේයි, මට ඇහෙනවා ඔයා කොනේ
තත්පර 5ක් හිටගෙන ගිහින් පහළට ඔබන්න කියලා....

1290
01:20:30,952 --> 01:20:33,412
..."ඊට පස්සේ, ඔයා දෙපාරක් උඩ පනිනවා,
ඒකෙන් ඔයාව වෙන තැනකට ගෙනියනවා."

1291
01:20:33,704 --> 01:20:35,414
ඔව්, මම සෙල්ලම් කරන්න පටන් ගත්ත කාලේ වගේමයි.

1292
01:20:35,572 --> 01:20:37,250
ඒ වගේ තමයි මේ ගේම් එකෙත් කතා කරන්නේ.

1293
01:20:49,846 --> 01:20:51,390
අලුත් FEZ එකක් දැකීම සතුටක්.

1294
01:20:51,415 --> 01:20:55,351
මේ මොහොතේ මේක FEZ 4.
මම ගේම් 3ක් අතහැරියා.

1295
01:20:55,968 --> 01:20:58,008
ඒත් මම හිතන්නේ අපි ඒක කළා.

1296
01:20:58,033 --> 01:20:59,988
ඒකෙ චිත්‍ර පිස්සුවක්.

1297
01:21:00,013 --> 01:21:01,182
ස්තූතියි.

1298
01:21:01,541 --> 01:21:05,010
කෙන් මට පෙනී ආකේඩ් හි
ටයිචෝව හඳුන්වා දුන්නා...

1299
01:21:05,436 --> 01:21:08,239
...ඔහු ගේම් එකට ගොඩක් කැමති වුණා.

1300
01:21:09,073 --> 01:21:12,910
ඩ්‍රම් කට්ටලයේ පැත්ත දැක්ක ගමන්
ඒක පිස්සුවක් වගේ...

1301
01:21:12,935 --> 01:21:14,595
ඒ පික්සල් ආර්ට් දකිනකොට වගේ.

1302
01:21:14,620 --> 01:21:16,330
ඔයා හිතන්නේ ඒක පික්සල් ආර්ට් කියලා?

1303
01:21:16,355 --> 01:21:18,624
මෙයා වීඩියෝ ගේම් කර්මාන්තයේ
බලවත් චරිතයක්.

1304
01:21:18,789 --> 01:21:22,475
මේ මුළු යෝධ ප්‍රදර්ශනයම මෙහෙයවන්නේ එයා!

1305
01:21:23,176 --> 01:21:26,396
මට මේ කොටස ගොඩක් ආසයි.
ඒක හරියට: හූ...හ්

1306
01:21:26,421 --> 01:21:28,516
දැන්, ඒක පික්සල් ආර්ට්.

1307
01:21:28,541 --> 01:21:30,520
@#නවා ඔව්නෙ.

1308
01:21:30,780 --> 01:21:32,440
මට මාර සතුටුයි මෙයාව මුණගැහුණට...

1309
01:21:32,465 --> 01:21:35,641
...ඒ වගේම එයා ගේම් එකට ගොඩක්ම කැමතියි.

1310
01:21:37,661 --> 01:21:40,396
මට දැන් Destructoid ගෙන් ping එකක් ආවා...

1311
01:21:40,421 --> 01:21:42,800
... ට්‍රේලර් එක පළ කරපු කෙනෙක්ගෙන්.

1312
01:21:43,060 --> 01:21:47,612
Destructoid ගේ ඒ පෝස්ට් එකෙන් විතරක්...

1313
01:21:48,220 --> 01:21:53,256
...දැනටමත් ෆේස්බුක් එකේ 'Likes' 11,000 ක්
සහ රීට්වීට් 209 ක්  අරගෙන.

1314
01:21:53,281 --> 01:21:54,827
ඉන්න, ඒ පැය 2කින් විතරයි!

1315
01:21:54,867 --> 01:21:55,953
ඔව්, පැය 2 කින්!

1316
01:22:05,082 --> 01:22:07,214
ඔව්, මිනිස්සු FEZ එකට කැමතියි.

1317
01:22:08,049 --> 01:22:10,217
පේන විදියට හැමෝම වගේ.

1318
01:22:10,889 --> 01:22:12,028
කොහොමද ඔයාට දැනෙන්නේ?

1319
01:22:12,053 --> 01:22:13,528
ගොඩක් හොදයි.

1320
01:22:18,338 --> 01:22:19,560
මේ මොන ගේම් එකක්ද බ්‍රැඩ්?

1321
01:22:20,011 --> 01:22:23,079
සුපිරි @#$ @#$.

1322
01:22:25,119 --> 01:22:27,443
මේක අමාරුම කොටසක් වගේ.

1323
01:22:29,612 --> 01:22:31,864
කරන්න ඕන මොකක්ද?

1324
01:22:33,115 --> 01:22:35,034
මිනිස්සු ගේම් එක ගහනවා දැක්කම පිස්සු හැදෙනවා.

1325
01:22:35,326 --> 01:22:38,329
අපට ලැබෙන සමාලෝචන සහ දේවල්
ඇත්තෙන්ම හොඳයි, නමුත්...

1326
01:22:38,354 --> 01:22:40,373
...ඒත් මිනිස්සු සෙල්ලම් කරනවා දකින එකයි
සහ ප්‍රතිචාර අහන එකයි...

1327
01:22:40,398 --> 01:22:45,503
... ඊට එහා ගිහිපු දෙයක්.
ඒක හරිම අව්‍යාජ‍යි, හෘදයාංගමයි.

1328
01:22:46,337 --> 01:22:49,548
එයාලා සතුටු වෙනවා කියලා
එයාලගෙ කටහඩින්ම අහගන්න පුලුවන්

1329
01:22:49,573 --> 01:22:51,342
ඒකෙන් මට ගොඩක් හොඳ හැඟීමක් දැනෙනවා.

1330
01:22:51,367 --> 01:22:54,191
මේ ලෙවල් එක ඩිසයින් කරපු කෙනාට
ඔයාට එක දෙයක් කියන්න තිබුනනම්?

1331
01:22:54,216 --> 01:22:57,598
@#$$

1332
01:22:59,751 --> 01:23:02,687
ග්‍රෝන් - ඇයි ඔයා උලට ගැහුවේ?

1333
01:23:03,671 --> 01:23:07,024
ඔයාට සතුටක් දැනෙයි...

1334
01:23:07,049 --> 01:23:09,344
නැත්නම් ගැඹුරු පාඩුවක් දැනෙයි...

1335
01:23:09,568 --> 01:23:12,154
...අන්තිමට ඔයා මේක ඉවර කළාම.

1336
01:23:19,245 --> 01:23:22,081
@#$ අපායක්නෙ මචං.

1337
01:23:22,231 --> 01:23:23,708
කොහොමද දැනෙන්නේ, උඹ හොඳින්ද?

1338
01:23:23,932 --> 01:23:25,245
ටොමී?

1339
01:23:26,145 --> 01:23:27,191
ටොමී?

1340
01:23:27,385 --> 01:23:28,085
ඔව්ව්

1341
01:23:28,132 --> 01:23:29,422
ජෝන්ගෙන් ඊමේල් එකක්.

1342
01:23:29,843 --> 01:23:32,800
Braid පළවෙනි දවසෙ 10k විකිණිලා.

1343
01:23:33,010 --> 01:23:33,718
ඔහ්, නියමයි.

1344
01:23:33,797 --> 01:23:36,012
අපි 15k වලට ගොඩක් ළගයි.

1345
01:23:36,196 --> 01:23:37,596
ඒක නම් නියමයි.

1346
01:23:37,888 --> 01:23:39,542
ඒ උඹට මතකද Braid ගේම් එක?

1347
01:23:39,769 --> 01:23:41,350
ඔව් ඔව්.

1348
01:23:43,519 --> 01:23:46,605
මම හිතන්නේ අපිට පුළුවන් 20k ගන්න.
මම හිතන්නේ අපිට පුළුවන්.

1349
01:23:47,106 --> 01:23:50,151
ඒ කියන්නේ පළවෙනි දවසේ...

1350
01:23:50,289 --> 01:23:53,320
...අපි වඩාත්ම සාර්ථක එකක් වගේ
 දෙගුණයක් විකුණන්න පුළුවන්...

1351
01:23:53,345 --> 01:23:55,406
... මෙච්චර කාලෙකට ආපු ඉන්ඩි ගේම්ස් වලින්.

1352
01:23:55,489 --> 01:24:00,870
අපි ඇත්තටම පැයකට
දහසක් දෙනා ගානෙ යනවා.

1353
01:24:01,670 --> 01:24:02,705
ම්ම්ම්...

1354
01:24:02,837 --> 01:24:07,877
ඒක පිස්සුවක්. ටොමී, උඹ මේ ගැන
 ගොඩක් සතුටු වෙන්න ඕනේ.

1355
01:24:08,623 --> 01:24:12,423
මට සතුටුයි. ඒ වගේම මහන්සියි.
මාරම මහන්සියි.

1356
01:24:13,758 --> 01:24:15,342
ඒක පිස්සුවක්.

1357
01:24:15,440 --> 01:24:21,348
පිටපත් 15,000ක්, ටොමී.

1358
01:24:21,501 --> 01:24:24,643
ඔහ්, ටොමී, මචං උඹට තවත්
සතුටු වෙන්න ඕන නම්...

1359
01:24:24,668 --> 01:24:28,189
...යූටියුබ් එකට ගිහින්, Super Meat Boy ගැහුවම එන
 අලුත්ම එක බලන්න.

1360
01:24:28,214 --> 01:24:33,027
දැන් පෝස්ට් එකක් දාපු එකෙක් ඉන්නවා
'හෙළිදරව්වක් කරනවා' කියලා.

1361
01:24:33,052 --> 01:24:35,326
එයාට ගේම් එක ගැන හෙළිදරව්වක් කරන්න ඕන වෙලා.

1362
01:24:35,420 --> 01:24:36,989
ඉතින්, එයා එළියට ගිහින් ලකුණු සල්ලි දීලා ගත්තා.

1363
01:24:37,133 --> 01:24:39,617
ඒකෙන් පෙන්නන්නෙ එයා ලකුණු ගන්න විදිය,
ලකුණු බේර ගන්න විදිය...

1364
01:24:40,034 --> 01:24:42,119
...ගේම් එකට දානවා,
ගේම් එක ගන්නවා.

1365
01:24:42,144 --> 01:24:44,997
ඊට පස්සේ, එයාම ගේම් එක ගහනවා.

1366
01:25:00,805 --> 01:25:06,185
දෙයියනේ! දෙයියනේ!

1367
01:25:08,687 --> 01:25:12,483
මම මේ ෂර්ට් එකට කැමතියි. ඔහ්, මේක මාරයි!

1368
01:25:15,387 --> 01:25:19,115
ගේම් එක කොහොම වුණත්...

1369
01:25:19,406 --> 01:25:23,828
මම ඒ ගැන ආඩම්බර වෙනවා කියලා
හැමතිස්සෙම මතක තියාගන්න කැමතියි.

1370
01:25:23,966 --> 01:25:28,165
ඒ වගේම, මට ගේම් එකේ වීඩියෝ බලන්න පුළුවන් එක
නියමයි කියලා මම හිතනවා....

1371
01:25:28,306 --> 01:25:29,834
...තාමත් ඒකෙ මැජික් තියෙනවා.

1372
01:25:29,859 --> 01:25:34,213
මම මුළු කාලයම ගත කළේ ඒක....

1373
01:25:34,238 --> 01:25:37,550
...මට හදන්න සිද්ධ වුණු
දෝෂ සහිත මෘදුකාංගයක් විදිහට.

1374
01:25:37,785 --> 01:25:41,595
මම හිතන්නේ ඒක තාමත් නියමයි කියලා...

1375
01:25:41,620 --> 01:25:43,973
...Giant Bomb ගෙ වීඩියෝව සහ
ඒක 'දෝෂ මට්ටමට' ළඟා වීම...

1376
01:25:44,265 --> 01:25:47,184
...ඒක තමයි මම කවදාවත් දැකපු සුපිරිම දේ.

1377
01:25:48,245 --> 01:25:50,951
මොකද වෙන්නේ?

1378
01:25:54,108 --> 01:25:57,778
මචං, අපිට නියම ෆෑන් ආර්ට් එකක් තියෙනවා.
ඇත්තටම නියම ෆෑන් ආර්ට් එකක්.

1379
01:25:58,070 --> 01:25:59,572
මේක ඇත්තටම හොඳ චිත්‍රයක්.

1380
01:25:59,597 --> 01:26:05,161
ඒක පිස්සුවක්. මම ඉස්සර මාරියෝ අඳිනවා.
ඒක අඳින්නෙ හරිම ආසාවෙන්.

1381
01:26:07,746 --> 01:26:10,249
<i>එය ඔබව වැඩ කිරීමට සලස්වන
අසාමාන්‍ය ප්ලැට්ෆෝම් ගේම් එකක්...</i>

1382
01:26:10,274 --> 01:26:11,709
<i>...ඔබ ලබා ගන්නා සෑම අඟලක්ම.</i>

1383
01:26:11,791 --> 01:26:13,085
<i>ඒ සියල්ල ආරම්භ වන්නේ පාලනයන් සමඟිනි.</i>

1384
01:26:13,251 --> 01:26:16,422
<i>පාලනයන් ඔබේ සිතුවිලි වල
දිගුවක් පමණක් බව පැහැදිලිය.</i>

1385
01:26:16,714 --> 01:26:18,716
<i>මෙය විශ්මයජනක ලෙස
හොඳින් නිර්මාණය කරන ලද ගේම් එකකි...</i>

1386
01:26:19,008 --> 01:26:21,650
<i>...මක්නිසාද යත් එය මිය යාමේ කලකිරීම
 බාධාවකින් තොරව වළක්වන බැවිනි...</i>

1387
01:26:21,804 --> 01:26:23,846
<i>...ඔබේම කෝපයෙන් ඔබව ආරක්ෂා කර ගැනීමෙන්.</i>

1388
01:26:23,871 --> 01:26:25,556
<i>ඔබට අවශ්‍ය තරම් කාලයක් ගත කළ හැකිය...</i>

1389
01:26:25,581 --> 01:26:27,349
<i>...මේ ඇදහිය නොහැකි ලෝකයේ අතරමං වෙන්න.</i>

1390
01:26:27,641 --> 01:26:30,436
<i>නමුත්, ජයග්‍රහණය කිරීමේ හදිසිය,
මෙම විශිෂ්ට ක්‍රීඩාව නිර්වචනය කරයි.</i>

1391
01:26:31,175 --> 01:26:32,271
වීඩියෝ විචාර, මචං.

1392
01:26:33,673 --> 01:26:35,941
ඔයා මොකක්ද කරන්නේ?

1393
01:26:39,173 --> 01:26:41,488
ඔතන ඉදන් මොකක්ද කරන්නේ?

1394
01:26:43,782 --> 01:26:47,453
මට ඇත්තටම තේරෙනවා වගේ කෙනෙක්ව දකින්න.

1395
01:26:48,092 --> 01:26:50,247
ඔයා ඒක දිහා බලලා,
හිතන්නෙ ඒක ලේසියි කියලා...

1396
01:26:50,539 --> 01:26:53,042
ඔයා ගේම් එකක් හැදුවා,
ඒත් ඔයා ඇත්තටම ඒකට හැම දෙයක්ම දැම්මා.

1397
01:26:53,417 --> 01:26:57,671
නමුත් ඔයා කරන දේ දැනගෙන හිටියා.
ඒක ලේසි නැහැ. හැමෝටම ඒක කරන්න බැහැ.

1398
01:26:58,025 --> 01:27:02,290
හොඳයි, මම හිතන්නේ මිනිස්සුන්ට ඒක තේරෙනවා.
ඒක හරිම පිස්සුවක්.

1399
01:27:02,315 --> 01:27:06,203
මිනිස්සු ඒක තේරුම් ගන්නවා කියලා අහන්න ලැබීම සතුටක්,
ඒක මම එයාලට කියන්න ඕනේ.

1400
01:27:08,599 --> 01:27:13,145
ඔව්, ඒක නියමයි,
නියම විචාරයක්.

1401
01:27:16,558 --> 01:27:18,359
මොන පිස්සු අවුරුද්දක්ද...

1402
01:27:19,017 --> 01:27:20,611
වටිනවා කියලා දැනෙන්න පටන් අරන්.

1403
01:27:21,904 --> 01:27:22,671
චුට්ටක් විතර.

1404
01:27:23,906 --> 01:27:26,492
වටිනවා කියලා දැනෙන්න පටන් අරන්.

1405
01:27:36,882 --> 01:27:41,585
ඔයාට කැමැත්ත, අගය කිරීම ඕනෙ.

1406
01:27:42,374 --> 01:27:44,510
ඔයාට ඔයා කරන දේ මිනිස්සු පිළිගන්නවා
දකින්න ඕන.

1407
01:27:46,685 --> 01:27:52,184
ඔයා දන්නවනේ, ඔයා මෙච්චර කාලයක්
අර්ධ රහසිගතව ව්‍යාපෘතියක වැඩ කරනවා.

1408
01:27:52,209 --> 01:27:56,188
ඔයාට ඒක එළියට පෙන්නන්න බෑ.
එච්චර දෙයක් කරන්න බෑ, නැත්තම් ප්‍රතිපෝෂණ ඕන නෑ.

1409
01:27:56,289 --> 01:28:00,693
ඔයාට ඕන සුළු අගය කිරීමක් විතරයි.

1410
01:28:02,489 --> 01:28:03,737
හොඳයි, කොහොම හරි මම කරනවා.

1411
01:28:04,738 --> 01:28:08,450
ඒක හරියට සමහරු කියන "මිනිස්සු මේක ගැන
මොනවා හිතුවත් මට වැඩක් නෑ" වගේ

1412
01:28:08,475 --> 01:28:12,579
මිනිස්සු හිතන දේ මට වැදගත් වගේ.
මට එහෙම නොවුනා නම් කියලා මම ප්‍රාර්ථනා කරනවා.
ඒත්, මම ඒ ගැන හිතනවා.

1413
01:28:14,482 --> 01:28:15,582
ඒක ටිකක් මෝඩයි.

1414
01:28:15,607 --> 01:28:19,545
මම ඒ දේවල් ගැන කොච්චර සැලකිලිමත්ද
කියන එක ගැන මටම ටිකක් කේන්තියි.

1415
01:28:19,837 --> 01:28:22,298
ඔව්, මම ඒ තරම් ගණන් නොගත්තනම් කියලා මම හිතනවා.

1416
01:28:22,323 --> 01:28:28,721
ඒක හරියට මට ඕනෑම විදියක
ආදරයක් සහ ප්‍රතිපෝෂණයක් අවශ්‍යයි වගේ.

1417
01:28:29,888 --> 01:28:33,142
ඊයේ රෑ, Destructoid ඒ ගැන පළ කළා.

1418
01:28:33,394 --> 01:28:36,020
ඒ වගේම, එයාලට 'Retweet' සහ 'Like' තියෙනවා.

1419
01:28:36,395 --> 01:28:41,942
ෆේස්බුක් එකේ ලයික් 11,000ක් සහ රීට්වීට් 200ක්
ලැබුණා කියලා කියනවා.

1420
01:28:42,053 --> 01:28:43,944
දෙවියනේ, ලයික් 11,000ක්!

1421
01:28:44,147 --> 01:28:48,907
ඒ වගේම, ඒක ඇත්තටම මට
ලොකු හයියක් වුණා.

1422
01:28:49,241 --> 01:28:51,785
ඊට පස්සේ, මම ආපහු හෝටලයට ගිහින්
ආයෙත් බැලුවා...

1423
01:28:51,810 --> 01:28:55,289
ඒ වගේම, ඒක අහම්බයක් කියලා තේරුණා,
ඇත්තටම අපිට 'Likes' බිංදුවක් විතරයි තිබුණේ.

1424
01:28:57,249 --> 01:29:00,919
මෝඩ වෙබ් අඩවියකට ලැබෙන ලයික්
 ගැන මම මෙච්චර හිතන්නෙ ඇයි?

1425
01:29:01,253 --> 01:29:04,048
මේ දේවල් මට බලපාන්නේ ඇයි?

1426
01:29:05,174 --> 01:29:08,385
ඒත් එයාල එහෙම කරනවා.
මගේ ට්‍රේලරය මිලියන ගානක් බලනවට මම කැමතියි.

1427
01:29:08,410 --> 01:29:11,739
මට ඕන හැමෝම ගේම් එක
ගැන කතා කරනවා දකින්න.

1428
01:29:11,879 --> 01:29:14,892
ඒකට ඔයාට ළඟා වෙන්න පුලුවන්.

1429
01:29:15,392 --> 01:29:16,518
මොකද ඒක හරියට...

1430
01:29:17,787 --> 01:29:19,897
... එයාලා ඔයාට අහන්න ඕන දේවල් විතරක්
කියනවා වගේ...

1431
01:29:20,272 --> 01:29:22,316
...හොඳයි, ඔයාට අහන්න අවශ්‍ය දේ නෙවෙයි.
ඒත්...

1432
01:29:22,608 --> 01:29:25,402
ඔයා දන්නවනේ, සමහර වෙලාවට මට හිතෙනවා
ගේම් එක පිස්සුවක් කියලා, ඒ වගේම මම පිස්සුවක් කියලා...

1433
01:29:25,427 --> 01:29:26,320
...ඒ වගේම ඒක වැඩ කරන්නේ නැහැ කියලත්.

1434
01:29:26,345 --> 01:29:28,697
ඊට පස්සේ, මේ එක මිනිහෙක් එනවා
"ඔව් මේ ගේම් එක මෝඩයි...

1435
01:29:28,722 --> 01:29:29,948
...ඒකෙ මොකුත්ම වෙන්නෙ නෑනෙ".

1436
01:29:29,973 --> 01:29:31,325
ඉතින්, මම කියන්නේ,
@##වා, ඔයා හරිනෙ.

1437
01:29:31,645 --> 01:29:33,202
FEZ එකේ මොකුත්ම වෙන්නෙ නෑනෙ.

1438
01:29:39,846 --> 01:29:42,795
මට දැනෙන්නේ නෑ...

1439
01:29:43,746 --> 01:29:48,499
...මට ඕන තරම් දේවල් ගැන සැහැල්ලුවෙන්
හා සතුටින් ඉන්න පුළුවන් වුණා.

1440
01:29:48,524 --> 01:29:51,470
මට තාමත් බයයි මම අන්තිමේදී
ජරා ගේම් එකක් හැදෙයි කියලා.

1441
01:29:51,495 --> 01:29:53,514
ඒක ජරා ගේම් එකක් විදිහට මතක හිටීවී...

1442
01:29:53,539 --> 01:29:57,434
ඒක ගොඩක් කල් ඉදන් හැදුව දෙයක්,
ඒ වගේම අන්තිමට හැමෝම කලකිරීමට පත් වෙනවා.

1443
01:29:59,853 --> 01:30:01,271
මටත් ඔයාට කියන්න ආරංචියක් තියෙනවා.

1444
01:30:01,563 --> 01:30:04,483
ඒකෙන් යම් දුරකට සහනයක් දැනේවි
 කියලා බලාපොරොත්තු වෙනවා,

1445
01:30:04,775 --> 01:30:05,442
කියලා දාන්න.

1446
01:30:06,511 --> 01:30:07,820
අපි රැස්වීමක් තිව්වා.

1447
01:30:07,918 --> 01:30:12,574
අපි වාඩි වුණා. හැම දුක්ගැනවිල්ලක්ම,
හැම ගැටලුවක් ගැනම කතා කළා.

1448
01:30:12,991 --> 01:30:15,285
අපි දුක් වුණා, ඒ වගේම එකඟතාවයකට ආවා...

1449
01:30:15,577 --> 01:30:19,415
ඒ වගේම, එයා අත්සන් කරන්න යනවා,
ඒ හැමදේම එයා බලාගන්නවා.

1450
01:30:19,564 --> 01:30:20,464
පුදුමයි.

1451
01:30:20,489 --> 01:30:22,876
ඔව්, ඔක්කොම හරි මචං.

1452
01:30:24,628 --> 01:30:29,174
ඒක තාම අත්සන් කරලා නෑ. ඒත්,
ඒක මගේ උරහිස් වලින් ලොකු බරක් අයින් කළා.

1453
01:30:29,771 --> 01:30:33,679
මට හුස්ම ගන්න ලේසියි වගේ.

1454
01:30:42,264 --> 01:30:45,040
ඒක Knytt Stories වගේ නේද?

1455
01:30:45,065 --> 01:30:45,649
ඔව්!

1456
01:30:45,941 --> 01:30:47,317
පොඩි ගුහා කතාවක්?

1457
01:30:47,477 --> 01:30:47,957
නෑ!

1458
01:30:48,304 --> 01:30:51,989
ගුහා කතාවක් නෑ? මම අදහස් කළේ,
ඇයි එයා පොඩි FEZ තොප්පියක් දාගෙන ඉන්නේ?

1459
01:30:52,014 --> 01:30:55,117
මොකද එයාට 3D බලය ලැබෙන්නේ එතනින්.

1460
01:30:55,151 --> 01:30:56,743
මොකද FEZ එක ඝනකයක්.

1461
01:30:56,804 --> 01:31:01,748
හොඳයි, ඇත්තටම එච්චරයි.
ඒක තමයි මගේ තර්කය.

1462
01:31:03,041 --> 01:31:05,502
මම යාන්ත්‍රණ ටික සම්පූණෙන්ම දැක්කද?

1463
01:31:06,594 --> 01:31:09,728
මූලිකවම, ඔයාට ඊට වඩා බලතල ලැබෙන්නේ නෑ.

1464
01:31:09,753 --> 01:31:12,676
බොස් ෆයිට් නෑ,
නැත්නම් මැරෙන විදියෙ දඬුවම් නෑ...

1465
01:31:13,010 --> 01:31:16,472
ඒකියන්නෙ ඒක ලෝකය විඳිනවා වගේ
සෙමින් හා ප්‍රවේශමෙන් කරන්න ඕන එකක්.

1466
01:31:17,327 --> 01:31:21,435
හරියට නතර වෙලා මල් සුවඳ විඳින සෙල්ලමක් වගේ.

1467
01:31:21,530 --> 01:31:23,812
මම ගේම් එක මොකක්ද කියලා
මිනිස්සුන්ට පැහැදිලි කළාම...

1468
01:31:23,837 --> 01:31:28,150
...ඒ වගේම ඒක කොච්චර මන්දගාමීද,
 උදාසීනද සහ සැහැල්ලුද...

1469
01:31:28,442 --> 01:31:31,778
...ගොඩක් අයට තේරුණා මම ඒකෙන්
මොකක්ද බලාපොරොත්තු වෙන්නේ කියලා.

1470
01:31:34,483 --> 01:31:35,991
අපි පෙන්නපු දේවල් මිනිස්සු රස වින්දා...

1471
01:31:36,283 --> 01:31:39,495
...මේ අපි පිස්සුවෙන් වගේ හදපු
ගේම් එකේ ආරම්භය විතරයි.

1472
01:31:39,520 --> 01:31:42,956
ගේම් එක තාම ඉවර නෑ.
ඒක තාම සම්පූර්ණ දෙයක් නෙවේ.

1473
01:31:43,373 --> 01:31:44,416
මට තවමත් ගොඩක් වැඩ තියෙනවා කරන්න.

1474
01:31:44,441 --> 01:31:49,963
ඉතින් මට දැන්ම ඔක්කොම 'බැංකුවට' ගෙනියන්න බෑ.

1475
01:31:50,255 --> 01:31:53,050
"ඔව්, මම නියම වැඩක් කළා. FEZ අපූරුයි"
කියලා මට කියන්න බෑ.

1476
01:31:55,196 --> 01:31:58,741
මම තවමත් අසාර්ථකත්වයට බය වෙන්න ඕන
කියලා මම හිතනවා.

1477
01:32:22,998 --> 01:32:25,000
ගේම් එක එළියට ආවා.

1478
01:32:25,541 --> 01:32:27,251
ඒක...

1479
01:32:27,284 --> 01:32:30,162
පුවත්පත්වල ගොඩක් අගය කරලා තිබුණා.

1480
01:32:31,803 --> 01:32:34,758
වෝල් ස්ට්‍රීට් ජර්නලයෙනුත් අපිත් එක්ක
 සම්මුඛ සාකච්ඡාවක් තිබුණා.

1481
01:32:35,717 --> 01:32:41,014
ඒක මෙච්චර කාලෙකට තිබුණ
ඉහළම 'මෙටාක්‍රිටික්' ලකුණු ගත්තා...

1482
01:32:41,039 --> 01:32:42,296
Xbox Live එකේ.

1483
01:32:42,420 --> 01:32:46,895
අපි පිටපත් 22,000ක් විකුණුවා.

1484
01:32:48,251 --> 01:32:50,440
ඔව්.

1485
01:32:51,024 --> 01:32:53,652
මට දැනෙන්නෙ, මම හරියට...

1486
01:32:53,677 --> 01:32:57,406
මගේ මුළු වෘත්තීය ජීවිතයේම පළවෙනි වතාවට...

1487
01:33:00,399 --> 01:33:04,621
මම සාර්ථකව යමක් කළා ...

1488
01:33:05,289 --> 01:33:08,458
...බහුතරයක් දෙනා කැමති වෙන විදියෙ.

1489
01:33:08,750 --> 01:33:11,545
ඒක ඈත් කරන අත්දැකීමක් නෙවෙයි.

1490
01:33:13,967 --> 01:33:19,939
මම අන් අයව ඈත් කරන ගේම්
හදන එකට කුප්‍රකටයි.

1491
01:33:19,964 --> 01:33:23,508
එහෙම නැත්නම්, කාටවත්
තේරුම් ගන්න බැරි විදියෙ ඒවා.

1492
01:33:23,575 --> 01:33:28,729
සම්පූර්ණ විශ්වීය ප්‍රශංසාවක්
තියෙන දෙයක් කරන්න...

1493
01:33:29,167 --> 01:33:31,690
මට ඒක හිතාගන්න බෑ....

1494
01:33:31,982 --> 01:33:33,374
මම අන්තිමට යමක් හැදුවා...

1495
01:33:33,399 --> 01:33:35,088
... හොද දෙයක්.

1496
01:33:36,653 --> 01:33:42,805
මම දන්නවා ළමයෙක් ඉන්නවා...

1497
01:33:42,872 --> 01:33:45,037
මුළු රෑම ඇහැරගෙන...

1498
01:33:45,329 --> 01:33:46,830
ගේම් එක එළියට එනකල්.

1499
01:33:47,122 --> 01:33:51,049
ඊළඟ දවසේ ඉස්කෝලෙ යන්නෙත් නෑ.
මොකද එයා ඒ ගේම් එකට ගොඩක් කැමති නිසා.

1500
01:33:51,153 --> 01:33:54,796
ඉස්සර මගේ අත්දැකීම් ඊටත් එහා.

1501
01:33:55,088 --> 01:33:57,163
මම හිතනවා මට කරන්න පුලුවන් වෙයි කියලා...

1502
01:33:57,188 --> 01:34:00,172
මේ ළමයට නිර්මාණශීලීව හිතන්න
පුලුවන් වෙන විදියෙ බලපෑමක්.

1503
01:34:00,197 --> 01:34:05,098
"මම දන්නවා මේක හැදුවේ දෙන්නෙක් කියලා.
සමහරවිට මටත් මොනවා හරි හදන්න පුළුවන්?"

1504
01:34:09,436 --> 01:34:11,521
ඒක නියමයි.

1505
01:34:15,108 --> 01:34:16,985
ඒක ඇත්තටම නියමයි.

1506
01:34:18,236 --> 01:34:20,155
ඒක සිරාවටම හොඳයි කියලා දැනෙනවා.

1507
01:34:40,635 --> 01:34:46,364
<i>2010 දී වැඩිම ප්‍රතිචාර ලැබූ XBox ගේම් අතරින්
Super Meat Boy 4වැනි ස්ථානය ගත්තා.</i>

1508
01:34:47,782 --> 01:34:52,504
<i>මේ වන විට එය පිටපත් 1,000,000කට වඩා විකිණී ඇත.</i>

1509
01:34:52,684 --> 01:34:54,018
ඒකෙන් කොටසක් නම්...

1510
01:34:54,043 --> 01:34:57,151
වෘත්තීයමය වෙන්න උත්සාහ නොකිරීමයි.

1511
01:34:57,196 --> 01:35:01,238
ගොඩක් අය ඉන්ඩි ගේම් හදනවා...
ලොකු සමාගමක් වගේ වෙන්න හදනවා.

1512
01:35:01,571 --> 01:35:03,151
ඒ සමාගම් කරන්නෙ...

1513
01:35:03,176 --> 01:35:05,784
...එයාල හදනව සුපිරිම දේවල්...

1514
01:35:05,809 --> 01:35:08,662
...පුලුවන් තරම් විශාල ප්‍රේක්ෂක පිරිසකට
දෙන්න පුලුවන් විදියෙ.

1515
01:35:08,854 --> 01:35:13,276
<i>ටොමීට ඔහුගේ දෙමාපියන්ගේ ණය ගෙවීමට හැකි විය.</i>

1516
01:35:13,500 --> 01:35:15,377
ඒක කරන විදිය තමයි...

1517
01:35:15,431 --> 01:35:17,462
....කොතනක හරි ගැටිත්තක් තියෙනව නම්
ඒව පුරවන එක.

1518
01:35:17,754 --> 01:35:19,506
එතන තියෙන්නෙ තියුණු කොනක් නම්,

1519
01:35:19,536 --> 01:35:22,092
මොනම දේකට මුහුන දුන්නත්,
ඒකෙන් කාටවත් අවුලක් නොවෙන්න ඕන.

1520
01:35:22,384 --> 01:35:26,596
අන්න ඒ විදියෙ වාණිජ නිෂ්පාදනයක් හදන එක,...

1521
01:35:26,621 --> 01:35:29,266
පුද්ගලික නිර්මාණයක් කරන එකේ තනිකරම අනික්පැත්ත!

1522
01:35:29,324 --> 01:35:31,552
<i>ඩැනෙයෙල් එයාගෙ ලෝම නැති පූසා ගත්තා.</i>

1523
01:35:31,674 --> 01:35:34,180
<i>ඒ වගේම, අලුත් ගෙදරක්.</i>

1524
01:35:34,269 --> 01:35:37,336
<i>එඩ්මන්ඩ් සහ ටොමී, එයාලගෙ
ඊළග ගේම් එක පටන්ගත්තා.</i>

1525
01:35:37,524 --> 01:35:40,402
පුද්ගලික දේවල් වලට අඩුපාඩු තියෙනවා.

1526
01:35:40,427 --> 01:35:42,098
ඒ වගේම අවදානම් තියෙනවා.

1527
01:35:42,123 --> 01:35:44,783
ඔයාට කාගෙහරි අඩුපාඩුවක් පේන්නෙ නැත්නම්...

1528
01:35:44,808 --> 01:35:48,243
ඔයා එයාල එක්ක ගොඩක් දුරට
පුද්ගලිකව සම්බන්ධ වෙලා නැතුව ඇති.

1529
01:35:48,303 --> 01:35:50,636
<i>ෆිල් තවමත් FEZ හදනවා.
ඔහු එය 2012 මුලදි නිකුත් කරන්න සැළසුම් කරයි.</i>

1530
01:35:50,719 --> 01:35:52,969
<i>ඔහුට වැඩේ ප්‍රමාද කරන්න අදහසක් නෑ.</i>

1531
01:35:53,102 --> 01:35:55,625
ගේම් ඩිසයින් වලදිත් ඒක එහෙමමයි.

1532
01:35:55,666 --> 01:35:57,600
<i>ජොනතන්, Braid ගැන පසු විපරමක් කරමින් සිටී.</i>

1533
01:35:57,625 --> 01:35:59,967
<i>"The Witness" 2012 දී නිකුත් කෙරේ.</i>
මම ඒක හැදුවෙ හරියට...

1534
01:35:59,992 --> 01:36:02,990
මගේ ගැඹුරුම අඩුපාඩු
සහ අවදානම් අරගෙන...

1535
01:36:03,015 --> 01:36:04,723
...ඒවා ගේම් එක ඇතුලට දැම්මා.

1536
01:36:04,748 --> 01:36:07,390
බලමු මොකද වෙන්නේ කියලා.

1537
01:36:12,404 --> 01:36:17,862
සිංහල Subtitle by: Kasun Miu

1538
01:36:17,996 --> 01:36:42,912
Game Development ගැන සිංහලෙන් දැනගන්න:
<font color="red" size="25"> YouTube</font><font color="white" size="25">/@</font><font color="yellow" size="25">KasunMiu </font>

